Translate

Saturday, April 11, 2015

නූතන වන කතාව

සුප්‍රසිද්ධ ඉංගී‍්‍රසි ලේඛක රඩ්යාඩ් කිප්ලිංගේ වන කතා මාලාවේ මෞග්ලී නම් වන දරුවාගේ කතාව ‘ද ජන්ගල් බුක්’ (1894) රචිත කතාන්දරය පසු කලෙන බී. පී. තුමා විසින් වෘක පෝතකයින් සදහා හදුන්වා දෙනු ලැබිණ.
මෝග්ලී වික්‍රම, වනකතාව අාදී විවිධ නම් වලින් මෙම පොත සිංහල භාෂාවෙන් මුදණය වී අැත. කිප්ලිංගේ මෙම වන දරුවා මධ්‍යම ඉන්දියාව පදනම් කරගනිමින් සාහිත්‍ය ලෝකයක දෙවනත් කරනු ලැබු අතර ඒය සැබෑවත් මිත්‍යාවත් අතර නිරන්තර අරගල අැති කරන්නට විය.

රුසියාවේ සැබෑ මෞග්ලී දැරියක ගැන ඉකුත් සතියේ වාර්තා වීමත් සමග පැරණි වන කතාව නැවතත් කරළියට පැමිණෙමින් තිබේ. ඇය නමින් කරීනා චිකිතෝවා ය. වයස අවුරුදු 3ක දැරියකි. කරීනා දින දොළහක් එක දිගට රැය හා දහවල සයිබීරියානු වනාන්තරයේ තනි වී සිටියාය. ඇයගේ තනියට සිහියේ කුඩා බැල්ලක පමණි.කෙසේ වෙතත් දින දොළහකට පසුව සොයාගනු ලැබූ දැරිය වෛද්‍ය ප්‍රතිකාර සඳහා වහ වහා රෝහල් ගත කෙරුණු අතර ඇයගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා යහපත් බව වෛද්‍යවරුන්ගේ නිගමනයයි. සැබෑ වග වළසුන්ගෙන් ගහණ ඝන වනාන්තරයේ අතරමං වී සිටි ඇය ජීවතුන් අතර සිටීම ද පුදුමයකි. ඇය මුදවාගැනීම සදහා සති පහකට හා රුසියාවේ ප්‍රධාන පෙළේ රෝහල් දෙකක නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු ඉකුත් සතියේ ඇය තමාගේ සෙකා ජනරජ ප්‍රදේශයේ දුෂ්කර ගම්පියසේ පිහිටි නිවසට ගියාය. ඒ තනිවම නොව දින දොළහක් තිස්සේ තමා රැකබලා ගත් නායිදා නම් සුරතල් බලු පැටික්කිය ද සමගිනි.දැඩි ශීතල රාත්‍රි කාලවල දැරියගේ ශාරීරික උෂ්ණත්වය ආරක්ෂා කරමින් ඇයත් සමග සිටියේ නායිදා ය. සතියකට වැඩි කාලයක් තිස්සේ අධික කුසගින්නේ හා වෙහෙසට පත්ව සිටි නායිදා ද මේවන විට දැඩිසේ දුර්වල ව සිටියි.

‘ද සයිබීරියන් ටයිම්ස්‘පුවත්පත පෙන්වා දෙන පරිදි මෑත ජූලියේ දිනක ටයිගාවට (ටයිගා නම් ශාක විශේෂය බහුල වනයට කියන නමකි) ගිය පියා පසු පස ඔහු නොදැනුවත්ව කරීනාද පස්සෙන් වැටී තිබේ. නිවසේ සිට කිලෝමීටර් ගණනාවක් වනාන්තරය තුළට ගිය පසු ඇය අතරමංවී ඇත. ඇයට ජීවිතය පිළිබඳ බලාපොරොත්තු අත්හරින්නට සිදුවී තිබේ. දුරකතන සබඳතා හො නොපවත්නා දුෂ්කර නිවසේ පියා සමග විසූ දැරිය රැකබලා ගැනීමට තමා කෙරෙහි රඳවා තබා යන ලෙස දැරියගේ ආච්චි ඇයගේ පියාට ඒත්තු ගන්වා ඇතත් දැරිය පියා සමග ගොස් ඇති බව ආච්චි පවසයි. දින කිහිපයකට පසු ඇගේ ත්‍රාසයට පත් මව අයිතාලිනා තම දියණිය නොමැති බව දැනගෙන ඇත. කෙසේ වෙතත් දැරියගේ අතුරුදහන්වීම පිළිබඳ පවත්නේ එකිනෙකට පරස්පර අදහස්ය.

ඉන්දියාවට පමණක් කුඩාවිය හැකි රුසියාවට අයත් අති විශාල භූමි පෙදෙසකින් යුතු ප්‍රාන්තයක් වන‘සෙකා ජනරජ' පෙදෙස්වල සිට දැවැන්ත සෝදිසියක් දියත්විය. කෙසේ වුවත් දින දොළහකට පසු ඇය හමුවන විට තණ බිස්සකින් ගැවසි වළක ඇය වැටී සිටි අතර ඇයගේ මුහුණ මදුරුවන්ගේ රජදහනක් වී තිබිණි. සැබවින්ම ඇය ජීවිතයත් මරණයත් අතර දිවියේ දුෂ්කරතම අවදියක් පසුකරමින් සිටියාය. ගංගාවල දිය බොමින්,බෙරි ගෙඩි ආහාරයට ගනිමින් ජීවත් වුවද ඒ වන විට ඇය මන්ද පෝෂණයෙන් පීඩාවට පත්ව සිටියාය. වෛද්‍යවරුන් වහා ඇයට ඇයගේ පැවති ශාරීරික බර නැවත ලබා ගැනීමට සහය වූ අතර පරීක්ෂා කිරීමේදී ඇයට වෙනත් අතුරු ආන්තරාවක් සිදුව නොමැති බව අනාවරණය විය. මේවන විට ඇයගේ සෞඛ්‍යාරක්ෂිත බව තහවුරුවී තිබේ.

ඇයට ප්‍රතිකාර කළ යකුත්ස්ට් නාගරික ළමා රෝහලේ වෛද්‍ය ෆෙදෝරා ගොගලේවා මෙසේ පවසයි.

“ගෙවී ගිය දවස් ටිකේ වෙච්චි දේවල් ඔක්කොම මොනවද කියලා අපි ඇයගෙන් ඇහුවේ නෑ. ඇය ඒ දේවල් අමතක කරන්න උත්සාහ කරමිනුයි ඉන්නේ.කොහොමද නිදාගෙන හිටියේ. මොනවද ඇයට හැඟුණේ කියලා විතරයි අපි ඇයගෙන් ඇහුවේ.."

වෛද්‍යවරිය කියා සිටින පරිදි මෙම සයිබීරියානු සම්භවයක් සහිත දැරියගේ ආච්චි අම්මා දැරිය සමග කැලයට ගොස් ඇයට බෙරි ගෙඩි කෑමට සලස්වන්නට ඇත. වනය පිළිබඳ කිසි විටෙකත් බියක් ඇති කරවීමට මෙම වැඩිහිටන් කල්පනා නොකරයි.එය කුඩා දරුවන් ශික්ෂණය කිරීමේ එක් මාදියකි. ඒ නිසාම දැරියටද වනය පිළිබඳ කිසිදු තැතිගැන්මක් හෝ අවදානමක් ඇති නොවීම පුදුමයට කරුණක් නොවන බව වෛද්‍යවරිය පෙන්වාදෙයි.

“මේක නගරයක් නෙවෙයි. ඉතා දුර බැහැර දුෂ්කර ගම්මානයක්.මෙම පෙදෙස්වල ජීවත්වන ජනයා සොබා දහමට ගොඩක් ළඟයි. ඒකාන්තයෙන්ම ඇය කැලයට යන්නට ඇත්තේ ආච්චි අම්මා සමගයි.ඇයගේ දෙමව්පියනුත් බෙරි කඩන්න කැලයට යන්න ඇති.එහෙම නැත්නම් ඇය කැලයේදී බිය නොවුණේ ඇයි“වෛද්‍යවරිය විමසයි.

වෘත්තීයෙන් තෙරපි විශේෂඥවරියක වන දැරියට ප්‍රතිකාර කළ ලුබෝ කොලෙසෝවා පවසන්නේ මෙවැන්නකි.

“සිදුවූ මෙම අනතුර ගැන ඇය වැඩිය සිහිපත් කරන්නට කැමැත්තක් නෑ. ඇය අම්මට කොච්චර ආදරෙයිද හා පවුල ගැන විස්තර කියන්න ගොඩක් කැමතියි.ඒ වගේම පාට වර්ග,සත්තු මෙන්ම පිංතූර පාට කිරීම ගැන කතා කරන්න ආසයි.ඇය දක්ෂ නිර්මාණාත්මක දැරියක බව ඔබට පෙනෙනවා ඒකාන්තයි“ ලුබෝ කොලෙසෝවා අවධාරණය කරයි.

දැරියගේ මව වන තයිලිනා පවසා ඇත්තේ දැරිය අතුරුදහන්වුණු දිනයේ තමා පිදුරු එකතු කිරීම සඳහා නිවසින් බැහැරට ගොස් සිටි බවයි.

“කරීනා රැකබලා ගත්තේ එයා ආච්චි අම්මා.මගේ සැමියා වෙනත් ගමකට ගමනක් ගිහින් හිටියේ.ඇය කීවේ ඔහු ගියේ කරීනත් එක්කමයි කියලා“මව කියා සිටියි.

සිදුවීම හරි හැටි නොදන්නවා වුවද කරීනා අතුරුදහන්ව සිටියාය.ඇය සොයා වළසුන්ගෙන් ගහණ ඝන වනයේ සන්නද්ධ පිරිස් ක්‍රියාත්මක විය. ඒ අතර දැරිය අසළ දැවටෙමින් ඇය රැකගත් බැල්ලිය වූ නායිදා පිරිස් අතරට පැමිණෙමින් යළි වනය තුළට දුවමින් ඔවුන්ට මග පෙන්වන්නට විය.එහෙත් නායිදා යනු පුහුණු කරන ලද පොලිස් බල්ලෙකු හෝ දඩයම් බල්ලෙකු නොවීය. නිකම්ම නිකම් බැල්ලක විය. කෙසේ වුවත් එක් දිනක වනයේ ගංගාවක් ආශ්‍රිත දැරියගේ පිය සටහන් දකින්නට ලැබුණු අතර ඒ ආසන්නයේම බැල්ලියගේ පා සටහන්ද දක්නට ලැබිණි. සෝදිසි කරන්නන් නිවරදි ඉසව්වට පැමිණ ඇති වග තේරුම් ගත්හ. අවසානයේ ඇය හමුවිය.


Dailymai - ඇසුරිණි. විශේෂ ස්තූතිය ප්‍රියාන්ට



No comments:

Post a Comment