Translate

Tuesday, August 12, 2025

14 වන ඡාතික කබෝරියට උණුසුම් සුභ පැතුම්! 14th National Cuboree 2025

පෝතකයන්ගේ සොඳුරු ක්‍රියාකාරකම් දෙස අපි පිවිතුරු සිතින් බලාසිටින්නෙමු. පෝතක බාලදක්ෂ යනු, කුඩා අවධියේ සිටම එකමුතුකම සහජීවනය මෙන්ම කණ්ඩායම් හැඟීම් ඔප මට්ටම් කරගැනීමට කදිම නවාතැන්පලක් බව සෑම දෙනා අතර ජනප්රිය වූ රහසකි. එවැනි වූ වටපිටාවක් තුළ නිර්මාණය වූ බාලදක්ශ පෝතක අංශය වයස අවුරුදු 7 සිට 11 දක්වා වූ පොඩිත්තන් සඳහාම නිර්මාණය විය. ශ්‍රී ලංකාව පුරා වෙන් වෙන්ව විසිරී සිටින පෝතකයන් එක්‌ ස්‌ථානයකට ගොනුකර කණ්‌ඩායම් හැඟීම, අන්‍යාන්‍ය සුහදත්වය, මිත්‍රශීලීත්වය, සහෝදරත්වය වැඩිදියුණු කිරීමයි කබෝරියක අරමුණ. ශ්‍රී ලංකාවේ පෝතක බාලදක්‍ෂයන් අනුරාධපුරයට එක්‌රොක්‌වී ක්‍රියාකාරකම්, ක්‍රීඩා විනෝද වැඩසටහන් තුළින් තම හැකියාවන් පෙන්නුම් කිරීමට සුවිශේෂ වේ. 
 
එංගලන්තයේදී 1916 දී පෝතක බාලදක්‍ෂ ව්‍යාපාරය නිර්මාතෘ බේඩ්න් පවල්සාමිතුමා විසින් ආරම්භ කරන්නේ කුඩා දරුවන් සමාජයට වුවමනා ආකාරයට විනය ගරුක හා බුද්ධිමත් පුරවැසියන් බවට පත්කිරීමේ පිවිතුරු අරමුණෙනි. ඉතින් වසර 100ක කාලයක්‌ තුළ ලෝකය පුරා රටවල් 216 ක ව්‍යාප්ත වෙලා තියෙනවා. ජාත්‍යන්තර පෝතක බාලදක්‍ෂ සියවස මෙන්ම ශ්‍රී ලංකාවේ පෝතක බාලදක්‍ෂ සියවස ද පූර්ණ වී නව වසරකින් එළබෙන, මීලඟ දශකය අවසානය සනිටුහන් කරමින් මෙරටදී පැවැත්වෙන අවසාන ජාත්‍යන්තර වැඩසටහන ලෙස මෙවර මෙවර පැවැත්වෙන ජාතික කබෝරිය හදුන්වා දිය හැකියි. 
 
14 වන පෝතක බාලදක්ෂ ඡාතික කබෝරිය 
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් සංවිධානය කරන 14 වන ජාතික බාලදක්ෂ කබෝරිය 2025 අගෝස්තු 15 සිට 17 දක්වා අනුරාධපුරයේ වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩා පිටියයේදී පැවැත්වේ. 14th National Cuboree ⚜️ "Happy World" තේමාව යටතේ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය මගින් සංවිධානය කරනු ලබන පෝතක බාලදක්ෂ ඡාතික කබෝරිය සඳහා ශ්‍රී ලංකාවේ පෝතක බාලදක්ෂ 10,000කට වඩා අධික පිරිසක් සහ විදේශීය පෝතක බාලදක්ෂයන් 1,000කට වැඩි පිරිසක් එක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙවර ශ්රී ලංකා බාලදක් මූලස්ථාන කොමසාරිස් රේණුකා සිල්වා ජාතික බාලදක්ෂ කබෝරි සංවිධායක ලෙස කටයුතු කරනු ලැබේ.
 
14 වන ජාතික බාලදක්ෂ කබෝරි පදක්කම
 
අපේ ලස්සන ශ්‍රී ලංකාවට එන්න – ඉතිහාසයෙහි කොටසක් වන්න!

මෙවර ජාතික කබෝරිය යූනෙස්කෝ ලෝක උරුම තැන්පතුවක් ලෙසත්, ආදිකාලීන සිවිල්කරනයක් ලෙසත් ප්‍රසිද්ධ විශිෂ්ට ඉතිහාසයකින් පිරුණු, බෞද්ධ සම්ප්‍රදායෙන් සමන්විත අනුරාධපුර නගරය ආශ්‍රිතව පැවැත්වෙන අතර තෙවන ජාතික ජම්බෝරිය පැවති වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩා පිටිය ඒ සඳහා තෝරාගෙන තිබේ. කබෝරිය ලාංඡනය සහකාර මූලස්ථාන කොමසාරිස් චාමර සඳරුවන් කල්දේරා විසින් නිර්මාණය කර තිබේ.
 
 
🎵 14th National Cuboree Song – New Released!🎵
 
පෝතක බාලදක්ෂ ව්‍යාපාරයේ ආත්මය සහ සහෝදරත්වය මූර්තිමත් කරමින් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ 16වන කොළඹ පෝතක බාලදක්ෂ කණ්ඩායම විසින් 14වන ජාතික කබෝරි නිල ගීතය ඉදිරිපත් කිරීමේ ගෞරවයට පාත්‍ර වේ. ​
 
​පද රචනය: වත්සලා විජේවික්‍රම මහත්මිය (හිටපු ACC -පෝතක) (16 වන කොළඹ බාලදක්ෂ කණ්ඩායමේ සමූහ බාලදක්ෂ නායිකා)
සංගීතය: හරින්ද්‍රි ප්‍රනාන්දු මහත්මිය (සංගීත ගුරුවරිය, STC) 
 
 
 
සතුටුදායක බාලදක්ෂ ක්‍රියාකාරකම් සහ අභියෝග රැසක් සහ ජාත්‍යන්තර මිතුරන් සමඟ අත්දැකීම් බෙදා හදා ගැනීමට ඇති මෙවර ජාතික කබෝරිය මෙරට පෝතක බාලදක්ෂයන්ට අමතක නොවන මතකයන්ගෙන් පිරුණු තෙදිනක අද්විතීය අත්දැකීමක් වනු ඇත.
 
මෙවර පෝතකයන්ගේ ක්‍රියාකාරකම් මොනව ද?

2025.08.15දා ආරම්භක උත්සවයෙන් පසුව 16දා උදේ 9.00 සිට දහවල් 1.00 දක්‌වා පෝතක දරුවන්ගේ අත්වැඩ, චිත්‍ර, ගීත, රඟ දැක්‌වීම්, ඉලක්‌කයට විදීම්, කඹ ඇදීම්, දැල් නැගීම් ආදි ක්‍රියාකාරකම් පැවැත් වේ. මේ අතර සාමූහිකව කටයුතු කිරීම පිළිබඳ දරුවන්ට මෙහිදී ප්‍රායෝගික අවබෝධයක්‌ ලැබෙනවා. 
 
ද ජංගල් බුක්‌

ඒ වගේම 16දා සවස එවකට පෝතක බාලදක්‍ෂ ව්‍යාපාරය ආරම්භ කිරීමට නිමිතිකරගත් ඉංග්‍රීසි ජාතික රඩ්යාඩ් කිප්ලිංග් 'ද ජංගල් බුක්‌' නම් වනකතාව ඇසුරෙන් දරුවන් එළිමහන් සංදර්ශනය පවත්වනවා. මෙහිදී එක්‌ බාලදක්‍ෂ දිස්‌ත්‍රික්‌කයකට සිය දෙනා බැගින් වන සේ සහභාගි වනවා. දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් තමයි ඔවුන් එම ඉදිරිපත් කිරීම් කරන්නේ. පෝතකයන් ආදීවශයෙන් සතුන්ගේ චරිත ඉදිරිපත් කිරීම සිත්ගන්නා සුලු වේවි.

රතුමල

මෙම වැඩසටහනින් පසුව 15දා සවස 6.15 ට පැවැත්වීමට නියමිත ඇත්තේ 'රතුමල' වැඩසටහන සූදානම් කරන්නේ මූලස්‌ථාන කොමසාරිස්‌ වත්සලා විඡේවික්‍රම මහත්මිය විසින්. බාලදක්‍ෂයන්ගේ ගිනිමැල සංදර්ශනය වෙනුවට තමයි පෝතකයන්ට 'රතුමල' හඳුන්වාදී තිබෙන්නේ. පෝතක බාලදක්‍ෂ ව්‍යාපාරය ආරම්භ කිරීමට මූලික වූ රඩ්යාඩ් කිප්ලිංගේ 'වන කතාව' අනුව මවුග්ලි නම් දරුවා හැදුණේ වෘක ගුහාවක. වෘක අම්මාගේ ඉල්ලීමට අනුව ශියර්කාන් නම් කොටියා බය කරන්න තමයි මවුග්ලි ගම්මානයට ගොස්‌ ගින්දර අරන් එන්නේ. එය තමයි 'රතු මලින් ' සංකේතවත් කරන්නේ. එය ළමයින්ගේ අපූරු ඉදිරිපත් කිරීමක්‌ වන බව නම් විශ්වාසයි. 
 
පෝතක ප්‍රදර්ශනය
 
 


 පෝතක බාලදක්‍ෂ කබෝරියට SCOUTING MAGAZINE උණුසුම් සුභ පැතුම්...






 

 
 13වන ජාතික කබෝරි ගීතය
13වන ජාතික කබෝරියේ රතුමල
 
12th National Cubboree Song - 2019 

Over 8,000 Cubs from Sri Lanka, Maldives and India gathered for the 12th National Cubboree of the Sri Lanka Scout Association held on 6-8 April 2019 in Siyane National College of Education, Veyangoda, Gampha District. The Cubboree is Sri Lanka’s largest gathering for Cub Scouts and is organised once every three years. The theme of the event was “Mother Lanka – Our Heritage.” Sri Lankan President Maithripala Sirisena personally attended the event during its opening ceremony and highlighted the importance of expanding and introducing Scouting to more young people in the country. “The Scout Movement plays a very important role in building a generation of young people rich in discipline and virtues. That is why there is a growing need to introduce Scouting to more young Sri Lankans, and have at least 25% of our school children join Scouting,” said President Sirisena. “We are giving special attention to the changes that need to be made in our country’s educational system. We want to prepare our children and build an excellent future for them. That is why we are looking at relevant programmes such as the Scout Movement to help our education experts on this front,” he added further. For the first time, a total of 239 Cub Scouts and leaders from South Asian countries participated the event. The event was also attended by several state officials from the government.