Translate

Thursday, October 22, 2015

SOS

SOS ජාත්‍යන්තර ආපදා සංඥාව

අදහස් හුවමාරු කිරීමේ තාක්ෂණයේ දැවැන්ත පෙරළියක් කරමින් 1840 ගණන්වලදී සැමුවෙල් මෝස් නමැත්තා නවීන විද්‍යුත් පණිවිඩ හුවමාරු ක්‍රමයක් හඳුන්වා දුන්නා. කෙටි හෝ දීර්ඝ සංඥාවක් ලැබෙනවා. කෙටි සංඥාවක් තිතක් ලෙසත් (.) දීර්ඝ සංඥාවක් ඉරක් ලෙසත් (-) සටහන් කරගන්නවා. අංකයක් හෝ අකුරක් නියෝජනය වන ආකාරයට එම තිත් හා ඉරි පිළිවෙළින් තබන ක්‍රමයද මෝස් හඳුන්වා දුන්නා. නාවිකයන්ද මෝස් සංඥා ක්‍රමය භාවිත කළා. නමුත් රැහැන් වෙනුවට ඔවුන් භාවිත කළේ ආලෝකයයි. යම් පණිවිඩයක් යවන විට තිත නියෝජනය කිරීමට කෙටි වේලාවකට ආලෝකය විහිදුවීමත් ඉර සඳහා දිගු වේලාවක් ආලෝකය විහිදුවීමත් සිදු කළා. පසුව හදිසි අවස්ථාවලදී භාවිත කිරීම සඳහා ඉතා සරල මෙන්ම විශේෂිත වූ සංඥාවක් ඔවුන් යොදාගත්තා. ඒ සඳහා තිත් තුනක්, ඉරි තුනක්, හා නැවතත් තිත් තුනක් යන සංකේතය භාවිත කළා. ඉන් නියෝජනය කළේ “SOS” යන ඉංග්‍රීසි අකුරු තුනයි.

“මේඩේ! මේඩේ! මේඩේ!” මෙම අන්තර්ජාතික ගුවන්විදුලි ආපදා සංඥාව භාවිත කරන්නේ නැව් සහ ගුවන් යානාවල සිදු වන හදිසි තත්වයන්වලදීයි. ගුග්ලිඑල්මෝ මාකෝනි විසින් 1901දී අත්ලාන්තික් සාගරයේ එක් කෙළවරක සිට අනික් කෙළවරට ගුවන්විදුලි සංඥා විකාශනය කළ ප්‍රථමයා බවට පත් වුණා. ඒ අනුව හදිසි අවස්ථාවකදී ගුවන්විදුලි තරංග යොදාගනිමින් සංඥා යැවීමට ඔවුන්ට හැකි වුණා. ඒ වුණත් කටහඬ විකාශනය කරන මට්ටමට ඔවුන් පැමිණ තිබුණේ නැහැ. “මේඩේ! මේඩේ! මේඩේ!” යන සංඥා ක්‍රමය දක්වා පැමිණීමට ඔවුන්ට තව ටික කලක් ගත වුණා.

ජාත්‍යන්තරව පිළිගත් Morse code SOS ආපදා සංඥා මුලින්ම නිකුත් කෙරුණේ ද ටයිටැනික් නැව ගිලීමේදී බවයි. මාකෝර්ණි සංඥා කරුවන් පැරණි CQD සංඥා ක්‍රමයම භාවිතා කරමින් SOS සංඥා භාවිතා කිරීමට මැලිකමක් දැක්වුවද, SOS ක්‍රමය 1908 සිට ජත්‍යන්තරව භාවිතයේ පැවතුණි. ටයිටැනික් හී ගුවන් විදුලි සංඥා කරු CQD හා SOS යන දෙවර්ගයේම සංඥා නිකුත් කොට තිබුණි. 

සාර්ථක ලෙස 1906දී රෙජිනල්ඩ් ෆෙසන්ඩන් විසින් කතාවක් හා සංගීත වැඩසටහනක් ගුවන් තරංග ඔස්සේ සාර්ථක ලෙස විකාශනය කළා. කිලෝමීටර් 80ක් පමණ ඈත මුහුදේ සිටි නාවිකයන්ටත් ඔවුන්ගේ ගුවන්විදුලි උපකරණ මගින් ඊට සවන් දීමට හැකි වුණා. පසුව 1915දී ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ සිට කිලෝමීටර් 14,000කටත් වඩා ඈතින් තිබූ පැරීසියේ අයිෆල් කුලුන දක්වා සජීවී ගුවන්විදුලි වැඩසටහනක් ඉදිරිපත් කළා. එය ඇසූ බොහෝදෙනෙක් පුදුමයෙන් පුදුමයට පත් වුණා. එපමණක් නොව 1922දී ඇමරිකාවේ නිව් ජර්සි ඩීල් බීච්හි සිට කිලෝමීටර් 600කටත් වඩා ඈත මුහුදේ ගමන් කරමින් තිබූ S.S. ඇමරිකා නමැති නෞකාව සමඟ ප්‍රථම වරට අදහස් හුවමාරු කරගැනීමටද හැකි වුණා.

හදිසි අවස්ථාවකදී තේරුම්ගත හැකි ආපදා සංඥාව වර්ෂ 1920 ගණන්වල හා 1930 ගණන්වල සිටි නාවිකයන් බොහෝදෙනෙක් එම ක්‍රමය භාවිත කරමින් පහසුවෙන් අදහස් හුවමාරු කරගැනීමට පටන්ගත්තා. නමුත් නැව්වල විවිධ භාෂා කතා කළ අය සිටි නිසා හදිසි අවස්ථාවකදී ඕනෑම කෙනෙකුට පහසුවෙන් තේරුම්ගත හැකි ආපදා සංඥාවක් නිකුත් කිරීම නැව් කපිතාන්වරුන්ට අභියෝගයක් වුණා. ඒ නිසා 1927දී ජාත්‍යන්තර විදුලි සංදේශ සංවිධානය මගින් “මේඩේ” යන වචනය ජාත්‍යන්තර ආපදා සංඥාව ලෙස ප්‍රකාශයට පත් කළා.
 
110 හදිසි ගිනි නිවීම හා හදිසි අනතුරු ගිලන් රථ සේවාවන් සඳහා
114 යුධ හමුදා මෙහෙයුම් ඇමතුම් ඒකකය :
116 ගුවන් හමුදා ඇමතුම් ඒකකය
...See More

110 හදිසි ගිනි නිවීම හා හදිසි අනතුරු ගිලන් රථ සේවාවන් සඳහා
114 යුධ හමුදා මෙහෙයුම් ඇමතුම් ඒකකය:
116 ගුවන් හමුදා ඇමතුම් ඒකකය
118 ජාතික ආරක්ෂාව පිළිබඳ මෙහෙයුම් මධ් යස්ථානය
119 පොලිස් හදිසි ඇමතුම් සේවා
අංක හතරේ කෙටි දුරකථන අංක
සැ. යු. 1929 සහ 1948 දුරකථන අංක සඳහා ඇමතුම් ගාස්තු නිදහස් වන අතර අනෙකුත් සියලුම අංකයන් සඳහා සමන් ය දුරකථන ගාස්තු අයකරනු ලැබේ.
1900 විදුලි සංදේශ සේවාවන් සම්බන්ධ පැමිණිලි ශ් රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව
1901 විදුලිය බිඳ වැටීම සම්බන්ධ පැමිණිලි-විදුලිබල හා බලශක්ති අමාත් යංශය
1905 රාජ් ය ආයතනවලින් සිදුකරන සේවාවන් හිදී ජනතාවට සිදුවන දුෂ්කරතාවයන් දැනුම් දීම රාජ් ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත් යංශය
1909 ජංගම දුරකථනවල imei අංකය පරික්ෂා කර නිර්වද් යතාවය තහවුරු කර ගැනීම-ශ් රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව
. 1910 (Leco) ආයතනය මගින් විදුලිය ලබාදෙන ප් රදේශවල විදුලිය බිඳ වැටීම සම්බන්ධ පැමිණිලි.
1911 විභාග පිළිබඳ තොරතුරු ලබාගැනීම ශ් රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
1912 සංචාරක පැමිණිලි-සංචාරක කටයුතු අමාත් යංශය
1918 උසස් අධ් යාපන කටයුතු ආශ් රිත තොරතුරු විමසීම-උසස් අධ් යාපන අමාත් යංශය
1919 රාජ් ය තොරතු කේන්ද් රය
1920 කෘෂි කර්මාන්තය ආශ් රිත තොරතුරු විමසීම.- කෘෂිකර්ම සංවර්ධන අමාත් යංශය
1922 තම ගනුදෙනුකරුවන්ට අවශ් ය බැංකු සේවා උපදෙස් ලබාදීම-රාජ් ය උකස් හා ආයොජන බැංකුව
1929 ළමා අපයෝජනය හා ළමුන් ආරක්ෂා කිරීම සඳහා පැමිණිලි ඉදිරිපත් කිරීම
1933 ළමා සහ කන්තා හිංසනය පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කිරීම.
1939 ජල සම්පාදනයට අදාළ පරිභෝගික ගැටලු පිළිබඳ විමසීම-ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය
1948 නීති විරෝධි මත්ද් රව් ය අලෙවිය හා භාවිතය පිළිබඳ තොරතුරු දැනුම් දීම-දුම්කොළ හා මද් යසාර පිළිබඳ ජාතික අධිකාරි
1954 අල්ලස් දුෂණ හෝ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
1955 දුරගමන් සේවා බස් රථ වලින් මගීන්ට සිදුවන අපහසුතාවයන් පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කිරීම-ජාතික ගමනාගමන කොමිෂන් සභාව
1956 භාෂා ගැටලු විමසීම.
1968 වරාය හා මහාමාර්ග අමත් යංශයේ තොරතුරු හා සන්නිවේදන මධ් යස්ථානය
1969 මෙහෙයුම් මධ් යස්ථානය සමග සබඳතා පවත්වා ගැනීම.- දක්ෂිණ අධිවේගී මාරග මෙහෙයුම්
1970 විශ් රාමික රාජ් ය සේවකයින්ගේ ප් රශ්න හා පැමිණිලි-විශ් රාම වැටුප් දෙපාර්තමේන්තුව
1973 ශ් රී ලංකන් ගුවන් සේවය
1979 ශ් රී ලංකන් ගුවන් සේවය ගුවන් සේවාවන් පිළිබඳ තොරතුරු ලබගැනීම
1984 අන්තරාදායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය-අන්තරාදයක ඖෂධ භාවිත කරන්නන් එයින් මුදවා ගැනීම - උපදේශන සේවා
1987 විදුලිය බිඳ වැටීම සම්බන්ධ පැමිණිලි - ශ් රී ලංකා විදුලිබල මණ්ඩලය
1988 අධ් යාපන අමාත් යංශය තොරතුරු ලබගැනීම.
1989 විදේශ සේවා නියුක්ති කර්යංශය
1990 ෆැල්ක් මෙඩ් වන් පුද්ගලික සමාගම-හදිසි වෛද් ය සේවා තොරතුරු හා ගිලන් රථ සේවාවන් ලබාගැනීම
1991 පරිසර හා ස්වභාවික සම්පත් අමාත් යංශය-පරිසර හා ස්වභාවික සම්පත් අශ් රිත පැමිණිලි

No comments:

Post a Comment