Translate

Wednesday, May 27, 2020

පශ්චාත් කොරොනා සහ ශ්‍රී ලංකාවේ බාලදක්ෂ කටයුතු

 

පශ්චාත් කොරොනා ලෝකය තුළ පෘතුවියේ අනාගතය පිළිබඳ වගකිම තරුණ පරපුර ගැඹුරු අවබෝධයකින් තම දෑත් වලට පවරාගත යුතුය. එහිදි අප සාමාන්‍ය ජන ජිවිතය ලෙස ඇරඹිය යුත්තේ කලින් පැවැති ජීවිතයම නොවේ. වෙනස් ජීවිතයකි. ලෝකයේ සාමාන්‍ය ජන ජීවිතය නැවති මාස 2 ක් ඉක්ම යමින් තිබේ. අභියෝගය වන්නේ නැවත සාමාන්‍ය ජන ජිවිතය ඇරඹීම නොවේ. සාමාන්‍ය ජන ජීවිතය වෙනදාට වඩා වෙනස් ආකාරයට පටන් ගැනීමයි.

 

කොරොනා එන්නට පෙර යුගයේ පැවැති අති ධාවනකාරි අධි පරිභෝජනවාදි දැඩි විෂමකාරි ජීවන රටාව නැවත වැළඳ ගැනීම නම් එය කොරොනා ඉගැන්වූ සමාජ ආර්ථීක පාරිසරික දේශපාලනික පාඩම් අමතක කර දැමීමකි. කොරොනා කාලයට පෙර තිබු පාරිභෝජනවාදි සිහින වෙනුවට වෙනස් සාමුහිකවාදි පරිසර හිතවාදි සිහින ඇති තරුණ තරුණියන් ලෙස සාමාන්‍ය ජන ජිවිතය පටන් ගැනීමට සිදුව තිබේ. මාස දෙකක තුනක ඇරියස් කවර් කිරීමට යැයි සිතා කොරොනා කාලයට පෙර සිටියාටත් වඩා අතිධාවනකාරිත්වයකට ඔබට ඇතුල් වීමට සිදුවනු නියතය. මිලිටරිවාදය, ජාතිවාදය වැනි අඳුරු මතවාදයන්ගෙන් නිදහස් විය හැකි නම්... 

මම’ ගැනම සිතන පෞද්ගලිකවාදයේ ආත්මාර්ථකාමි ජීවිතයට පසු නොබැස ජීවිතයේ කොටසක් පවුල වෙනුවෙන්, ලෝකය වෙනුවෙන් වැය කිරිමට අදිටන් කරගත් තරුණයෙකු තරුණියක ලෙස සාමාන්‍ය ජන ජීවිතය පටන් ගමු. වඩාත් හොඳ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ගෙවතු වගාව වැනි දැ සඳහාත් දෛනික ජීවිතයේ කාලයන් වෙන් කරගත්, තරුණ තරුණියන් ලෙස සාමාන්‍ය ජන ජීවිතය පටන්ගමු. වත්මන් ජිවන ශෛලියේ වෙනසක් සමඟ මුළු ලොවටම නවෝදයක් උදා කිරිමට තරුණ පරපුර තුළ නොනවතින ක්‍රියාන්විතයක් දියත් කිරිමට පහසුකම් සැපයීම වැඩිහිටි සියලු දෙනාගේ යුතුකමක්. නමුත් තරුණ තරුණියන් දැනගත යුතුයි. ඒ සහය නොලැබෙන තත්වයකදි වූවත් උකටලි නොවි ඔබට භාරව ඇති මේ විනාශ වෙමින් පවතින අපේ පොදු නිවහන රැක ගැනිමේ දූත මෙහෙය ඉදිරියට ගෙනියන්න.

වෛරසය ව්‍යාප්තිය වැලැක්වීමට මෙරට සෞඛ්‍ය අංශ නව ක‍්‍රියාමාර්ග හඳුන්වා දී ඇත. දෙදෙනෙකුට වැඩි පිරිසක් එකතු වන පොදු හමුවීම් තහනම් වී තිබේ. කෙසේ වුවද ප්‍රබල රටවල් පවසන පරිදි විදේශයන්හි සිට එම රටවලට පැමිණෙන අයගෙන් වෛරසය ආසාදනය වූවන් හඳුනා ගැනීමත් සමඟ "කොරෝනා දෙවැනි රැල්ලක්" නැගෙනු ඇතිදැයි බියක් ඇති වෙමින් තිබේ. 

දැනට පෙනෙන්නට ඇත්තේ වෛරසයේ ව්‍යාප්තිය පාලනය කර ගැනීමට සෞඛ්‍ය අංශ සමත්වී ඇති බවකි. මේ වන විටත් වෛරසයේ ව්‍යාප්ත වියහැකි මංගල අවමංගල උත්සව අවස්ථාවන් සඳහා එක්වන පිරිස සීමා කිරීමටත් කෞතුකාගාර හා පූජනීය ස්ථාන ආදී පොදු ස්ථාන වසා දමා සීමාකර ඇති පසුබිමක දුවන ලෝකයට නතරවන්නට බල කර මිහිතලය සොබා දහමේ රිද්මයට ඉඩ දී තිබේ. 

පළමුවරට මෙරට බාලදක්ෂ වැඩසතිය පැවැත්වීමට නොහැකිවීමට ඉඩ ඇත.

ශ්‍රී ලංකාවේ බාලදක්ෂ සේවා හා මහජන සම්බන්ධතා සතියට දීර්ඝ ඉතිහාසයක් තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට බාලදක්ෂ වැඩ සතියක් පවත්වන ලද්දේ 1950 වර්ෂයේ දීය. එවකට ප්‍රධාන කොමසාරිස් සී. පී. ජයවර්ධන මහතාගේ අදහසකට අනුව මෙම වැඩසටහන රුපියලේ වැඩ සතිය ලෙස නම් කළේය.  එම වකවානුවේදී සෑම බාලදක්ෂයකු විසින්ම රුපියලක්වත් එකතු කර අරමුදලට දායකත්වය ලබා දිය යුතුව තිබුණි. ජාතික වැඩසතිය ලෙසින් හැඳින්වූ අරමුදල් රුස් කිරීමේ ව්‍යාපෘතිය ප්‍රධාන කොමසාරිස් සී.බටුවන්ගල මහතාගේ වකවානුව තුළදී ජාතික සේවා හා මහජන සම්බන්ධතා සතිය ලෙස වෙනස් කරන ලදී. සතියකට සීමා නොකළ දින දහයක් ක්‍රියාත්මක කළ අතර ජාතික සේවා සතිය මේ දක්වාත් ක්‍රියාත්මක වේ. මෙය ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන ආදායම් මාර්ගය ලෙසද හැදින්විය යුතුවේ. එය 2020 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීම දැඩි අභියෝගයක් වනු ඇත.

ජාතික ජම්බෝරිය තවදුරටත් ඉදිරියට කල්යනු ඇත

ත්‍රිකුණාමලය බාලදක්ෂ දිස්ත්‍රික්කයේ පුවැත්වීමට යොජිතව තිබූ 10වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය හිටපු ප්‍රධාන කොමසාරිස්තුමාගේ යෝජනාවකට අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ පැවැත්වීමට යෝජනා වී දින වකවානු ස්තීර වී තිබුණ ද නව ප්‍රධාන කොමසාරිස් ප්‍රධාන කොමසාරිස් මිලින්ද පීරිස් මහතාගේ ආගමනය හේතුවෙන් නැවතත් ජම්බෝරිය ත්‍රිකුණාමලයේදී පැවැත්වීමට කෙටුම්පත් ස්තීර විය. එයට සමගාමීව ජාත්‍යන්තර ආකර්ශනය දිනාගනිමින් සිව්වැනි දකුණු ආසියාතික සහයෝගිතා ජම්බෝරියට (SAANSO) සන්සෝ ජම්බෝරිය පැවැත්වීමට සූදානම් වූ අතර මේ වනවිට දින නියමයකින් තොරව 10වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය පැවැත්වීම අවිනිශ්චිත තත්තවයකට පත්ව ඇත.

කොරොනා අභියෝගය සහ ශ්‍රී ලංකාවේ බාලදක්ෂ කටයුතු

පාසල් ආරම්භ කළ සැණින් දරුවන් විෂය බාහිර වැඩ වලට සහභාගී කර ගැනීමේදී ගැටලු ඇතිවිය හැකියි. පාසලේ අතිරේක පන්ති පැවැත්වීම අනිවාර්යෙන් ම සිදුවේවි. මාස 3ක්වත් ඉක්ම යනතුරු කිසිදු බාලදක්ෂ ක්‍රියාකාරකමක් සිදුකිරීමට නොහැකි වනු ඇත.

අසීරු ලෙස පවත්වාගෙන යන බාලදක්ෂ කණ්ඩායම්

මේ වකවානුව අවසන්වන විට දැනටත් අසීරුව පවත්වාගෙන යමින් සිටින 15-25 සීමා වි ඇති සාමාජික කණ්ඩායම් සිටින බාලදක්ෂ කණ්ඩායම්වලට අත්වියහැකි අසීරුතා කෙරෙහි සංවේදීව අවධානය යොමුකළයුතුය. 

ජනාධිපති සම්මානය සඳහා කල් ඉකුත්වීම

අනෙක් ගැටලුව පාසල් නිවාඩු නිසා ඉදිරියේදී ජනාධිපති සම්මානය සඳහා සූදානම්වන බාලදක්ෂ දරුවන්ට පදක්කම් කටයුතුවල දී වයස ගැටලුවක් විය හැකිය. 

Adventure Bingo - Susquehanna Council

නායකත්ව පුහුණුව

වාර්ෂිකව ක්‍රියාත්මකවන සිව්වන අදියර ලී පදක්කම් පුහුණු පාඨමාලා පැවැත්වීම ද අසීරු තත්තවයකට පත්ව ඇත. අප්‍රේල් සහ අගෝස්තුවේ මීරිගම හා පීඩෘෘ ක්‍රියාත්මක වීමට නියමිත පුහුණු කටයුතු මෙන්ම 1 අදියර, දෙවන අදියර පුහුණු කටයුතුවලද ප්‍රමාණාත්මක අඩුවක් පළමු කාර්තුව තුළ දක්නට ලැබේ. මෙය බාලදක්ෂයන් ලක්ෂය දක්වා වැඩිකිරීමේ වැඩපිළිවෙලට ඍජුව බලපානු ඇත.

අන්තර්ජාල බාලදක්ෂ කටයුතු

අන්තර්ජාල වේදිකා කරගනිමින් "සමාජ ජාල" ඔස්සේ අද වනවිට ඩිජිටල් ෆොටෝ, වීඩියෝ, අදහස්, තොරතුරු, පිංතූර, හුවමාරුවීමට අමතරව සූම්, චැට්, ඩිජිටල් කන්ෆරන්ස් හරහා හෝ වට්ස් ඇප්, වයිබර් ආදී ජාල ඔස්සේ අධ්‍යාපන කටයුතු සිදු කළ ද බාලදක්ෂ වැනි සෑබෑ ලෝකයේ ක‍්‍රියාකාරකම් පූර්ණ වශයෙන් අන්තර්ජාලය තුළින් සිදුකිරීමට තිබෙන ඉඩකඩ සීමිතය.

පවතින අන්තර්ජාල ගාස්තු සහ දේශීය බාලදක්ෂ දරුවන්ගේ සමාජජාල ක්‍රියාකාරීත්වය සීමා සහිත වීමත්, බහුතර බාලදක්ෂ නායකයින් ප්‍රමාණයක් අන්තර්ජාල භාවිතයෙන් තොරවීමත් හේතුවෙන් 100% අන්තර්ජාල බාලදක්ෂ මෙහෙයුම් සිදුකිරීමේ ප්‍රතිඵලය 30% තරම් සීමිත වී ඇත.

දිසා බාලදක්ෂ සංගම් කීපයක් හැරෙන්නට අන්තර්ජාලයේ සැරිසරන බාලදක්ෂ ප්‍රජාව සීමිතබව කිව යුතුම වේ. බාලදක්ෂ නායකයන් සහ ආචාර්යවරුන් මෙම සංවේදී කරුණ කෙරෙහි අවධානය යොමු කරනු ඇතැයි අප සිතමු.

ඒ සදහා ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග මොනවාද?

කොරෝනා වසංගතය අනාගත ලෝකයේ ගමන් මග තීරණය කරන හැරවුමක් වනු ඇති බව පැහැදිලිය. කෙසේ වුවද වසංගතය පරාජය කළ යුතුය. දෙවනුව කොරෝනා අභියෝගය ජය ගත යුතුය. එය කිරීමට නම් සංචරණයට විරාමයක් දී අප නිවසේ සිටිය යුතුය.

ඒ සඳහා බාලදක්ෂ ඔබ සූදානම් ද?

No comments:

Post a Comment