Translate

Sunday, November 20, 2022

අභිනව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලක්ෂයා ලෙස දිවුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ පදවිය සහ අනුශාසක ධූරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් ප්‍රදානය කිරීම සඳහා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් මෙම උත්සවය සංවිධාන කරනු ලැබුවා.


පෙර සිට පැවතගෙන එන පරිදි මේ දක්වා හිටපු සියලුම ජනාධිපතිවරුන් මෙන් නව ජනාධිපති තුමා වෙත ශ්‍රී ලංකාවේ ජාතික කරලේන්සුව හා ප්‍රධාන බාලදක්ෂ පදවියට අදාළ අක්ත පත්‍රය ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා විසින්. 2024 පෙබරවාරි 20සිට 26 වැනිදා දක්වා ත්‍රිකුණාමලයේ දී පවත්වන 10වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහාද ආරාධනා කරනු ලැබුවා.

ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් විසින් ලෝකයේ වැඩිම දරුවන් පිරිසක් එක්ව සිටින ළමා ව්‍යාපාරය බාලදක්ෂ ව්‍යාපාරය බවත් රටවල් 174ක, දරුවන් ලක්ෂ 570ක් පමණ බාලදක්ෂ ව්‍යාපාරය හා එක්ව සිටින බවත් බාලදක්ෂ ව්‍යාපාරයේ වර්තමාන ප්‍රගතිය පිළබඳ වාර්තාවක් ද ජනාධිපතිවරයා වෙත බාරදීමට පියවර ගැණුනා.

ජනාධිපතිවරයා මෙහිදි කියා සිටියේ, 75 වැනි නිදහස් සැමරුම සඳහා බාලදක්ෂ ව්‍යාපාරයේ පූර්ණ දායකත්වය ලබාගැනීමට අපේක්ෂා කරන බවයි. 2024 වන වසර වන විට පළාත් 09යම ආවරණය වන පරිදි බාලදක්ෂ දිස්ත්‍රික් 37 පුරා ශ්‍රී ලංකාබාලදක්ෂ ව්‍යාපාරය ව්‍යාප්ත කිරීමට සහය වන බව ප්‍රධාන බාලදක්ෂ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා. එහි සාමාජිකත්වය ලක්ෂ 2 දක්වා ඉහළ නංවා ගැනීමට අවශ්‍ය සහය ලබාදෙන බවයි, අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති උත්සවකදී ජනාධිපතිවරයා කියා සිටියා.

ජනාධිපති කාර්යාලයේ මැදිහත්වීමෙන් සහ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන පරිසරය හා සම්බන්ධ වැඩසටහන්වලට එක්වන ලෙස ද ජනාධිපතිවරයා බාලදක්ෂ ව්‍යාපාරයේ සාමාජික සාමජිකාවන්ට ආරාධනා කළා. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.
 

 

No comments:

Post a Comment