Translate

Friday, November 15, 2013

 'සියවසේ ධූමකේතුව' දකින්න ශ‍්‍රී ලාංකික බාලදක්ෂයන්ට අවස්ථාවක්


මේ මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා රාති‍්‍ර කාලයේ සහ අළුයම නැගෙනහිර අහසේ දී දැක බලා ගතහැකි අයිසොන් ධුමකේතුව නිරීක්ෂණය කළ හැකි බව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ තාරකා විද්‍යාඥ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. මෙම ශතවර්ෂයේ දිස්වන ප‍්‍රබලම ධූමකේතුවක් වන මෙම ධුමකේතුව, අයිසොන් ධුමකේතුව ලෙස නම් කර ඇති අතර මෙම ධූම කේතුව දැකබලාගැනීම සඳහා කොළඹ විශ්වවිද්‍යාල පරිශ‍්‍රයේදී සූදානම් කෙරෙන නිරීක්ෂණ කඳවුර සදහා බාලක්ෂයින්ට ද සහභාගී විය හැකියි. සීමිත ඉඩපහසුකම් ඇති බැවින් බාලදක්ෂයින් වෙනුවෙන් හැකි ඉක්මනින් ඔබේ ඉඩපහසුකම් වෙන්කරගන්න. ඒ සදහා ප‍්‍රමාණවත් දායකත්වයක් සැපයීමට කැමති නම් අපට ලියන්න.

ISON ධූම කේතුව ශතවර්ශයේ ධූමකේතුව විදිහටත් හඳුන්වනවා. 2012 ලෝක විනාශය ගැන කතාබහට ලක්වූ මෙම ධූමකේතුව 2012 සැප්තැම්බර් මාසයේදී රුසියානු තාරකා විද්‍යාඥයින් දෙදෙනෙකු විසින් සොයාලනු ලැබූවක්. නොස්ට්‍රාඩමුස්ගේ අනාවැකිය සඵල කරමින් මෙය ලෝක විනාශය සිදු කරයිද යන්න පිලිබඳ තවමත් විද්‍යාඥයින් විමසිලිමත් වෙනවා. හැතැප්ම 3ක් 4ක් අතරේ විශාලත්වයක් තියෙන ඒ කියන්නේ ඔස්ට්‍රේලියාව වගේ 1.2 ගුණයක් විශාගත්වයෙන් යුතු මේ ධූමකේතුව පලමු වරට සූර්යයා හා ගැටීමක් සිදුවන්නේ 2013 දී කියලයි කියන්නේ.




කොහොම වුනත් මේ ධුමකේතුව කිලෝමීටර මිලියන 1.2 පමණ සූර්යයා ආසන්නයෙන් යෑම පමණයි සිදුවෙන්නේ. මේ නිසා සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි විශාගත්වයකින් යුතු වලිගයක් එහි දකින්න පුළුවන් වෙයි කියලත් විශ්වාස කරනවා. මේ ධූමකේතුව 2013 නොවැම්බර් මාසයේදී, හිරුගේ රශ්මියෙන් විනාශ නොවුනොත් අපට රාත්‍රී අහසේ දකින්නට ලැබිය හැකි බවත් දහවල් කාලයේදී අධික දීප්තිමත් තාරකාවක් මෙන් දිස්විය හැකි බවටත් අනාවැකි පලකරලා තියෙනවා.

The Comet ISON, said to be a very bright comet with a dazzling show, will have its closest point to the Sun (perihelion) on November 28. It will visible in Sri Lankan from November 17 to 23. A release said the public should look at the area of the sky close to the eastern horizon before the Sun rise around 5.00 a.m. to see the comet.

"For the best view, you need a very clear sky with no clouds or light pollution and should go to a hill top with no obstruction towards the eastern horizon. On November 17, the comet will be about 25 degrees above the eastern horizon at 5.00 a.m. While increasing the brightness, it will gradually come down daily with 21 degrees on November 19 and 11 degrees on November 23 at 5.00 a.m. above the eastern horizon," the release added.

"You will see the comet with the tail stretching away from the direction of the Sun. A pair of binoculars would give a much better view." Details are available at the Arthur C Clarke Institute for Modern Technologies(ACCIMT)
 

Dr. K. P. S. Chandana Jayaratne - B.Sc., Ph.D., Pg.Dip. Counselling, FIP (SL), MIPC Senior Lecturer in Physics. University of Colombo., Consultant on Astronomy and Space Science Arthur C Clarke Institute for Modern Technologies - Mob/SMS: 0714 800 800 / 0777 309 385 E-mail: chandana@phys.cmb.ac.lk

No comments:

Post a Comment