Translate

Friday, June 5, 2015

ගස් වර්ග 15 - 02. දෙල් ශාකය (බාලදක්ෂයින්ට අවශ්‍ය)

 02. දෙල් ශාකය


Breadfruit at Tortuguero, Costa Rica
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Plantae
ශ්‍රේණිගත-නොකළ: Angiosperms
ශ්‍රේණිගත-නොකළ: Eudicots
ශ්‍රේණිගත-නොකළ: Rosids
ගෝත්‍රය: Rosales
කුලය: Moraceae
වර්ගය: Artocarpeae[1]
ගණය: Artocarpus
Species: A. altilis
Binomial name
Artocarpus altilis
(Parkinson) Fosberg

අප රටේ දෙල් වර්ග කිහිපයක්‌ ඇත. ඒවා අතර ගංදෙල්, කොස්‌ දෙල්, මාදෙල්, හා රට දෙල් යන වර්ග කිහිපයකි. වල් දෙල් හෙවත් බැදි දෙල් යනුවෙන් දේශීය වර්ගයක් ද මේ අතර වේ. දඹදෙණි යුගයේදී දේව ප්‍රතිරාජ අමාත්‍යවරයා මුහුදුබඩ කොස්‌ගොඩ නම් ගම්මානය නිර්මාණය වීමට මූලික වූ කොස්‌ උයන කරවුයේ මාදෙල් ගස්‌ වලින් පිරුන වනාන්තරයක්‌ වනසා දමා ය.

සිංහල මිනිසුනගෙ ශරීර ශක්‌තිය හීන කිරීමට පරංගි දෙල් ගෙනැවිත් ලංකාවේ වගා කර සිංහලයන්ට කන්නට පුරුදු කළා යෑයි අප රටේ පැතිරී ගිය විශ්වාසය කාලාන්තරයක්‌ තිස්‌සේ එන අදහසක් වුවත් පරංගීන් විසින් මෙරටට දෙල් ගෙනාබව තහවුරු වී නැත. ලංකාවට දෙල් ගෙනාවේ පරංගින් නොවුනත් දෙල් ගෙනා කාලය අයත් වන්නේ පරංගි මුහුදුබඩ පාලනය කරන යුගයේ බව බොහෝ දෙනා නොදනිති.


අද වැලිතර වැලිවත්තේ දේවාලයේ පිදුම් ලබන වැලිතර මුත්තා හාමුදුරුවෝ සිරිලකට රට දෙල් ගෙනා ප්‍රථම පුද්ගලයා ය. ඔහු උපන් ප්‍රදේශය වැලිතර ඓතිහාසික ගම්මානයයි. වැලිතර හෙවත් අතීත වැලිතොට වැලිගඟ හෙවත් මාදුගඟ මුහුදට වැටීම නිසා එම මුවදොර ආසන්නයේ ගමක්‌ හෙයින් එම නම ලබා ඇත. ගිරා සංදේශයේ එන "වැලිතොට අම්බලමේ" කතා පුවතට ඇතුළත් එම අම්බලම පිහිටි ඉපැරැණි ගම මෙම වැලිතර ගම්මානයයි. මෙම කොස්‌ගොඩට යාබද ගම්මානය වූ වැලිතර අප රටේ රට දෙල් ශාකය රෝපණය වූ මුල්ම භූමිය වග දන්නෝ ඉතා අල්පය. තෝමේද සෞසාගේ පෘතුගීසි බළඇණිය සමූලඝාතනය කිරීමේදී මහල්ලවපොර ශූර කුමාරසිංහයන් පෑ දස්‌කම් පිළිබඳව සතුරන් මවිතයට පත්විය. පළමුවන රාජසිංහ රජුගේ ප්‍රසාදයට පත් වූ මෙම වැලිතොට අගම්පඩි සෙනඟ මර්දනය කිරීම සඳහා 1614 දී පැමිණි ප්‍රධාන යුද බළ ඇණියේ ප්‍රධාන ඉලක්‌කය වූයේ මෙම ප්‍රදේශය අල්වා ගැනීමට වඩා ජව සම්පන්න සිංහල නායකයන් ඝාතනය කිරීමය. පෘතුගීසි හමුදා කෲර යුද සටන්වලදී ජීවග්‍රහයෙන් අල්වා ගත් රණකාමියෙකු වූයේ කුමාරසිංහ නම් යුදකාමී බ්‍රාහ්මණ තරුණයාගේ කායික ශක්‌තියත්, පාරම්පරිකව පුහුණු ලබාගෙන පැමිණි පොර බැදීමේ ශාස්‌ත්‍රයත් පිළිබඳව අසා සිටි පෘතුගීස්‌ පාලකයෝ ඔහු නොමරා තම හමුදාවට බඳවා ගන්නට තීරණය කළහ. පොර බැදීමට අමතරව මුහුදේ පිහිනීම ද ප්‍රගුණකර තිබුණ මෙම සිරකරුවාට අභය දානය දී ඔහුගේ නම් ගම් ද වෙනස්‌ කර පෘතුගීසි හමුදාවේ සිංහල නිලධාරියකු ලෙස බඳවා ගත්තේ කුමාරසිංහ පිනෝස්‌ ප්‍රේරා (පෙරේරා) වෙත "ආරච්චි" පදවියක්‌ පිරිනැමූ පෘතුගීසීන් එම පදවිය හලාවත සිට හම්බන්තොට මුහුදු තීරය දක්‌වා බල පවත්වන පරිදි නීතිගත කළේය. ලංකාවේ මෙලෙස එදා මෙදා තෙක්‌ අති විශාල ප්‍රදේශයක ආරච්චි පදවියක්‌ ලැබූ එකම සිංහලයා වූයේ මොහු ය. එමෙන්ම එම ආරච්චි පදවිය ගොඩබිමට පමණක්‌ නොව මහ සමුදුරට ද බලපවත්වන එකක්‌ විය. ඊට අමතරව හම්බන්තොට ලුණු ලේවායට පැමිණ අලාභහානි කරන අලි රංචු එළවා දමා ලුණු ලේවාය රැකීමේ බළය සහිත තවත් ආරක්‍ෂක බළඇණියක්‌ පිනොස්‌ ආරච්චිට පැවරිණි. වැලිතොට ප්‍රදේශය ප්‍රධාන කරගෙන මුහුදත්. ගොඩබිමත් යන දෙකොටසෙහිම අවශ්‍ය රාජකාරිවල යෙදුන පිනොස්‌ පෙරේරා ආරච්චි වෙත සිය කටයුතු සඳහා රුවල් නැවක්‌ ද අශ්වයන් සත්දෙනෙකු ද ගමනාගමනයට පිරිනැමීමට පෘතුගීසි පාලකයන් කටයුතු කළේය. මෙසේ සේවය කළ පිනොස්‌ ආරච්චි මුහුදු කුණාටුවකට හසුව මුහුදු බත් වූ අතර දින ගණනාවක්‌ නිරාහාර ව මුහුදේ ඒ මේ අත පාව ගොස් මාලදිවයින් වෙරළට ගොඩබැස්සේ ය. මුහුදු වෙරළේ නිරාහාර ව ක්‌ලාන්තව සිටි පිරිසට දූපත්වාසීන් ජලය ලබා දි මරණයෙන් බේරාගත් අතර පිනොස්‌ ආරච්චි ඇතුළු පිරිසට ලබා දුන් ආහාර වේලෙහි දෙල් අඩංගු විය. මොවුන් විසින් ලංකාවට නැවත පැමිණෙන විට දෙල් ශාකය රැගෙන අා බවට ද ජනප‍්‍රවාදයේ තිබේ. පිනොස් ආරච්චි යළි ලංකාවට පැමිණෙද්දී ඔහු රට දෙල් පැළ රැගෙන විත් වැලිතර, මාතර හා හලාවත සිටවන ලද බව පැවසේ. ලංකාවට රටදෙල් පැමිණියේ ඒ ආකාරයෙන් බව ඇතැමුන්ගේ මතයයි.

බොහෝ දෙනකුගේ පිළිගැනීම වී ඇත්තේ ලන්දේසීන් විසින් ප‍්‍රථම වරට රට දෙල් ගස ශී‍්‍ර ලංකාවට ගෙනවිත් සිටුවන ලද බවයි. උද්භිද විද්‍යාත්මකව ආටොකාපස් ඉන්සිසස් ලෙස හදුන්වන රට දෙල් ගස ඉංගී‍්‍රසි බසින් හදුන්වන්නේ බ්‍රෙඞ් ෆෲට් හෙවත් පාන් පළතුර ලෙසිනි. උෂ්ණාධික බල මාළු කෑමේ දී පොල් මිශ‍්‍ර කැර ගැනීමට පුරුදුව සිටි සිංහලයන් දෙල් කෑමටත් පොල් යොදා ගැනීමෙන් දෙල්වල ඇති උෂ්ණයෙන් වැඩි බලපෑමක් නොවූ බවත් ඉන් වැඩි ශක්තියක් ලැබූ බවත් පැවසේ. කෙසේ වෙතත් ඉංගී‍්‍රසි බසින්  දෙල් ගසට බ්‍රෙඞ් ෆෲට් යැයි කීමෙන් පෙනී යන්නේ යුරෝපීයයෝ ද දෙල් ආහාරයට ගන්නට ඇති බවයි. ඔවුන් පොල් හෝ පොල් කිරි යොදා ආහාර පිසින්නේ නැත.

 දෙල් ගස ශී‍්‍ර ලාංකිකයෝ පළතුරක් ලෙස හදුන්වන්නේ නැත. එය අපට ආහාරයකි. කෙසේ වෙතත් ජනවහරේ පැවසෙන්නේ ශී‍්‍ර ලාංකිකයන්ගේ එඩිතර වීර කි‍්‍රයාවන්ගෙන් පීඩාවට පත්වූ ලන්දේසීන් උෂ්ණාධික ආහාරයක් වන දෙල් මෙරටට හදුන්වා දී සිංහලයන් දෙල් කෑමට පුරුදු කර රෝගී කිරීමේ අපේක්ෂාවෙන් දෙල් ගස මෙරට රෝපණය කළ බවට තවත් මතයක් තිබේ. ඒ පිළිබද මෙතෙක් පැහැදිලි සාක්ෂි හමු වී නැතත් බොහෝ දෙනකුගේ මතය වන්නේ ලන්දේසීන් මෙරටට ගෙන ආ ප‍්‍රථම දෙල් ගස ගාල්ල කොටුවේ රෝපණය කරන ලද බවයි. ගාල්ල කොටුවේ වර්තමාන වරාය අධිකාරියට අයත් නිවාඩු නිකේතන ගොඩනැගිල්ල පිහිටි භූමියේ ඉතා පැරණියැයි සිතිය හැකි විශාල දෙල් ගසක් පිහිටා ඇත. මේ ගොඩනැගිල්ල අතීතයේ වරාය භාර නිලධාරී වරයාගේ (හාබර් මාස්ටර්) නිල නිවස ලෙස යොදා ගැණිනි. මෙහි ඇති විශාල දෙල් ගස ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම වරට රෝපණය කරන ලද දෙල් ගස බවට මතයක් ද තිබේ. රට දෙල් ගස ලන්දේසීන් විසින් මෙරටට හදුන්වාදුන් බවට සාක්ෂි ඇතත් ගාල්ල කොටුවේ දැනට ඇති දෙල් ගස වැනි ම වූ තවත් දෙල් ගස් පේලියක් පැරණි රෝහල් ගොඩනැගිල්ලට පිටුපසින් දක්නට ලැබෙයි. කොටුවේ පැරණි පාලන වාර්තා අනුව රෝහල පිටුපස තිබූ උද්‍යානයේ සෙවණ සදහා දෙල් ගස් පේළියක් සිටුවා ඇත.
ගාල්ල කොටුවේ පිහිටි දෙල් ගස් සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාර ෆෙඞ්රික් නෝර්ත් තැබූ වාර්තාවක් ද දක්නට ඇත. එහි සදහන්ව ඇත්තේ ඔහු 1801 වර්ෂයේ සංචාරයක් සදහා ගාල්ල නගරයට පැමිණි අවස්ථාවේ ගාල්ල කොටුවේ පිහිටි  ඕලන්ද ආණ්ඩුකාර නිල නිවස අවට රට දෙල් ගස් රැසක් දුටු බවයි. එහෙත් ඔහුගේ වාර්තාවේ පැරණිම දෙල් ගස සම්බන්ධයෙන් කිසිදු සදහනක් නැත.



නිව් සටන්ටිස්ට් සගරාව පවසන්නේ පැසිපික් දිවයින්වල වී, තිරිගු හෝ ඉරිගු වගාවට වඩා දෙල් වගා කෙරෙන බවයි. කිලෝග‍්‍රෑම් 3ක පමණ දෙල් ගෙඩියකින් පස් දෙනෙකුගෙන් යුතු පවුලක කාබෝහටිඩ්‍රේට් අවශ්‍යතාව සම්පූර්ණ වන බව ගණන් බලා තිබේ. විටමින් සහ ඛනිජ ලවණ වලින්ද අනූන දෙල්, ග්ලූටන් රහිත කාබෝහයිඩ්‍රේට් සහ ප්‍රෝටීන් ලබාගැනීමේ ප‍්‍රධාන මූලාශ‍්‍රයක් ලෙසින්ද සැලකේ. විද්‍යාඥයින් පවසන්නේ දෙල් වල අඩංගු ප්‍රෝටීන තුළ සෝයා වලට වඩා ඇමයිනෝ අම්ල ප‍්‍රමාණයක් අන්තර්ගත වන බවයි. දෙල් පිටි කරගැනීමෙන් පසුව එම පිටි වලින්ද ආහාර වර්ග රැසක් සකස් කරගත හැකිය.







 

No comments:

Post a Comment