විද්‍යාත්මක වර්ගීකරණය | |
---|---|
රාජධානිය: | Plantae |
ශ්‍රේණිගත-නොකළ: | Angiosperms |
ශ්‍රේණිගත-නොකළ: | Eudicots |
ශ්‍රේණිගත-නොකළ: | Rosids |
ගෝත්‍රය: | Fabales |
කුලය: | Fabaceae |
උපකුලය: | Faboideae |
වර්ගය: | Dalbergieae |
ගණය: | Pterocarpus |
Species: | P. marsupium |
Binomial name | |
Pterocarpus marsupium Roxburgh |
ශී‍්‍ර ලංකාවේ පහතරට ප‍්‍රදේශයේ විශේෂයෙන් ම වියළි හා අතරමැදි කලාපයේ අඩි 3000 දක්වා උසින් හමුවන ගම්මාලු Pterocarpus ඵarsupium, තෙත් කලාපයේ ද හොඳීන් වගා කළ හැකි ශාකය කි. සාරවත් පසෙහි මෙන් ම ජලය එක් රැස් නොවන බෑවුම් සහිත පතන භූමිවල ඇති වියළි නිසරු පසෙහි ද ‘ගම්මාලු’ හොඳින් වැවේ. ඖෂධීය ගුණයෙන් අනූන ගම්මාලු බොහෝ රෝග සඳහා ගුණදෙන ඔසුවකි. දියවැඩියාව, මුත‍්‍ර රෝග, සමේ රෝග, අතීසාරය වැනි රෝග සමනය කිරීමෙහිලා සමත් ඖෂධීය ගුණයන් ගම්මාලු ශාකය සතුව ඇත. එසේම කෙසේ වැඩීමටත් අකලට හිසකෙස් පැසීමටත් ගම්මාලු කදිම ඔසුවකි.
ගම්මාලු ශාකයෙහි පොත්ත කැපූ විට වෑස්සෙන රතු පැහැ කිරි දියවැඩියා රෝගයටත්, අධික රුධිර පීඩනයටත් කදිම ඔසුවකි. දැවමය වටිනාකමින් මෙන්ම ඖෂධීය ගුණයෙන් ද යුත් ගම්මාලු ඉතා ප‍්‍රයෝජනවත් ශාකයකි. ගන කහ අළු පොත්තකින් යුත් විශාල ගසක් ලෙස වැඩෙන ගම්මාලු ශාකයේ අතු බෙහෙවින් විහිදී ඇත. විශාල පත‍්‍ර, පති‍්‍රකා කොටස් පහකට, හතකට පමණ බෙදේ. පති‍්‍රකාවල අග‍්‍රය මද වශයෙන් හෝ හොඳින් පෙනෙනා අයුරින් හෝ දෙකට බෙදී තිබෙනු දැක ගත හැකිය. දිලිසෙන මතුපිටක් සහිත ගම්මාලු පත‍්‍රයන්හි පැහැදිලිව හා සමාන්තරව පිහිටි නාරටි රාශියක් ද වේ. ජූලි සිට සැප්තැම්බර් මාසය දක්වා ගම්මාලු ශාකයෙහි මල් හටගන්නා අතර ඒවා කුඩා කහ පැහැති මල් වේ. මේ කහ පැහැති කුඩා මල්, පොකුරු වශයෙන් අතු බෙදුණු මල් පොකුරක පිහිටයි.
ගම්මාලු සෙමෙන් වැඩෙන ශාකයක් බැවින් ගම්මාලු ශාකයේ ඵලහට ගැනීමට අවුරුදු 15 ක් පමණ ගතවේ. ගම්මාලු වගා කිරීමේදී වෘක්ෂයේ මුල්වලින් හට ගන්නා පැළ වලින් මෙන්ම බීජවලින් ද ගම්මාලු වගා කරගත හැකිය. ගම්මාලු පැළවලින් වගා කර ගැනීමේදී ගම්මාලු වෘක්ෂයේ මුල්වලින් හටගන්නා පැළ පරෙස්සමෙන් ඉවත් කොට බඳුන් ගත කිරීමෙන් පසුව බෝ කරගත හැකිය. ගම්මාලු බීජ මගින් වගා කර ගැනීමේදී අවුරුදු 20 කට වඩා වයසින් මේරූ වෙනත් ගම්මාලු ගස් කීපයකට මැදිව මනාව වැඩුණු ගසකින් ගම්මාලු ඵලය ලබා ගැනීමෙන් අනතුරුව එවැනි ඵල රෙදි හෝ ගෝනි මල්ලක දමා ගලා යන ජල පහරක පැය 48 ක් පොඟවා තවන් කර ගත යුතුය. නැතිනම් එසේ පැය 48 ක් පෙඟවූ ඵලය වටා ඇති පියාපත වැනි කොටස කපා, ඵලාවරණය සිදුරුකොට පැය 24 ක් ජලයේ පොඟවා වැලි තවානේ තවන් කරගත හැකිය.
තවානේ අඟල් 3 ක් පමණ උසට වැඩුණු පැළ බඳුන් ගත කොට මාස 9- 12 අතර කාලයක් රැක බලා ගැනීමෙන් පසු අඩි25ය25පරතරය ඇතිව ක්ෂේත‍්‍රයේ සිටුවිය හැකිය.
ගම්මාලු ගසේ ගුණ
ගම්මාලු අරටුව දෙහි යුෂින් ගල ගා ආලේප කිරීම තැලීම් හා උළුක්කුවලදී බෙහෙවින් සිදුවනවා සේ ම තැලීම් හා උළුක්කුවලදී එය කදිම සහනයක් ගෙන දෙන අත් බෙහෙත් ක‍්‍රමයකි. දත් කැක්කුම්වලදී ගම්මාලු ලාටු කැක්කුම දෙන දත මත තබා සැපූ විට වේදනාව සමනය වේ.අතීසාරය සඳහා ගුණ දෙන ඔසු ගුණයක් ඇති ගම්මාලු ශාකයේ ලාටු සහ පොතු යොදාගත් කෂාය අතීසාරයේ දී පානය කිරීමට දීම හෙළ වෙදකමේ බහුලව සිදුවේ. කෙස් වැඩීමේ ශාක ඖෂධීය ගුණයක් ගම්මාලු සතුව ඇති අතර අකලට හිස කෙස් පැසීම ද පාලනය කිරීමට ගම්මාලු යොදා ගැනේ.
ගම්මාලු යොදා සාදා ගත් තෙල් හිස ගැල්වීම අකලට හිස කෙස් පැසීම පාලනය කරයි. එසේම අධික ලෙස මුත‍්‍ර පිටවීම පාලනය කිරීමෙහි හැකියාවක් ද ගම්මාලු සතුව ඇත. ගම්මාලු අරටුවෙන් සාදා ගත් කෂාය අධික ලෙස මුත‍්‍ර පිටවන රෝගීන්ට පානය කිරීම සඳහා දීම ද හෙළ වෙදකමේ දී බහුලව සිදුවේ.
'ගම්මාලු' අරටුවෙන් සාදා ගත් කෝප්පයක සිසිල් දිය දමා රැයක් තබා එය උදෑසනින් හිස්බඩ පානය කිරීම දියවැඩියාව පාලනය කිරීමට යෝග්‍ය වේ. සමේ රෝගවලදී ද ගම්මාලු බෙහෙවින් භාවිත කරන ශාකයක් වන අතර කුෂ්ඨ රෝගවලදී ගම්මාලු කොළ අඹරා ආලේප කිරීමෙන් සහනයක් ලැබේ.
සිහිවටනයක් ලෙස
1962 වර්ෂයේ ඔක්තෝබර් 14 වැනිදින යෙදුනු සුබ මොහොතින් බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතනයට මූලික අඩිතාලම දැමු අතර ඒය විවෘත කිරීමට පැමිණි ඉන්දියානු අගමැති ශ්‍රී ජවහල්ලාල් නේරු තුමන් විසින් උද්‍යානයෙහි ගම්මාලු පැලයක්ද රෝපණය කලේය. එම ගම්මාලු ශාකය අද ද පර්යේෂණායතනයේ ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ල ඉදිරියේ දැක ගත හැකිය.නිර්මාණ කරණයේ දී
ගම්පළ රාඡධානි සමයේදී 14 වන ශතවර්ෂය අග භාගයේදී 3 වන වික්‍රමබාහු රඡු (ක්‍රි.ව 1360-1374) විසින් ඇම්බැක්කේ දේවාලය ඉදිකරවා ඇති අතර මෙම දේවාලය වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ලී කැටයම්
සම්බන්ධයෙනි. වික්‍රමබාහු රඡුගේ මෙහෙසිය වශයෙන් සිටි සෙනකඳ බිසෝ බණ්ඩාර දේවිය මෙමදේවාලයට අධිගෘහිත බව බොහෝ දෙනාගේ විශ්වාසයයි. ඇම්බැක්කේ දේවාලය හා සම්බන්ධ විවිධ පුරාවෘත ඉතිහාසයේ සඳහන් වේ. මෙම දේවාලය ඉදිකිරීම සම්බන්ධයෙන් "ඇම්බැක්කේ වර්ණනාව" නම් කාව්‍ය කෘතියෙහි දක්වා අැති අාකරයට ඇම්බැක්කේ දේවාලයේ සියලුම නිර්මාණ සදහා ගම්මාලු, බුරැත, නා, හල්මිල්ල යන ලී වර්ග යොදා ගෙන ඇත. මෙහි කැටයම් කණු 32ක් වෙයි.
සම්බන්ධයෙනි. වික්‍රමබාහු රඡුගේ මෙහෙසිය වශයෙන් සිටි සෙනකඳ බිසෝ බණ්ඩාර දේවිය මෙමදේවාලයට අධිගෘහිත බව බොහෝ දෙනාගේ විශ්වාසයයි. ඇම්බැක්කේ දේවාලය හා සම්බන්ධ විවිධ පුරාවෘත ඉතිහාසයේ සඳහන් වේ. මෙම දේවාලය ඉදිකිරීම සම්බන්ධයෙන් "ඇම්බැක්කේ වර්ණනාව" නම් කාව්‍ය කෘතියෙහි දක්වා අැති අාකරයට ඇම්බැක්කේ දේවාලයේ සියලුම නිර්මාණ සදහා ගම්මාලු, බුරැත, නා, හල්මිල්ල යන ලී වර්ග යොදා ගෙන ඇත. මෙහි කැටයම් කණු 32ක් වෙයි.
moda adahas dend epa bro......!!!!
ReplyDelete