ආසියාතික හා මුහුදුබඩ ආශ‍්‍රිත රටවල ජනයාගේ පුවක් සහ බුලත් සැපීමේ සම්ප‍්‍රදාය සහ පුරුද්ද වසර දහස් ගණනක ඉතිහාසයක් දක්වා දිවයයි. පුවක් සහ බුලත් එකට භාවිතා කිරීම මානසික ක‍්‍රියාකාරිත්වයක් සහිත ඖෂධීය ගුණයෙන් යුක්ත බවට එකල දැනුමක් තිබුණේ නැත. තායිලන්තයෙන් මෙන්ම ඉන්දුනීසියාවෙන් හා පිලිපීනයෙන් හමුවූ පුරාවිද්‍යාත්මක සාධක වලින් අනාවරනය වන්නේ බුලත් විට සැපීම වසර 4000 ක් හෝ ඊට වැඩි කාලයකට එපිට සිට පැවති බවයි. ඉන්දියානු උපමහාද්වීපයේ බුලත්විට සැපීම වේද යුගය සහ හරප්පා අධිරාජ්‍ය කාලය දක්වා විහිදී යයි. ක‍්‍රි.පූ. 140 - 08 අතර කාලයේ ලියැවුනේයයි සැලකෙන ”සැං-ෆූ-හුආංග්” ලේඛණයට අනුව පුවක් යන නාමය මැලේසියානු ”පින්ලැන්ග්” යන වචනයෙන් හැඳින්වී ඇති බව සඳහන් වේ. ස්පාඤ්ඤ ජාතික නාවිකයෙකු වූ අල්වරෝ ද මැන්ඩෙනා, සොලමන් දූපත් වාසීන් පුවක් සහ බුලත්, හුණු සමඟ සැපීමෙන් ඔවුන්ගේ මුව රත්පැහැයෙන් යුත් පැල්ලම් සහිත වූ බව වාර්තා කර ඇත.
පුවක් පිළිබඳව පවතින මතවාද ප‍්‍රතිවිරුද්ධ සහ අවිනිෂ්චිත ස්වභාවයේ ඒවාවේ. විවිධ පර්යේෂකයින් විසින් මැලේසියාව, පිලිපීනය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, තායිලන්තය සහ සුමාත‍්‍රා දූපත්වලින් පුවක් වල වල් දර්ශ (වනගත ප‍්‍රභේද) හඳුනා ගෙන ඇත.
පුවක් ගසේ ප්‍රධානතම විශේෂත්වය වන්නේ එය ආසියාතික රටවල පමණක් වැවෙන ශාකයක් වීමයි. ආසියාතික ගම්බද ජනතාවගේ පාරම්පරික ආශ්වාදජනක කෑමක් වන "බුලත් විට" වල රස මතුකරන ප්‍රධානතම සාධකය පුවක්‌ය. "සිංහල පුවක් හා රට පුවක්" යනුවෙන් ලංකාවේ ප්‍රචලිත පුවක් වර්ග දෙකකි. පුවක් ගෙඩිය ඇට (භමඑ) වර්ගයකට අයත් නොවුවද පුවක් ගස ඉංග්‍රීසි බසින් හැඳින්වෙන්නේ රුජ්බමඑ නමිනි. සමහර අවස්‌ථාවල ඊeඑeකබමඑ ලෙසද පුවක් ගස හඳුන්වා ඇත.
සිංහල පුවක් "කහට රසය" මූලික කරගත් රසයකින් යුත් අතර එම පුවක් වැඩිපුර කෑමෙන් ඇතමුන් මත් ගතියක් මෙන්ම ක්‌ලාන්ත ගතියක්‌ද ඇතිවේ. එබැවින් බුලත් විටක් කෑමේදී එම පුවක් අවම පමණින් යොදා ගැනීම පළපුරුද්දෙන්ම කළ යුතුයි. සිංහල පුවක් පැසීමට කලින් "ගොලෑ පුවක්" වන අතර හොඳින් පැසුණු ඉඳුණු පුවක් "රබ්බඩ" ලෙස හැඳින්වේ. ගොලෑ පුවක් හා රබ්බඩ පුවක් අතරමැද පවතින පුවක් (මඳක් මදය මේරූ) "හාල් පුවක්" ලෙස ගැමි ජනතාව අතර ප්‍රකටය. අනෙක් වර්ගය වන්නේ සිංහල පුවක් ගෙඩියට වඩා ප්‍රමාණයෙන් විශාල වූ කහට රසයට වඩා කිරි රසයෙන් යුත් "රට පුවක්" නම් පුවක් විශේෂයයි.
පුවක් ශාකයේ ව්‍යාප්තිය
පොල්, තල්, කිතුල්, රටඉඳි ශාක මෙන්ම පුවක් ද තාල වර්ගයේ (මුදුන් මුලක් නොමැතිව පරිවාර මුල් මගින් පොළොවට සම්බන්ධ වන හා අතු නොබෙදෙන ශාක වර්ගයට අයත් (කුලය) ශාකයක් වන අතර "පුවක් ප්‍රචාරණය" සිදුවන්නේ මූලිකවම "පුවක් ගෙඩිය" මඟිනි. පුවක් ශාකය ගෙවතු වගාවක් ලෙසද මිශ්‍ර වතු වගාවක් ලෙසද වැට මායිම් හා ඉඩම් සීමා මායිම් දක්‌වන වගාවක් ලෙසද ශ්‍රී ලංකාවේ පූරාණයේ සිටම ගම්බද හා අර්ධ නාගරික ප්‍රදේශවල ජනප්‍රියව පැවතිණි. මීට අමතරව ඇළ දොළ හා විශාල කුඹුරු වගා බිම් (කුඹුරු යායවල්) ආශ්‍රිතව පුවක් ශාකය පැතිරී තිබෙනු දැකිය හැකිය. තෙත් කලාපයේද, අතරමැදි කලාපයේද පහළ කඳුකරයද පුවක්‌වල වැඩීමට යහපත් පරිසර සාධක හා දේශගුණික සාධක රැඳී ඇති අතර වියළි කලාපයේද පුවක් ශාකය අතරින් පතර දක්‌නට ලැබේ. හොඳින් ඉදුණු පුවක් ගෙඩියක් තමන්ට කැමති ස්‌ථානයක අඟල් 2-3 ක් පමණ ගැඹුරින් පසට යටකර මාස 2-3 ක් දක්‌වා කාලයකදී ඉන් සාර්ථක පැළයක් ලබා ගැනීමට හැකිය. ඉන්පසු නිදහසේ වැඩෙන පුවක් ශාකය අඩි 10-15 දක්‌වා පමණ වර්ධනය වූ පසු (සාමාන්‍යයෙන් වසර 4-5 ක් ඇතුළත) පලදැරීම අරඹයි. සාමාන්‍යයෙන් පුවක් ගසක් අඩි 30 - 50 උසක් දක්‌වා වැවෙයි. එමෙන්ම පුවක් ගසකට කිසිදාක පොහොර භාවිතයක් කළ යුතු නොවීමද විශේෂයකි.
පුවක් නිෂ්පාදන සහ එහි භාවිතයන්
පුවක් ශාකයේ ඵල පොදුවේ පුවක් ලෙස හඳුන්වන අතර එ්වා සියළුම දකුණු ආසියාතික
රට වල සහ බොහෝ අග්ණිදිග ආසියාතික මෙන්ම මුහුදුබඩ ආශ‍්‍රිත රටවල බුලත් සමඟ
සැපීම සඳහා භාවිතා කරයි. එමඟින් සිරුරට මෘදු සැරගතියෙන් යුත් සන්වේදනයක්
සහිත මෘදු උත්තේජනයක් ලබාදේ. පුවක් ගෙඩි අමු සහ වියලි යන ආකාර දෙකින්ම
භාවිතා කරයි. ඉන්දියාව සහ පකිස්තානය යන රටවල අමු පුවක් කපා රසගන්වා විවිධ
නිෂ්පාදන සකස්කරයි. චීනයේ සහ ඉන්දියාවේ ආයුර්වේදයේ හා සාම්ප‍්‍රදායික චීන
ඖෂධ නිෂ්පාදන සඳහා පුවක් භාවිතා කරයි. කුඩු කරන ලද පුවක් ඇතැම් දන්තාලේප
නිපදවීම සඳහා සංඝටකයක් ලෙස ඉන්දියාවේ භාවිතාවේ. එමෙන්ම ඉන්දියාවේ ඇතැම්
ප‍්‍රදේශවල කුඩුකරන ලද පුවක් කෂාය හෝ නිස්සාරනය කරන ලද ඇල්කලොයිඩ පශුවෛද්‍ය
විද්‍යාවේ දී භාවිතා වන්නේ සතුන්ගේ පටිපණු රෝගයට සහ ආහාර මාර්ගය ආශ‍්‍රිත
පරපෝෂිතයින් මර්ධනය කිරීම සඳහා ඖෂධයක් ලෙසය.
එමෙන්ම පුවක් අතු ගෘහාශ‍්‍රිත භාණ්ඩ නිපදවීම සඳහා යොදාගනී. එ් අතර සැරසිල්ලක් ලෙස, පහසුවෙන් දිරායනසුළු පිඟන් නිර්මාණය සහ ඇසුරුම් ද්‍රව්‍යයක් ලෙස ද යොදාගනී. සාම්ප‍්‍රදායිකව පුවක් කොලපුව බත්මුල් බැඳීම සඳහා මෙන්ම කිතුල්පැණි ගබඩා කර තැබීම සදහාත් භාවිතා කරයි. හින්දු භක්තිකයින් විසින් මේරු පුවක් කඳ ගොඩනැගිලි ද්‍රව්‍යයක් ලෙස සහ ආගමික උත්සව වල දී සැරසිල්ලක් ලෙස ප‍්‍රයෝජනයට ගනී. කුඩා පුවක් පැළ විසිතුරු පැළෑටියක් ආකාරයෙන් යොදා ගන්නා අවස්ථා ද ඇත.
මෝසම් වර්ෂාව ආරම්භයත් සමඟම ක්‍ෂේස්ත‍්‍රයේ ස්ථාපනය කල යුතුය. ක්‍ෂේස්ත‍්‍රය සකස් කිරීමෙන් අනතුරුව සෙ.මී. 60 ං 60 ප‍්‍රමාණයේ වලවල් වලට මතුපිට පස්, කොම්පෝස්ට් හෝ ගොම පොහොර යොදා පැළ සිටුවිය යුතුය. මනා ජලවහනයක් සඳහා ජලවහන කාණු පද්ධතියක් ක්‍ෂේස්ත‍්‍රයේ ස්ථාපනය කිරීම යෝග්‍යවේ. බෑවුම් සහිත ඉඩමක වගා කිරීමේ දී සමෝච්ච රේකා අනුව පැල සිටුවීම අනුමත කරනු ලැබේ. වඩා යහපත් වර්ධනයක් සඳහා කාබනික පොහොර අත්‍යාවශ්‍යවේ.
එමෙන්ම පුවක් අතු ගෘහාශ‍්‍රිත භාණ්ඩ නිපදවීම සඳහා යොදාගනී. එ් අතර සැරසිල්ලක් ලෙස, පහසුවෙන් දිරායනසුළු පිඟන් නිර්මාණය සහ ඇසුරුම් ද්‍රව්‍යයක් ලෙස ද යොදාගනී. සාම්ප‍්‍රදායිකව පුවක් කොලපුව බත්මුල් බැඳීම සඳහා මෙන්ම කිතුල්පැණි ගබඩා කර තැබීම සදහාත් භාවිතා කරයි. හින්දු භක්තිකයින් විසින් මේරු පුවක් කඳ ගොඩනැගිලි ද්‍රව්‍යයක් ලෙස සහ ආගමික උත්සව වල දී සැරසිල්ලක් ලෙස ප‍්‍රයෝජනයට ගනී. කුඩා පුවක් පැළ විසිතුරු පැළෑටියක් ආකාරයෙන් යොදා ගන්නා අවස්ථා ද ඇත.
මෝසම් වර්ෂාව ආරම්භයත් සමඟම ක්‍ෂේස්ත‍්‍රයේ ස්ථාපනය කල යුතුය. ක්‍ෂේස්ත‍්‍රය සකස් කිරීමෙන් අනතුරුව සෙ.මී. 60 ං 60 ප‍්‍රමාණයේ වලවල් වලට මතුපිට පස්, කොම්පෝස්ට් හෝ ගොම පොහොර යොදා පැළ සිටුවිය යුතුය. මනා ජලවහනයක් සඳහා ජලවහන කාණු පද්ධතියක් ක්‍ෂේස්ත‍්‍රයේ ස්ථාපනය කිරීම යෝග්‍යවේ. බෑවුම් සහිත ඉඩමක වගා කිරීමේ දී සමෝච්ච රේකා අනුව පැල සිටුවීම අනුමත කරනු ලැබේ. වඩා යහපත් වර්ධනයක් සඳහා කාබනික පොහොර අත්‍යාවශ්‍යවේ.
අස්වනු ලෙීම හා පසු අස්වනු ක‍්‍රියාකාරකම්
පුවක් ශාකය පීදීම සඳහා වසර 06 - 07ක් පමණ
කාලයක් ගතවේ. නමුත් එම ශාකයෙන් උපරිම ඵලදාවක් ලබාදෙනු ලබන්නේ වසර 10-12ක්
පමණ ගතවූ පසුය. අපේක්‍ෂිත ප‍්‍රයෝජනය අනුව පුවක් පොකුරු විවිධ මේරීමේ
අවස්ථා වල දී නෙලනු ලැබේ. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ පුවක් අස්වනු නෙලීම
පැසුණු පසු සිදු කරන අතර එ්වා අමු හෝ වියලි ස්වරූපයෙන් ප‍්‍රයෝජනයට ගනී.
මෙම ගෙඩි පැසවීමට භාජනය කලහොත් එහි නැවුම් ස්වභාවයට හානි නොවී වසරක පමණ
කාලයක් තබාගත හැකිය. එක් ශාකයකින් වසරකට පුවක් පොකුරු 03-04 ක අස්වැන්නක්
ලැබේ.
ඔෂධීය ගුණාංග ෂහ රසායනික සංඝටක
පුවක් වල අඩංගු ප‍්‍රධාන රසායනික සංඝටකය
ටැනින්වේ. ගාලික් අම්ල සහ තිරවූ තෛලමය මැලියම්, ටර්පිනෝල් සුළු
ප‍්‍රමානයක්, ලිග්නීන්, විවධ ලවණ සහිත සංඝටක හා ඇරිකොලීන්, ඇරිකේන්, සහ
ගුවාසීන් නමින් ඇල්කලොයිඩ තුනක් ප‍්‍රධාන වශයෙන් හඳුනා ගත හැකිය.
අතීතයේ කුඹුරු ගොවියාද හේන් ගොවියාද, කරත්ත කරුවාද, පතල්කරුවාද, පෙදරේරුවාද, කම්මල්කරුවාද, බඹර කපන්නාද, ගල් වඩුවාද, අතුරේ යන්නාද, රා මදින්නාද (පොල්, තල්, කිතුල්) දඩයම් කරුවාද, ධීවරයාද, රෙදි අපුල්ලන්නාද වශයෙන් මෙකී නොකී සෑම තරාතිරමකම රැකියාවල නියුතුවූවන් තම විඩාව සංසිඳුවා ගන්නට බුලත් විටකින් සප්පායම් වීම පෙරදා ජන ජීවිතයේ අනිවාර්ය අංගයක්‌ව පැවතිණි. අතීතයේ කිසියම් ආගන්තුකයකු, අසල්වැසියකු හෝ පිටගම් කාරයෙකු නිවසට පැමිණී විට ආගන්තුක සත්කාරයට" පෙළ ගැසෙන්නේ තේ කෝප්පයක් හා බුලත් විටකුත්ය. අංගසම්පූර්ණ බුලත් විටකට පුවක්, බුලත්, හුණු, දුන්කලවලට අමතරව එනසාල් ඇටයක් කරාබු නැටි කැබැල්ලක්, වසාවාසී, සූදුරු, ඉඟුරු පියල් වැනි සුවඳ ද්‍රව්‍යය කීපයක්‌ද එකතු වීම අතීතයේ සුලභ දෙයක් විය. මෙවන් සුවඳ ද්‍රව්‍ය සමඟ කුරුටු ගෑ පුවක් ගෙඩි දෙක තුනක්‌ද බුලත් කොළ කීපයක්‌ද පිළිවෙලකට තැබූ බුලත් හෙප්පුවක් අතීතයේ ගැමි ගෙවල්වල ඉස්‌තෝප්පුවේ මැද කනප්පුවක සිට උජාරුවෙන් බලා සිටියේ හෙළ සංස්‌කෘතියේ සුවිශේෂී අංගයක් ලෙසිනි. වර්තමානයේදී පවා මංගල අවමංගල උත්සවයකදී වේවා නිවසට පැමිණෙන නෑදැ අසල්වැසි හා ඥති මිත්‍රාදීන් හා අමුත්තන් වෙනුවෙන් සාලයේ හෝ ඉස්‌තෝප්පුවේ කොනක බුලත් හෙප්පුවක් සුදානම්කර තැබීම චිරාගත සම්ප්‍රදයානුකූල චාරිත්‍රයක් ලෙස බොහෝ ගම්බද පළාත්වලදී දැකීමට පුළුවන. එමෙන්ම පැරැන්නන් වන්දනා ගමන් විනෝද ගමන් හෝ නැදැ ගමන් යැමේදී පවා ගමනට අවශ්‍ය වන ප්‍රධාන කළමනා අතර බුලත් මඩිස්‌සලයක්‌ද රැගෙන යැමට අමතක නොකළහ. පුවක් හා බැඳුණු ගිරය අනෙක් උපකරණය වනුයේ ගිරයයි. මේ සඳහාම සකස් කරගත් කුඩා පිහියක්‌ද (දුනු පිහිය) පැරැන්නන් අතර භාවිත විය. කොළඹ ජාතික කෞතුකාගාරය හා මහනුවර රාජකීය කෞතුකාගාරය තුළ සිංහල රජ කාලයේ භාවිත කළ විවිධ හැඩයට සැකසූ ගිර රාශියක් ප්‍රදර්ශනය කර තිබීමෙන් පෙනී යන්නේ අතීතයේ පුවක් බුලත් හා ගිරය අතර තිබූ අන්නේන්‍ය සබඳකමකි.
රාජකීය බුලත් විට
දුටු ගැමුණු රාජ්‍ය සමයේ පවා රජුගේ යුද හේවායන් සඳහා රජ ගෙදරට "බුලත් සැපයීමේ රාජකාරියට" වෙන්වූ පුද්ගලයන් කීපදෙනෙක් සිට ඇත. ඉන් අයෙකි. "බුලතා යෝධයා". (මහියංගණයේ සොරබොර වැව කරවූයේද බුලතා යෝධයාය) බුලතා යෝධයා දුටුගැමුණු රාජ සේනාවට බුලත් සපයද්දී බුලත්විටට අවශ්‍ය පුවක් සපයා ගැනුණේ සබරගමුවෙන් හා මහනුවර කොත්මලේ වැනි ප්‍රදේශවලිනි. පුවක් සැපයීම බාරව තිබුණේ එම ප්‍රදේශවල ජීවත් වූ සිංහල හා මුස්‌ලිම් වෙළෙන්දන් කීපදෙනකුටය. එපමණක්‌ද නොව මහනුවර රාජ්‍ය සමයේ හෙළ රජවරුන් රාජකීය භෝජන වැළඳීමෙන් පසු සුවඳ වර්ග 15 ක් එක් තැන්කොට රස මුසුකළ අංගසම්පුර්ණ බුලත්විටකින්ද සප්පායම් වූ බව මහා සිංහල විශ්ව කෝෂයේ සඳහන් වේ.
බුලත් විටක අගය
බුලත් විටක් සැපීමෙන් මුඛය සුවඳවත් වීමත්, දත් සඳහා හානි පමුණුවන විෂබීජ හා පණුවන් විනාශ වන බවත් පැරැන්නන් තුළ විශ්වාසයක් තිබිණි. බුලත් විටට එකතු කරන දුන්කල මඟින් රසයකුත් මත් ගතියකුත් ලැබෙන අතර පණුවන්ට අහිතකර ඖෂධයක් තමා පාවිච්චි කරන බවද පැරැන්නන් විශ්වාස කළහ. මේ නිසාම පැරැන්නන් ගේ ප්‍රධාන ආහාර රටාවේ අතුරු පසක් තරමටම ජනප්‍රියව බුලත් විට භාවිත කෙරිණි. එම බුලත් විටකට බුලත්, පුවක්, හුණු, දුන්කළ, කරඳමුංගු (එනසාල්) කරාබු හැටි, සාදික්‌කා, වසාවාසි, ඉඟුරු පියළි, කොත්තමල්ලි, අවශේෂ ද්‍රව්‍ය 18 කින් සමන්විත වූ බවද පොත පතෙහි සඳහන් වී ඇත. රජවරුන් මහාමාත්‍යදීන්, පුරෝහිතයන්, නිලමේවරුන් අතර පවා මෙම සම්ප්‍රදායික බුලත් විට ප්‍රචලිතව තිබිණි. රජ ගෙදර පවා රජතුමාට ආහාර පිළිගැන්වූ බත් වඩන නිලමේ බොජුන් වළඳා අවසන් වූ පසු රජුට මාහැඟි බුලත් විටක් සැපයවූ බව සඳහන්ය.
පුවක් ශරීර උත්තේජකයකි
තේ හෝ කෝපි කෝප්පයකින් ශරීරයට ලැබෙන උත්තේජනය බුලත් විටකින් ලැබෙන බව පැරැන්නන් අතර පවතින සාමාන්‍ය මතයයි. ශරීර ප්‍රබෝධයට, කාන්සියට, නිදිවැරීමට කුඹුරේ හේනේ පැල් රකින්නකුට බුලත් විටක් සමහර විටක මිතුරකු තරම් අගය වන්නට ඇත. එහෙත් කිසියම් හෝ හේතුවකට බුලත් විටට ඇබ්බැහිවීමම ඉතාම අයහපත් ලෙස මුඛ සෞඛ්‍යයට බලපාන බව වෛද්‍ය මතයයි. මතුපිට ලෙල්ල ඉවත්කර ගෙඩිය වටා ඇති කුරුට්‌ට ක්‍රමිකව ඉවත්කර සිහින් පෙති ලෙස හෝ කැබලි බවට කපා ගන්නා පුවක් ගෙඩිය නැවුම් බුලත් කොළයක් සමඟ කෑම (ඉඳහිටක) එතරම්ම අයහපත් නොවූවද ඊට හුණු හා දුංකල යහමින් එකතු කර නිතර බුලත් විට භාවිතයට පුරුදු වීම මුඛයේ හා උගුරේ බරපතළ පිළිකා ඇති කිරීමට හේතුවන බව වෛද්‍ය මතය වේ. නිතරම බුලත් විට සැපීම, රාත්‍රියේ නින්දට යන විට පවා බුලත් විටක් කටේ තබාගෙන නින්දට යැම, බුලත්විටක් සැපීමේදී හුණු දුන්කොල පුවක් සමග මිශ්‍රවන කෙළ ගිල දැමීම, විට කෑමෙන් පසු නිසි ලෙස මුඛය නොසේදීම පොදුවේ බුලත් විට සපන්නන් අතර පවතින බරපතළ අඩුපාඩුකම්ය. පුරා විද්‍යාත්මක සාධක අනුව ආසියාතික රටවල බුලත්aa විට සැපීම වසර 4000 ක් පමණ අතීතයට හිමිකම් කියයි.
පුවගේ අසිරිය
පුරාණයේ පිරිත් ගෙදරට, බණ ගෙදරට මෙන්ම සොකරි, දහඅටසන්නිය, කොහොඹා කංකාරිය, කිරි අම්මාවරුන්ගේ දානය, ආදි වූ පරැණි හෙළ සංස්‌කෘතික අංගයන් පැවතුණේ කිනම් තැනකද එතැනට පුවක් ගෙඩියෙන් හා පුවක් මලින් මෙන්ම පුවක් කඳෙන් ද සිදුවූ සේවය සුළුපටු එකක් නොවේ.
පිරිත් මණ්‌ඩපය, මඟුල් පෝරුව, තොරණ ආදියට පුවක් ගසේ කඳෙන් ලැබුණේ සුවිශේෂ අලංකාරයකි. ශක්‌තියකි. හොඳින් මේරු පුවක් ගසක කඳක් අවශ්‍ය දිගට කෙටි කර ගම්මැද්දේ ඇළ දොළ වල ඉවුරු හරහා යොදමින් පෙරදා ගැමියන් විසින් නිර්මාණය කරගත් "ඒදණ්‌ඩ" පසු කාලීනව මහා පාලමකට පූර්වාදර්ශයක් ම වූ බව පෙනේ.
පැරැන්නන් තම කටුමැටි නිවාසය සදාගැනීමේදී නිවසේ කණු බිත්තිය සවිමත් කිරීමට යෙදු වරිච්චි පටිද, වහලයේ රීප්පද සකසා ගත්තේ හොඳින් මේරු පුවක් කඳකිනි. වහලයට යෙදෙන රීප්පය මත විවිධ ශාකවල කිරි, ලාටු වැනි ස්‌වභාවික දැව ආරක්‍ෂකද තැවරූ කළ මේවායේ කල් පැවැත්මද වැඩිවේ. පුවක් රීප්ප මත පොල් අතු මනාව තබා බැඳීමෙන් අඩු වියදමකින් ගෙයි වහලයක් අතීතයේ සකසා ගත හැකිය.
පැරැණි කාලයේ ගෙවත්ත වටා බැඳුණු වැට පවා ශක්‌තිමත් කළේ පුවක් රීප්පයකිනි. ගිනිසීරියා වැටහිර වැනි පැළවෙන ලී කණු වැටට සිටුවා පුවක් රීප්ප එම කණු හරහා බැඳීමෙන් ශක්‌තිමත් වැටක් සකසාගත හැකි විය.
එකල වරිච්චි ගෙවල්වල මුදුන් කණු හා පැති කණු සඳහාද මේරු පුවක් කඳන් ප්‍රයෝජනයට ගැනිණි. කණුව සිටුවන වළ තුළට කොහොඹ ඇට කොටා පැඟිරි තෙල් සමඟ මිශ්‍ර කර වත් කිරීමෙන් පසට යටවන පුවක් කඳ කෘමීන්ගෙන් හා වේයන්ගෙන් ආරක්‍ෂා විය.
අතීතයේ බොහෝ කුඹුරුවල දෙනිය (දෙවන හීය) හෑමෙන් පසු ගොයම් සිටුවීමට කුඹුරු සකස් කර ගත්තේ (අඩි 8 - 10 ක් පමණ දිගු පුවක් කඳක්) දෙකෙළවරෙහි ලණුවක් බැඳ යමෙකු විසින් කුඹුරු මත ඇදගෙන යාමෙනි.
පැරැන්නන් සොහොන් ඉදිකිරීමට බහුලව යොදා ගත්තේ පුවක් කඳන්ය. පුවක් කඳේ පිට පොත්ත හොඳින් කුරුටු ගා එක් කොටසක් අඩි 3 -4 ක් පමණ වන සේ කොටස් කර සොහොන් වල වටා රටාවකට සිටුවාගත් පුවක් කඳන් මත කුරුම්බා කෝම්බ දවටා කිතුල් මල් රෑන් කීපයකින් පුවක් කණු සම්බන්ධ කර එම කුරුම්බා කෝම්බ හා කිතුල් මල් රෑන් මත රිදීපාට තීන්ත ආලේප කිරීමෙන් ඉතාම අඩුම වියදමකින් අලංකාර ලෙස සොහොන සරසාගත හැකි විය. (කිතුල් මල් රෑන් රිදීපාටින් ආලේප කළ පසු ඒවා ඈතට දිස්‌වන්නේ දම්වැල් මෙනි) ඉතාම පැරැණි ගම්වල මෙවැනි සොහොන් සැරසිලි අද ද සිදු කෙරේ.
අතීතයේ නිර්මාණය වුණු මංගල තොරණ, පිළිගැනීමේ තොරණ මෙන්ම මහා වෙසක් තොරණ හා පොසොන් තොරණ සඳහා භාවිත කළේ විශාල දිගකින් යුත් පුවක් කඳන්ය. මංගල තොරණ හා පිළිගැනීමේ තොරණ වර්තමානයේ නවීන ලෙස ඉදි වුවද වෙසක් හා පොසොන් තොරණ සඳහා වෙසක් පොසොන් සමයට ඉතා විශාල ලෙස පුවක් ගස් යොදා ගනී. මෙවන් තොරණ සඳහා පුවක් කඳකට වඩා ලාභදායක මෙන්ම භාවිතයට පහසුවන වෙනත් ආදේශක දැවයක් නොමැති තරම්ය. මංගල තොරණ හා පිළිගැනීමේ තොරණ අලංකාර කිරීමට "පුවක් මල" හා පුවක් අතු ද පැරැන්ණන් බහුලව සාදා ගත්හ.
මෑතක් වන තුරුම පොල්කටු හැන්දට, ඉදලට, කොස්‌සට මිට සකසා ගක්‌කේ ද පුවක් කඳින් සකසා ගත් පුවක් කීරිය. අද ඒ සඳහා යොදා ගන්නේ වෙනත් දැව වර්ගවල දැව කොටස් වීම කිසියම් ප්‍රමාණයකින් පුවක් ගස් ආරක්‍ෂා වීමටද බලපායි.
අතීතයේදී නාඩගම් හා සංගීත සංදර්ශනවල මෙන්ම දේශපාලන වේදිකාවද ඉදිකිරීමට විශාල වශයෙන් භාවිතයට ගැනුනේ පුවක් කඳන්ය. එය අද යකඩ බාර්වලට හිමිව තිබීම පුවක් ගස්‌වලට සිදුවන හානිය වැළැක්‌වීමට තරමක හෝ රුකුලක් වී ඇත. එහෙත් වර්තමානයේ පවා පිරිත් ගෙදරක පිරිත් මණ්‌ඩපයක උඩුවියන සරසා ගැනීමට පුවක් මල් කිනිත්තකින්" ලැබෙන උපකාරය අගනේය. එමෙන් "පිරිත් නූල" ඔතන්නේ පවා පුවක් මලක් වටා වීම තවමත් නොනැසී පවතින චාරිත්‍රයකි.
අතීතයේ මෙන්ම වර්තමානයේද වන්දනාව සඳහා සුදානම් වන වාහනයක ඉදිරිපසින් පුවක්‌මලක් සවිකිරීමද එසේ නොනැසී පවතින චාරිත්‍රයකි. පුවක් මලක් දැකීම පවා සුභ පෙරනිමිත්තක් සුබ ලකුණක් සේ සැලකීම මේ චාරිත්‍රවල පැවැත්මට හේතුවයි. පරිත් පැන් නිවස වටාද ගේ තුළද ඉසින්නේද පුවක් මල් කිනිත්තකිනි.
ඉදුණු පුවක් ගෙඩියේ ලෙල්ල වවුලන්නට හා ලේනුන්ට රසවත් පැණි ලබා දෙයි. වවුලන් ඉදුණු පුවක් ගෙඩියේ පැණි උරා බීමට මහත් රුචියක් දක්‌වති. කටින් ඩැහැගත් පුවක් ගෙඩිය සූප්පු කරන්නට වවුලකු අමතර කාලයක් වැය නොකරයි. වවුලා එම කාරිය කරන්නේ තම පියසැරිය අතරතුරමයි. පුවක් ශාකය රට පුරා පැතිරයාමට මෙම තත්ත්වය විශාල රුකුලකි. අතීතයේ මී මැස්‌සන් කුඹල්ලු වැනි සතුන් දෂ්ට කිරීමකදී ඉදුණු පුවක් ගෙඩියක යුෂ දෂ්ට කළ තැන ඇතිල්ලීම අත් බෙහෙතකි.
පුවක් අත්තේ "කොළපත" ද ජන ජීවිතයේ විවිධ අවස්‌ථාවල ප්‍රයෝජනයට ගැනිණි. අතීත ගැමි දරුවන් "කොළපත් පැදීම" ලෙසින් නම් කළ ක්‍රීඩාව සඳහා යොදා ගත්තේ ගසකින් ඉදී වැටුණු පුවක් අත්තක කොළ ඉවත් කළ නාරටිය සහිත කොළපතකි. කොළපතෙහි ඉඳගෙන එහි ඉදිරි නාරටියෙන් අල්ලා ගන්නා දරුවෙකු තවත් කෙනෙකු විසින් ඇදගෙන යමින් කොළපත් ඇදීමේ සෙල්ලමින් පෙරදා දරුවන් ඉහළ සතුටක් ලැබූහ.
පුවක් අත්ත සහ කොළපත
බිත්තර වී සකස් කිරීමේදී ජලයේ පොඟවා ගත් වී නිවසේ අඳුරු තැනෙක මුල්ලකට මුලින්ම බිම අතුරන්නේ අමු පුවක් අතුය. ඉන්පසු බිත්තර වී ඒ මත හෙලා ගොඩගසා ඒ මතද පුවක් අතු අතුරා වසා දමයි. ඉදී බිම වැටෙන පුවක් අත්තේ කොළයෙන් වෙන්කරගත් "පුවක් ඉරටු" එකට මිටියක් සේ බැඳ ගොම මැටි ගෑ ගෙබිමේ දූවිලි පිස දමන්නට අතීතයේ ගැමි ගෙවල්වල භාවිත කෙරිණි. අද මෙන් කෘත්‍රීම කෑම කොළ නොතිබුණු අතීතයේ බත් මුලක් බැඳීමට පවා යොදගත්තේ සීරුවට සකසා ගත් කොළපතකි. මෙසේ කොළපතක ඔතා සකසන ලද බත්මුල ඉක්‌මනින් පිළුණු නොවීමද විශේෂත්වයකි. කොළපත් පට්‌ටයක ඔතන ලද බත් මුලද ලබු කැටයකට ජලයද පුරවාගෙන හේනට කුඹුරට යන ගොවියා එය ඉතා ප්‍රනීත බත් මුලක් බව දනී. කුඹුරට හේනට කමතට පමණක් නොව නිවසට ජලය ගෙන ඒමට යොදාගන්නා කොළපත් ගොට්‌ට ද පෙරදා කොළපතින් සකසාගත් කොළපත් ගොටු භාවිතාවිය. කොළපත් පට්‌ටා, කොළපත සිහින් දිග තීරුවලට ඉරාගත් පසු ලැබෙන "පටි" ලණුවක් සේ භාවිතා කිරීමටද පුළුවණ. මේ අනුව හණ පට්‌ටා මෙන්ම කොළපත් පට්‌ටාද අතීතයේ ලණු වෙනුවට භාවිතා විය. අතීතයේ ගැමි ගෙදරක ලිපේ අළු ඇදීමටද කසල එකතු කිරීමටද මැටි කළගෙඩිය තැබීමටද කොස්‌ඇට, දෙල් ඇට හෝ ගොම ආදිය එකතු කිරීමටද භාවිත කළේ කොළපතකි. ගසකින් කඩාගත් කොස් ගෙඩිය පවා කර මත තබාගෙන පැමිණියේ කොළපතක් මත තබාගෙනය. අතීතයේ ගැමි ගෙවල්වල කුස්‌සියේ භාවිත කළ හැඳි ආණ" සකස් කළේද පුවක් ගසේ කොළපතකිනි. (හැඳි ආණ යනු පොල්කටු හැඳි රඳවා තබන උපකරණයයි) සමහර අවස්‌ථාවල වර්ෂා ජලය පොල්අතු වහලයෙන් රූරා විත් ගෙබිම මත වැටේ එවන් විටක පැරැන්නන් වහලයේ තෙමෙන තැනට තාවකාලික පිළියමක් ලෙස කොළපතක් තෙමෙන තැන රැඳවූහ. කුඹුරේදී කමතේදී හෝ හේනේදී රවුමට කැපූ කොළපත් පිඟානකින් තම අඩුක්‌කුව (කෑම වේල) සප්පායම් (කෑම ගැනීම) වීමද අතීතයේ සුළභව දක්‌නට ලැබිණි. රවුම් බෙලෙක් පිඟානක් කොළපතක් මත තබා සමහර දිගු කොළ පතකින් එවැනි පිඟන් දෙකක් හෝ තුනක් කපා ගැනීමට හැකිවිණි. කොළපත් පිඟාන මතට කැන්ද කොළයක් හෝ කෙසෙල් කොළයක් එලා ගැනීමෙන් එම කෑම වේලට අමුතුම රසයක්‌ද එක්‌වන බව අතීත ගැමියන් දැන සිටියහ. කොළපත ගැමි ජීවිතයට සමීපව මිතුරෙකු උදව්කාරයෙකු වූවේ එලෙසිනි. අන්තිමට මට ඉතුරු වුණේ ඇඳිවතයි කොළපතයි විතරයි" මේ ඉඟි වැකිය ඊට කදිම සාක්‌ෂියකි.
"කප්රුක" ලෙස හැඳින්වෙන පොල්ගස තරමටම පුවක් ගසද ජන ජීවිතය හා ඉතා තදින්ම බැඳුණු ගසක් බව පැහැදිලිව පෙනී යන කරුණකි. පුවක් ගසක වටිනාකම දැන එහි ව්‍යාප්තියට සහාය වීම අපගේ යුතුකමයි.
No comments:
Post a Comment