බෙලි ඖෂධීය වටිනාකමකින් යුත් පලතුරු වර්ගයකි. නිරෝගී භාවයට පත් කරන ඔසුවකි. ඖෂධීය කප්රුකකි. පුරාණ ඉන්දියාවේ වේද ග‍්‍රන්ථවලත්, ඉපැරණි ග‍්‍රන්ථවලත් අනේක විධ සර්වාංග රෝග නිවාරණය සඳහා ගුණ දෙන ඖෂධ වලින් පෝෂිත පලතුරක් වශයෙන් බෙලි හඳුන්වා දී ඇත. රූටාසේ (Rutaceae) ශාක කුලයට අයත් බෙලි ශාකය ශ‍්‍රී ලංකාවේ තෙත් කලාපයේත්, ඝර්ම කලාපීය අනෙකුත් රටවලත් සාරවත්ව වැඩේ. ‘ඒග්ලේ මාර්මිලෝස්’ යනුවෙන් හඳුන්වන මෙම පලතුරු වර්ගයේ මවු බිම ඉන්දියාවයි. බෙලි යනුවෙන් අප හඳුන්වන මෙම පලතුර ඛිලව (සංස්කෘතික) බෙන්ගෝල් ක්වීන්ස් (ඉංග‍්‍රීසි), බෙල (හිංදි), විල්වම් (දෙමළ) යයි ඒ ඒ භාෂා වලින් හඳුන්වනු ලැබේ. Aegle marmelos L, Correa/ Feronia pellucida Roth/ Crataeva marmelos Linn වැනි උද්භිද විද්‍යාත්මක නාමයන්ගෙන් හදුන්වන බෙලි ශාකය ඉංග්‍රීසි බසින් හදුන්වන්නේ Bael fruit tree, Bengal quince, Indian quince, Golden apple, Stone apple, Holy fruit වැනි නාමයන්ගෙනි. සංස්කෘතයෙන් බිල්වා යන ප්‍රසිද්ධ නාමයෙන් දක්වා ඇති මෙයට ගන්ධගර්භ, රිද්යගන්ධ, කන්ටකද්ය, ලක්ෂ්මීපාල, සමීරරස වැනි පර්යාය නාමයන් ඇත. මෙය ජම්බීර(පැගීරි) කුළයේ ශාකයකි.
බෙලිවල ගුණ ලෙස මධුරයි. තුන් දොස් නසයි, උෂ්ණයි, රුචි වඩයි, සිත පිනවයි, පිත වඩවයි, මළ බද්දයට මෙන්ම බුරුල් කිරීමට ද එක සේ ගුණ දෙන ලොව ඇති එකම පලතුරු වර්ගය බෙලිය. ඉන්දීය හා හෙළ නිඝංටුවල නම් ග‍්‍රන්ථයේ බෙලි පිළිබඳ දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කර ඇත්තේ මිනිස් ජීවිතයේ නිරෝගී බව රැක ගැනීම සඳහා උදාර මෙහෙයක් මේ ශාකයෙන් සිදුවන නිසා යැයි විශ්වාස කළ හැකිය. බෙලි ගෙඩියේ ස්වභාවය බැලූ විට, එය පැන්සලක් තරම් වූ මහත නටුවකට සම්බන්ධ, මෙය මෝරන තුරුම කොළ පාටින් ද යුක්තය.ඉදුණු ගෙඩියෙන් මිහිරි සුවඳක් වහනය වේ. මදය කහ පාටය, තදය. එහෙත් ඉදුණු විට ඇඟිලි තුඩු වලින් සූරා ගැනීමට හැකි වන තරමට මොළොක්ය.මාංශයට සම්බන්ධව දිග අතට පිහිටි කුඩා මදුලු නොහොත් කෝෂ, ලාටු වැනි අලෙන සුළු පැණි දියරකින් පිරී ඇත. බීජ පිහිටා තිබෙන්නේ ද මේවා තුළය.
මේ ගස විෂ සහිත තියුණු කටුවලින් යුක්ත බැවින්, සිය නිවෙස්වලින් ඈත සිටුවා ගැනීම බොහෝ දෙනෙකුගේ සිරිතයි. කුඩා බීජ මගින් හෝ අංකුර මගින් මෙහි ව්‍යාප්තිය සිදු වේ. ඉතා සෙමින් වැඩෙන මේ ශාකයේ පල දැරීමට වර්ෂ 10 ක පමණ කාලයක් ගත වේ.බෙලි පලතුරක් වශයෙන් අමුවෙන් කෑමට ගත නොහැකිය. එසේ වුවත් අමු බෙලි තම්බා සීනි මිශ‍්‍ර කර කෑමට ගන්නා අතර, ඉදුණු ගෙඩියේ මදය ඒ අයුරින්ම කෑමට ගනු ලැබේ. තේ ගස මේ රටේ වගා කිරීමට පෙර අපේ මුතුන් මිත්තෝ වියළි බෙලි මල් තැම්බූ වතුර පානය කළහ. අදටත් අප ආහාරයට ගන්නා කෘතිම ආහාර පානවලට වඩා මෙම පානය සෞඛ්‍යයට හිතකර වේ.ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ දී බෙලිවලට ඉතා ඉහළ ස්ථානයක් හිමි වේ. හෘදය පිනවීම මෙන්ම සුවඳවත් කිරීම ද මෙමගින් සිදු වේ. බෙලි කොළ, මල්, ගැට මද, පැසුණු ඵල සහ මුල් ද නොයෙකුත් ප‍්‍රතිකාර සඳහා යොදා ගනී.
බෙලි වෘක්ෂය මධ්‍යම ප්‍රමාණයේ ශක්තිමත්ව හා සෘජුව මිටර් 10-15 දක්වා උසට
වැඩෙන ශාකයකි. තියුණු කටු සහිතය. ශක්තිමත් ශාඛා වලින් යුක්තය. ඝණකම්
පොත්තක් සහිත කඳ අක්‍රමවත් රටාවලින් යුක්තය. පොත්ත එසේම සුවදවත්ය. පත්‍ර
කෙටි නටු වලින් සවිවි ඇත. ඒකාන්තර පක්‍ර රටාවක් පෙන්වයි. දිගැති සම්මුඛ
පත්‍ර යුගලයකින්ද දිග් වු වෘන්තයක් සහිත තරමක් විශාල වු අග්‍රස්ථ
පත්‍රිකාවකින්ද යුක්තය. පත්‍ර අංඩාකාරය. මතුපිට පෘෂ්ඨය සිනිදුය. කොළ පැහැයට
හුරු සුදු පැහැති පුෂ්පයේ දැක ගත හැක. ප්‍රසන්න සුවදකින් යුක්ත මල් තනිව
හෝ කිහිපයකින් යුක්තව හට ගනි. මල් හට ගැනීම මැයි මාසයේදි සිදුවේ. සෙ.මි. 8-20 දක්වා විෂ්කමභයකින් යුක්තව සෙ.මි. 8-20 දක්වා විෂ්කමභයකින් යුක්තව ඵලය කොළ පැහැතිය. ඉදෙන විට ක්‍රමයෙන් කහ
පැහැයට හැරේ. ඵලාවරණය මි.මි.3 ක පමණ ඝන කමකින් යුක්තය. ඇතුලත මදය නානුමය
මෘදු මෘදු පටකයකින් පිරි ඇත. මධුර රසයෙන් යුක්තය. එසේම සුගන්ධවත්ය. ඵලය තුල
බීජ හෙවත් ඇට රාශියක් හට ගනී. බීජ පාරදුෂ්‍ය වු ශ්ලේෂ්මල වලින් වටවි
ඇත.බීජාවරණය සුදු පැහැතිය. සියුම් කෙදි වලින් යුක්තය. ශ්ලේෂ්මලයේ ගිලි
පවති. ගෙඩි මේරීම අගෝස්තු සැප්තැම්බර් මාස වන විටදී සිදුවේ. බෙලි ශාකයේ නිජ භුමිය ලෙස සැලකෙන්නේ
ඉංදියාවයි. උෂ්ණ කලාපීය සහ අර්ධ උෂ්ණ කලාපීය දේශගුණයකින් හෙබි ප්‍රදේශ වල
බෙලි ශාකය හොදින් වැඩේ. ශ්‍රී ලංකාව, පාකිස්ථානය, බංගලිදේශය, බුරුමය සහ
තායිලන්තය වැනි රටවල බෙලි මනාව වැඩේ. ලංකාවේ බෙලි ප්‍රභේද දෙකක් ගැන සදහන්
වේ. ග්‍රාම්‍ය සහ වන්‍ය එම ප්‍රභේද දෙකයි. ග්‍රාම්‍ය ප්‍රභේදය වුවද එහි
ගෙඩි වල රසය අනූව උප ප්‍රභේද වලට බෙදීයයි.සාමාන්‍යයෙන් ග්‍රාම්‍ය බෙලි
ප්‍රභේදයේ ගෙඩි කුඩාය. වන්‍ය ප්‍රභේදයේ ගෙඩි සාපේක්ෂව ප්‍රමාණයෙන් විශාලය.
ඛනිජ ද්‍රව්‍ය සහ විටමීන් වර්‍ග බහුල පොෂ්‍ය පදාර්ථයන්ගෙන් බහුල ඖෂධීය
පළතුරක් ලෙස බෙලි ඉහලින්ම සදහන් කල හැක. මීට අමතරව කාබෝහයිඩ්‍රේට්,
ප්‍රෝටීන් බහුල පළතුරකි. අනෙක් පළතුරු හා සැසැදීමේදි බෙලි වල ඇති ප්‍රෝටීන්
ප්‍රමාණය ඉතා අධික බව පැවසිය හැක. ඛනිජ ද්‍රව්‍ය ලෙස කැල්සියම්, පොස්පරස්
හා යකඩ අඩංගුවේ.අමතරව විවිධ මූලද්‍රව්‍ය විවිධ මාත්‍රාවන්ගෙන් මෙහි
අන්තර්ගතව ඇත. බෙලි වල ඇති රසායනික ද්‍රව්‍යයන් අතරින් වඩාත් වැඩි විභවයක් ඇති රසායනිකය ලෙස හදුනා ගෙන ඇත්තේ මාමෙලොසින්
නැමති ද්‍රව්‍යයයි. විරේක කාරකයක් ලෙසත් මුත්‍රාකාරකයක් ලෙසත් ක්‍රියාතරන
බව සොයාගෙන ඇත. අමතරව දහඩිය දැමීම හා නින්ද නොයෑම මදක් අඩු කිරීමටද මෙම
ද්‍රව්‍ය සමත් බව පරික්ෂණයන්ගෙන් තහවුරු කරගෙන ඇත. සොරාලෙන්, මාර්මීන්, එජ්ලීන්
වැනි රසායනිකයන්ද වෙනත් ප්‍රති බැක්ටීරියාමය ( Anti Bacterial) සහ
ප්‍රති දිලීරමය( Anti Fungus) රසායනිකයන්ද හදුනගෛන තහවුරු කරගෙන ඇත.
බෙලි ශාකයේ ඔෟෂධීය වටිනාකම
බෙලි ශාකය යනු
පුද්ගලයාගේ ජීවිතය නිරෝගී භාවයට පත් කරන ඔසුවකි. බෙලි ගසේ සෑම අංගයක්ම
ඔෟෂධයක් සේ සැලකේ. එමෙන්ම අපේ දේශීය ඔෟෂධ අතරින් උසස්ම සහ වටිනා ශාකයක් ලෙස
සැලකිය හැකිය. බෙලි ශාකයේ එක් එක් කොටස් ප්‍රයෝජනයට ගත හැකි ආකාරය බලමු.
බෙලි මුල
බෙලි මුල් ගෙන හොඳින් සෝදා වේළා දෙහි ඇඹුලෙන් උරගාන්න. එමඟින් ලැබෙන යුෂවලට මී පැණි එකතු කර පානය කිරීමෙන් බඩවැලේ තුවාල හටගැනීම හා බඩවැල සම්බන්ධයෙන් මතුවන රෝග වළක්වාගත හැකිය. එමෙන්ම එමඟින් බඩවැලේ උෂ්ණත්වය පාලනය කරයි.
බෙලි පොතු
බෙලි පොතු ගෙන හොඳින් සෝදා වේළාගන්න. පසුව සූදුරු සහ කොත්තමල්ලි එකතු කොට යම් ප්‍රමාණයකට රත් කර ගන්න. එය හොඳින් කොටා ගෙන කෝපි මෙන් උදේ හවස පානය කරන්න. ශරීරයේ උෂ්ණත්වය පාලනය කරයි. වාත සෙම් පිත රෝග මර්දනය කරයි.
බෙලි මල
බෙලි මල් නොයෙක් කසාය සඳහා යොදා ගනී. බෙලි මල් වේළා කොටා කුඩු කර තේ සමානව හකුරු සමඟ පානය කිරීම පිපාසයට හොඳ ඔෟෂධයකි. එමෙන්ම බෙලි මල් පානය ප්‍රණීත පානයකි. ශරීරයේ උෂ්ණත්වය නිවමින් ලේ පිරිසුදු කරනවා පමණක් නොව සෙම් රෝග පිත නිවාරණය කරයි.
බෙලි දලු
බෙලි කොළ සහ දලු සෝදා සිහින්ව කපාගෙන රතුලූනු දෙහි ඇඹුල් එකතු කොට සම්බෝලයක් ලෙස සකස් කරගෙන ආහාර වේලට එක්කර ගන්න. මෙහිදී බඩවැලේ ගල්, වැලි ආදිය සිරවීම, ආමාශයේ ආහාර හිරවීම පමණක් නොව අම්ල පිත්ත රෝගයටත් නියම ඔෟෂධයකි.
බෙලි ගෙඩිය
බෙලි ගෙඩියේ කටුව සූදුරු සුදුලූනු සමඟ තම්බා පානය කිරීමෙන් අජීර්ණ ස්වභාවය වළක්වා ගත හැකිය. එමෙන්ම මල බද්ධයට නියම ඔෟෂධයකි. බෙලි මදය ඇට ඉවත් කර සීනි ඉඟුරුපියලි, සූදුරු, කොත්තමල්ලි පදම සාදාගෙන මී පැණි සමඟ ආහාරයට ගැනීමෙන් මූත්‍ර රෝග ඇතිවීම වළක්වයි. බෙලි ගෙඩියේ ඇට කොප්පරා, අමු කහ සමඟ අඹරා මීතෙල් දමා කැඩුණු අස්ථිවලට තබා වෙළීමෙන් අස්ථි ළං වේ. එමෙන්ම අස්ථි ශක්තිමත් වෙයි. එමෙන්ම බෙලි මදය (පැය දෙකකට පමණ) කුසගින්න නිවා ගැනීමට ආධාර වෙයි.
බෙලි මුල
බෙලි මුල් ගෙන හොඳින් සෝදා වේළා දෙහි ඇඹුලෙන් උරගාන්න. එමඟින් ලැබෙන යුෂවලට මී පැණි එකතු කර පානය කිරීමෙන් බඩවැලේ තුවාල හටගැනීම හා බඩවැල සම්බන්ධයෙන් මතුවන රෝග වළක්වාගත හැකිය. එමෙන්ම එමඟින් බඩවැලේ උෂ්ණත්වය පාලනය කරයි.
බෙලි පොතු
බෙලි පොතු ගෙන හොඳින් සෝදා වේළාගන්න. පසුව සූදුරු සහ කොත්තමල්ලි එකතු කොට යම් ප්‍රමාණයකට රත් කර ගන්න. එය හොඳින් කොටා ගෙන කෝපි මෙන් උදේ හවස පානය කරන්න. ශරීරයේ උෂ්ණත්වය පාලනය කරයි. වාත සෙම් පිත රෝග මර්දනය කරයි.
බෙලි මල
බෙලි මල් නොයෙක් කසාය සඳහා යොදා ගනී. බෙලි මල් වේළා කොටා කුඩු කර තේ සමානව හකුරු සමඟ පානය කිරීම පිපාසයට හොඳ ඔෟෂධයකි. එමෙන්ම බෙලි මල් පානය ප්‍රණීත පානයකි. ශරීරයේ උෂ්ණත්වය නිවමින් ලේ පිරිසුදු කරනවා පමණක් නොව සෙම් රෝග පිත නිවාරණය කරයි.
බෙලි දලු
බෙලි කොළ සහ දලු සෝදා සිහින්ව කපාගෙන රතුලූනු දෙහි ඇඹුල් එකතු කොට සම්බෝලයක් ලෙස සකස් කරගෙන ආහාර වේලට එක්කර ගන්න. මෙහිදී බඩවැලේ ගල්, වැලි ආදිය සිරවීම, ආමාශයේ ආහාර හිරවීම පමණක් නොව අම්ල පිත්ත රෝගයටත් නියම ඔෟෂධයකි.
බෙලි ගෙඩිය
බෙලි ගෙඩියේ කටුව සූදුරු සුදුලූනු සමඟ තම්බා පානය කිරීමෙන් අජීර්ණ ස්වභාවය වළක්වා ගත හැකිය. එමෙන්ම මල බද්ධයට නියම ඔෟෂධයකි. බෙලි මදය ඇට ඉවත් කර සීනි ඉඟුරුපියලි, සූදුරු, කොත්තමල්ලි පදම සාදාගෙන මී පැණි සමඟ ආහාරයට ගැනීමෙන් මූත්‍ර රෝග ඇතිවීම වළක්වයි. බෙලි ගෙඩියේ ඇට කොප්පරා, අමු කහ සමඟ අඹරා මීතෙල් දමා කැඩුණු අස්ථිවලට තබා වෙළීමෙන් අස්ථි ළං වේ. එමෙන්ම අස්ථි ශක්තිමත් වෙයි. එමෙන්ම බෙලි මදය (පැය දෙකකට පමණ) කුසගින්න නිවා ගැනීමට ආධාර වෙයි.
වාස්තු විද්‍යාවට අනුව
බෙලි ශාකය නිරිත දිශාවට ඉතා යහපත් බව කියනු ලැබේ. වාස්තු විද්‍යාවේ දී බෙලි ශාකය හඳුන්වනු ලබන්නේ ශ්‍රියා පල ශාකය ලෙසයි. එම නිසා මෙම ශාකය විශ්ව ශක්තිය පිටව යන නිරිත දිශාවේ සිටුවීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිය.හින්දු ආගමික හා දේව විශ්වාස හා බැදුනු ප්‍රධාන වෘක්ෂයක් වන්නේ බෙලි වෘක්ෂයයි. බෙලි වෘක්ෂය සම්බන්ධයෙන් ඇති ප්‍රධානතම ආගමික විශ්වාසය වන්නේ බ්‍රහ්ම, විශ්ණු සහ ඊශ්වරය (හින්දු ආගමේ එන ත්‍රිමුර්තිය) යන දෙවිවරු මෙම වෘක්ෂයට අරක්ගෙන ඇතය යන්නයි. එය සංඛේතවත් වන්නේ බෙලි පත්‍රයේ ඇති පත්‍රිකා තුනෙන් බව හින්දුන් අතර දැඩි විශ්වාසයක් ඇත.
මීට අමතරව විශ්ණු දෙවියන්ගේ භාර්යාව වන
ලක්ෂ්මිය වාසය කරන ස්ථාන අතර මුලින්ම කියැවෙන්නේ බෙලි ශාකයයි. ලක්ෂ්මිය යනු
හින්දු විශ්වාස වලට අනුව සෞභාග්‍යයේ සුරූපිනියයි. ඇය සිතූ පැතු සම්පත්
ලබාදෙන වස්තුන් අතරින් එකකි. සුර අසුර යුද්ධයේදි විශ්ණුහු විසින් ක්ෂීර
සාගරය කලම්බා සොයාගත් වස්තූන් අතරින් ලක්ෂ්මියද එක් වස්තුවකි. ලක්ෂ්මියගේ
වාසභවනය යන අර්ථයෙන් බෙලි වෘක්ෂයද සෞභාග්‍යමත් බවේ සංඛේතයක්ය යන පිළිගැනීම
පැරැන්නන් අතර පැවතුණි. ඒ අනූව සෑම නිවසකම ඉදිරියේ දකුණු පැත්තට වන්නට
බෙලි ශාකයක් රෝපනය කර ගැනීමට පැරැන්නෝ පෙළඹී සිටියහ. ශීව දෙවියන් පිදීමටද
බෙලි පත්‍ර යොදාගැනීමට හින්දුන් කටයුතු කරණු ලැබේ. බෙලි වෘක්ෂයේ ඇති ඖෂධීය
වටිනාකම නිසාම ශිව දෙවියන්ගේ මහත් ආදර ගෞරවයට එය පත්වු බව විශ්වාසයක් ඇත. ඒ
නිසාම හින්දු දහමේ වන්දනාවට
පාත්‍රවන ශංකර්(ශිව) දෙවියන්ගේ භාර්යාව වූ පාර්වතියගේ පියොවුරු හා සමාන
කොට බෙලි ඵලය දැක්වීමට පුරාණ ශ්‍රේෂඨ සංස්කෘත පොත්පත් වල කතුවරුන් කටයුතු
කර ඇත. බෙලි ශාකය වූකලි සර්ව බලධාරී දෙවියන් විසින් මිනිසාගේ සුභසිද්ධිය
සදහාම ත්‍යාග කරන ලද්දක් යැයි විශ්වාසයක්ද ඇත. ඒ අනූව බෙලි ශාකයක් කපා
දැමීම දෙවියන්ගේ කොපයට හේතුවක් වන බවත් එහි ප්‍රතිඵලයක් ලෙස නොයෙක් ආකාරයේ
රෝග පීඩා ඇතිවිම සිදුවන බවටත් විශ්වාස කෙරේ. වර්තමානයේද බෙලි ගස් කැපීම හෝ
දර වශයෙන් ගිනි දැල්වීමට ගැනීම නොසුදුසු යැයි/ නොකල යුතු යැයි යන මතයක්
සමාජයේ ඇත. බෙලි ගස් වැවෙන ස්ථාන අසල භූමියේ අභ්‍යන්තරයේ හොදින් වතුර ඇති
බවටද පිළිගැනීමක් ඇත. එය ලිං කැනීමේදි සුදුසු ස්ථානයක් සොයා ගැනීමට හොද
ඉගියක් කොට ගැනීමට එම කාර්යයේ නිරත වන්නෝ පුරුදුව සිටිති.
No comments:
Post a Comment