Translate

Tuesday, October 25, 2016

නන්ද ප‍්‍රනාන්දු නැමති බාලදක්ෂයා

බැංකු ක්ෂේත‍්‍රයේ වසර 35 කට අධික අත්දැකීම් ඇති  නන්ද ප‍්‍රනාන්දු මහතා පසුගියදා සම්පත් බැංකුවේ නව කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස වැඩ භාර ගත්තේය. බැංකුවේ ආරම්භයේ සිටම එහි උන්නතිය සඳහා විශාල දායකත්වයක් දැක්වූ ඒ මහතා මෙම පත්වීමට පෙර කටයුතු කළේ එහි ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරීවරයා වශයෙනි. ඒ මහතා මේ වන විට සම්පත් බැංකු සමූහයට අනුබද්ධ SC සිකියුරිටීස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කරයි.
සම්පත් බැංකුවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ අරවින්ද පෙරේරා මහතා එම ධූරයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව මෙම නව පත්වීම සිදු වී තිබේ. බැංකු කරුවකු ලෙස වසර 35 ක අත්දැකීම් ඇති ඔහු වසර 6 ක් හැටන් නැෂනල් බැංකුවේ සේවය කර ඇත. සම්පත් බැංකුව වෙනුවෙන් වසර 29 කට ආසන්න කාලයක් ලබාදුන් අනුපමෙය සේවය අගයමින් නන්ද ප‍්‍රනාන්දු මහතා ඉදිරියේදී එම බැංකුවේ වර්ධනය තව තවත් වේගවත් කිරීම සඳහා නව වැඩසටහන් රාශියක් ක‍්‍රියාත්මක කිරීමට හැකියාව ලැබේවායි අප ප්‍රාර්ථනා කරමු. 

ශ‍්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයේ උපාධිධාරියෙකු වන නන්ද ප‍්‍රනාන්දු මහතා අලෙවිකරණය ප‍්‍රමුඛව ව්‍යාපාර පරිපාලනය පිළිබඳව පශ්චාත් උපාධියක් හිමි කරගෙන ඇත. එමෙන්ම ඒ මහතා ශ‍්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ හිටපු දිස්ත‍්‍රික් කොමසාරිස්වරයෙකු ලෙස කටයුතු කර ඇති අතර, ජාතික පුහුණු කිරීමේ මණ්ඩලයේ පුහුණු කිරීමේ නායකයෙකු ලෙස සුදුසුකම් සපුරා තිබේ. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඒ මහතා මේ වන විට එහි සමූහ කමිටුවේ උපදේශක ලෙසද කටයුතු කරයි.

මූල්‍ය සේවා ක්ෂේත‍්‍රයේ පුරෝගාමී සමාගමක් ලෙස සම්පත් බැංකුව ලබා ඇති කීර්තිය තවදුරටත් වර්ධනය කිරීම සඳහා මින් ඉදිරියට ඒ මහතාගේ දායකත්වය වඩාත් පුළුල් ලෙස හිමි වනු නිසැකය. සිය ආදර්ශමත් වෘත්තීය ජීවිතය තුළ නන්ද ප‍්‍රනාන්දු මහතා පාරිභෝගික බැංකුකරණය හා ආයතනික බැංකුකරණය යනාදී අංශ ඇතුළුව බැංකුවේ මෙහෙයුම්වල විවිධ අංශ රාශියක් සඳහා නායකත්වය ලබා දී තිබේ.

1986 වසරේදී සංස්ථාගත කරන ලද සම්පත් බැංකුව ශ‍්‍රී ලංකාවේ සාම්ප‍්‍රදායික හරයන් නවීන තාක්ෂණය සමග මුසු කරමින් මෙරට ගනුදෙනුකරුවන්ට විශිෂ්ටතම බැංකුකරණ සේවාවක් ලබා දීමට නිරන්තරයෙන් කටයුතු කරන බැංකුවකි. නන්ද ප‍්‍රනාන්දු මහතාගේ පත්වීම බැංකුවේ මෙම සුවිශේෂී මෙහෙවර තව තවත් ශක්තිමත් කිරීමට හේතුවක් වනු නොඅනුමානය.

 ------------------

Sampath Bank, ranked among the top-tier private banks in the country, has announced the appointment of Nanda Fernando as its new Managing Director with effect from today.

Having played a pivotal role at Sampath Bank since the year of its inception, Fernando served in the capacity of Chief Operating Officer, prior to this appointment.

With a banking career that spans 35 years, he also function as a Director of SC Securities Ltd., which is a subsidiary of the Sampath Group of Companies.

Havingdynamically contributed to the strengthening of Sampath Bank for almost 29 years, his appointment as the new Managing Director will see the application of multidisciplinary competencies to further establish the bank as a benchmark financial institution in Sri Lanka.

Fernando aims to strengthenSampath Bank’s values, stakeholder presence and business objectives as the financial conglomerate looks towards further expansion and growth in the country.

During his illustrious career, Fernando has been responsible for driving multipleaspects of the bank and has supported transactional banking covering retail and corporate banking, among many other key growth areas.

An Associate member of the Institute of Bankers in Sri Lanka, he possesses a Master’s Degree in Business Administration specialising in Marketing. He is also a qualified Four Bead Leader Trainer and a past District Commissioner of the Sri Lanka Scouts’ Association. He is a product of S. Thomas’ College, Mount Lavinia and currently functions as the Group Advisor to the Group Committee of his alma mater.

Incorporated in 1986, Sampath Bank PLC has successfully combined traditional Sri Lankan values with state-of-the-art innovations to offer a local, yet progressive banking propositions to its stakeholders. The new appointment of Fernando will see the continuation and the strengthening of the Bank’s ambitions and its contribution to Sri Lanka. 

No comments:

Post a Comment