Translate

Friday, June 21, 2024

ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසයට අමතක වී යන අමරණීය සැමරුම - 2024 ජුනි 02 දිනට යෙදුණු එෆ්.ජී.ස්ටීවන්ස් දිනය

දේශීය දරුවන් වෙත බාලදක්ෂ ව්‍යාපාරය හඳුන්වා දීමේ පුරෝගාමීයා වනුයේ එෆ්.ජී.ස්ටීවන්ස් මහතාය. එතුමා කළ ජාතික මෙහෙවර අගයන ශ්‍රී ලාංකික බාලදක්ෂයෝ සෑම වසරකම ජුනි දෙවැනි දින ස්ටීවන්ස් දිනය සමරති. ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසයට අමතක වී යන 2024 ජුනි 02 දිනට යෙදුණු එෆ්.ජී.ස්ටීවන්ස් දිනය නිමිතෙන් තබන සටහනකි.
 
SCOUTING MAGAZINE® - SRI LANKA | VOLUME 02 | ISSUE 02 | ISSN 2279-1310 | Page 5, 6
 
එෆ්.ජී.ස්ටීවන්ස් දිනය 2024 ජුනි 02 සැමරීම
 
ප්‍රැන්සිස් ජෝර්ජ් ස්ටීවන්ස්, වයිට් ඊගල් වයිට් ඊගල් (02 ජුනි 1890) යනු, ඉංග්‍රීසි ජාතික එෆ්.ජී.ස්ටීවන්ස් මහතාගේ ප‍්‍රමුඛත්වයෙන් 1912 වසරේ දී ලංකා බාලදක්‍ෂ කටයුතු මාතලේ ක්‍රිස්තු දේව විද්‍යාලයෙන් ආරම්භ විය. ජුනි 02 දිනය ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයෙහි ආදිකතෘ දිනය ලෙස සලකනු ලැබේ.  

එෆ්.ජී.ස්ටීවන්ස් මහතාගේ දියසායම් උඩුකය සිතුවම - Scouting Magazine 2වැනි කලාපය

ශ්‍රී ලංකාවට බාලදක්ෂ ව්‍යාපාරය හඳුන්වා දීම

එවකට ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිතයක් වීම බාලදක්ෂ ව්‍යාපාරය මෙරටට හඳුන්වා දීමට ප්‍රබල හේතුවක් විය. ඒ 1912 වසර විය. එවකට ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ (P W D) මාතලේ දිසා ඉංජිනේරැ පදවිය දැරෑ ඉංග්‍රිසි ජාතික ෆ්‍රැන්සිස් ජෝර්ජ් ස්ටීවන්ස් මහතාගේ නිල නිවසට යාබදව පිහිටි මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලය (birthplace of Scouting in Sri Lanka, Christ Church College, Matale) ඒ සඳහා තෝරා ගැනීම අහඹු සිදුවීමක් විය. මාතලේ තම නිල නිවසට යාබදව පිහිටි මාතලේ ක්‍රිස්තුදේව විදුහල තුළ ප්‍රථම බාලදක්ෂ කණ්ඩායම ආරම්භ කිරීමට එතුමා තීරණය කළේය. අසල්වැසි ක්‍රිස්තුදේව විදුහලේ එවකට විදුහල්පති වශයෙන් කටයුතු කළ ඩී.ඒ.ජයසිංහ මහතා සමග එෆ්.ජී.ස්ටීවන්ස් මහතා සාකච්ඡා කළේය. පාසලේ රුස්වීමේදී ගුරැමණ්ඩලය හා සිසුන් අමතා බාලදක්ෂ ව්‍යාපාරය ගැන පැහැදිලි කළේය. එංගලන්තයේ රාජකීය හමුදාවේ ලුතිනන් ජනරාල් රොබට් බේඩ්න් පවෙල් මහතා විසින් ආරම්භ කරනු ලැබූ බාලදක්ෂ ව්‍යාපාරය පිළිබඳව හඳුන්වා දීමෙන් පසු පාසලේ සිසුන් තුළ බාලදක්ෂ ව්‍යාපාරය කෙරෙහි උනන්දුවක් ඇති විය. “සුදු රාජාලියා” යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ මෙතුමාට එහි සේවය කළ හැකි වූයේ වසර 20 ක් පමණි. [3]

ප්‍රථම බාලදක්ෂ කණ්ඩායම

මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලයේ දී ලක්දිව ප්‍රථම බාලදක්ෂ කණ්ඩායම ස්ථාපිත කෙරිණ. ආර්.ඩී.කොටුවේගෙදර, ආර්.බී. කපුවත්ත, ජෝන් කරැණාරත්න, තම්බෝ නඩරාජා, ඒ.එම්.හමීඩ්, එම්.සහබ්ඩීන් සහ පීටර් බෝලින් යන සිසුවෝ ප්‍රථම බාලදක්ෂ කණ්ඩායම් සාමාජිකයෝ වූහ. ඔවුහුසිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ජාතීන් නියෝජනය කළෝය. 1907 දී එංගලන්තයේ ඇරඹුණු බාලදක්ෂ ව්‍යාපාරය ඉන් වසර පහකට පසු අත්හදා බැලීමක් ලෙස සිය රාජකාරි විවේක කාලය තුළදී ක්‍රිස්තුදේව විද්‍යාලයේ දී ක්‍රියාත්මක විය.
 

මෙම විද්‍යාලය 1864 දී කුරුණෑගල රදගුරු පදවියේ පල්ලියේ මිෂනාරිවරුන් විසින් සොෆී මැකාති ආර්යාවගේ උයනේ (garden of Lady Sophie McCarthy) ක්‍රයිස්ට් චර්ච් පිරිමි ඉංග්‍රීසි ප්‍රාථමික පාසල (Christ Church Boys' English Elementary School) ලෙස ආරම්භ වී තිබේ. 1912 දී බ්‍රිතාන්‍ය මහාමාර්ග ඉංජිනේරුවරයෙකු වූ ෆ්‍රැන්සිස් ජෝර්ජ් ස්ටීවන්ස් විසින් පළමු ශ්‍රී ලංකා බාලදක්ෂ කණ්ඩායම පාසලේ පිහිටුවන ලද බව පාසල් ඉතිහාස පොත්වල වාර්තා වී තිබේ. මෙම විද්‍යාලයේ සළකුණෙහි බාලදක්ෂ සලකුණ යොදා තිබීමද සුවිශේෂී වේ.

ප්‍රථම බාලදක්ෂ ආචාර්යවරයා

දේශීය දරැවන් වෙත බාලදක්ෂ ව්‍යාපාරය හඳුන්වාදීමේ පුරෝගාමියා එෆ්.ජී.ස්ටීවන්ස් මහතාය. එතුමාගේ උපදෙස් මත ප්‍රථම බාලදක්ෂ ආචාර්යවරයා වශයෙන් ක්‍රිස්තුදේව විද්‍යාලයේ එවක විදුහල්පතිතුමාගේ සොහොයුරා වූ එම විදුහලේම සේවය කළ ඩී.චාල්ස් ජයසිංහ මහතා පත්කරනු ලැබුවේය. ඒ අනුව ශ්‍රී ලංකාවේ බිහි වූ ප්‍රථම බාලදක්ෂ නායකයා වන්නේ ඩී.චාල්ස් ජයසිංහ මහතාය.

එවකට ක්‍රිස්තුදේව විදුහලේ විදුහල්පති ඩී.ඒ.ජයසිංහ මහතාගේ පූර්ණ අවසරය හා අනුග්‍රහය ස්ටීවන්ස් මහතා වෙත ලැබුණි. පාසල් දරැ දැරියන් බාලදක්ෂ ව්‍යාපාරය පිළිබඳව දැනුම්වත් කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස දරැවන් කිහිප දෙනෙක් බාලදක්ෂයින් වීමට කැමැත්ත පළ කළහ. ඒ අනුව, ආර්.ඩී.කොටුවේගෙදර, ආර්.බී.කපුවත්ත, ජෝන් කරැණාරත්න, තම්බෝ නඩරාජා, ඒ.එම්.හමීඩ්, එම් බ්ඩීන් සහ පීටර් බෝලින් යන සිංහල දමිළ, මුස්ලිම් හා බර්ගර් ජාතීන්ට අයත් සිසුන් 08 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකාවේ ප්‍රථම බාලදක්ෂ කණ්ඩායම ස්ථාපිත කෙරිණ.

එංගලන්තයේ පළ කෙරැණු Scouting For Boys නම් ග්‍රන්ථය ද The Scout නමින් පළවන සතිපතා සඟරාව උදවු කරගනිමින් පුහුණු කටයුතු කරගෙන යනු ලැබීය. බාලදක්ෂ ව්‍යාපාරය පිළිබඳ ව ලංකාව පුරා දැනුවත් කිරීමේ අරමුණින් සිලෝන් ඉන්ඩිපෙන්ඩන්ස් (Ceylon Independence) පුවත්පතෙහි සතිපතා බාලදක්ෂ ප්‍රවෘත්ති තීරයක් වෙන් කරගැනීමට ද හැකිවිය. බාලදක්ෂ ව්‍යාපාරයෙන් ලබන පුහුණුවෙන් හා එහි අරමුණු වලින් ප්‍රතිපත්ති ගරැක දරැවන් බිහි කරන්නට උත්සාහ ගත්තේය. පොත්පත් සඟරා ආදියෙන් ලබාගත් දැනුමින් ජාතික පුහුණු කිරීමේ ක්‍රමවේද ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ ද එෆ්.ජී.ස්ටීවන්ස් මහතාය.

සමාජය තුළ ජීවමානව හා සක්‍රීය ලෙස බාලදක්ෂ ව්‍යාපාරය පවත්වා ගෙනයාමට ප්‍රචාරණය සහ ප්‍රවර්ධනය අත්‍යවශ්‍ය සාධකයක් බව එෆ්.ජී.ස්ටීවන්ස් මහතා තේරුම් ගත්තේය. සිලෝන් ඉන්ඩිපෙන්ඩන්ස් පුවත්පතේ කතුවරයා සමග සාකච්ඡා කර සතිපතා පළවන බාලදක්ෂ ප්‍රවෘත්ති තීරයක් ආරම්භ කළේය. ඉන්පසු The Ceylon Scout නමින් ලංකාවේ තුළ මුද්‍රණය කළ ප්‍රථම නිල බාලදක්ෂ පුවත්පත නිකුත් කළේය. මෙම පුවත්පත් මඟින් මෙන් ම අනෙකුත් ජාතික පුවත්පත් මඟින් ද ව්‍යාපාරයේ අරමුණු හා ප්‍රතිපත්ති එළිදක්වමින් ද බාලදක්ෂ ආචාර්යවරුන් ලෙස බැඳෙන ලෙස ඉල්ලා එකල සිරිලක ප්‍රභූන් වෙත ආයාචනය කරමින් ද ලිපි පළ කරන ලද්දේ ය. මේ සඳහා බී.එ්.ආර්. හියුස් මහතාගේ දායකත්වය අතිමහත් වේ. ගරු ජේ.ටී.ස්මෝල් (Rev.J.T.Small) දේවගැතිතුමාගේ ද ජේසු නිකායික ගරු සී.රිචඞ් (Rev.C.Reichard) පියතුමාගේ ද රජයේ රස පරීක්ෂක සී.ටී.සීමන්ස් (C.T.Symonds) මහතාගේ ද සහයෝගය එතුමාට ලැබිණ.

බී. පී. තුමා විසින් එෆ්. ජී. ස්ටීවන්ස් මහතා යටත්විජිත කොමසාරිස් ධුරයට පත්කරනු ලැබීමෙන් අනතුරු ව 1914දී බිතාන්‍ය බාලදක්ෂ සංගමයෙහි ලංකා ශාඛාව (British Boy Scout Association Ceylon Branch) වශයෙන් පිළිගැනීම සිදුවිය.  
 
1916 දී ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ වෘක පෝතක අංශය ඇරඹුණ දින දී ම ලංකාවේ ප්‍රථම වෘක පෝතක රැළ වන 2 වන ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයීය පෝතක රැළෙහි ආරම්භය ද 1918 දී කොළඹ දී අරඹන ලද ලංකාවේ මුහුදු බාලදක්ෂ අංශය ද 1920 දී අරඹන ලද මානවක බාලදක්ෂ අංශය ද ස්ටීවන්ස් යුගයට අයත් වේ.

සමස්ත ලංකා ප්‍රථම බාලදක්ෂ රැළිය

කොළඹ හැව්ලොක් තුරග තරග පිටියෙහි 1917 දී පැවති සමස්ත ලංකා ප්‍රථම බාලදක්ෂ බටහිර දිසාරැළිය මෙරට බාලදකෂයින්ට නවමු අද්දැකීමක් විය. මේ වන විටත් එෆ්. ජී. ස්ටීවන්ස් මහතා යටත්විජිත ආණ්ඩුව විසින් මෙසපොතේමියාවේ යුද සේවය කැඳවා තිබූ අතර යුද සේවය නිමා වූ වහා නැවතත් ලංකාවට පැමිණ යළිත් බාලදක්ෂ කටයුතු කෙරෙහි අවධානය යොමුකරනු ලැබුවේ ය. ඒ වන විටත් දේශීය වශයෙන් පරිනත පුහුණුවක් ලැබූ නායකයින් ගණනාවක් මෙන්ම බාලදක්ෂ සමූහ ගණනාවක් ද දිවයින පුරා ආරම්භ වී ඉතා දියුණු මට්ටමකින් පැවති බව බාලදක්ෂ ඉතිහාසයේ සදහන් වේ. නවවසරක රාජකාරියෙන් පසුව ලද නිවාඩුවෙන් පසු එංගලන්තයට ගිය එතුමා ග්ලැඞ්ස් ක්‍රොක්වෙල් (Gladys Crockwell) මෙණෙවිය හා විවාහ වී 1920 දී යළිත් ලංකාවට පැමිණියේ ය.

ලෝක සංචාරයේ යෙදුනු බේඩ්න් පවෙල් යුවල පිළිගැනීම 
 
1921 දී පළමු වරට ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නායක බේඩන් පවෙල් සාමිවරයා සහ ඔලේව් සෙන්ට් ක්ලෙයාර් මැතිනියගේ ලංකාවට සැපත් වීම සිදු විය. එම ජාතික උත්සවය කොළඹ ගාලු මුවදොර පිටියේ මහත් හරසරින් සංවිධානය කළේ එෆ්.ජී.ස්ටීවන්ස් මහතාගේ උපදේශකත්වයෙනි. එම අවස්ථාවේ දී ඔවුන් පිළිගැනීමට කොළඹ ගාලූ මුවදොර පිටියේ පැවති රැළියෙන් අනතුරු ව බොහෝ හැල හැප්පීම් මධ්‍යයේ යටතේ එෆ්. ජී. ස්ටීවන්ස් මහතා විජිත කොමසාරිස් ධුරයෙන් ඉල්ලා අසු වූ අතර එම වකවානුවේදී එතුමා ලංකා බාලදක්ෂ කටයුතු සම්බන්ධයෙන් බොහෝ කණස්සල්ලෙන් ද සිටි බව වාර්තා වේ. එෆ්. ජී. ස්ටීවන්ස් මහතාගේ වසර 33ක බාලදක්ෂ ව්‍යාපාරයට කරනු ලැබූ විශිෂ්ට සේවය අගයමින් බී. පී. තුමා විසින් පෞද්ගලික ව ඇගයීමට ලක්කරමින් ‘රිදී වෘකයා’ [4] සම්මානය ද ප්‍රදානය කරන ලද්දේ ය. ඒ් වන විට ලංකා බාලදක්ෂ ව්‍යාපාරයෙහි පසුබිම බෙහෙවින් වෙනස් වී තිබිණ.[5]

පසුව මෙතුමා නැවත 1939 දී ගිහි සංගමයේ සභාපතීත්වයට පත්විය. මෙම වකවානුවේ දී ජාතික බාලදක්ෂ මූලස්ථානය විසින් එතුමා ගරු ප්‍රධාන කොමසාරිස් වශයෙන් ද පත් කරනු ලැබූ අතර ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ පළමු යටත් විජිත ප්‍රධාන කොමසාරිස් වරයා වන්නේ ද මෙතුමා ය. කෙසේ හෝ ක්‍රිස්තුදේව විද්‍යාලයේ බාලදක්ෂ කණ්ඩාම පෙර තිබු උද්යෝගයෙන් අඛණ්ඩ ව පවත්වාගෙන ගොස් ඇති බව එම කණ්ඩායමේ පැරණි ලොග් සටහන් වලින් පෙනේ. 1940 වර්ෂයේ දී එෆ්.ජී.ස්ටීවන්ස් මහතා එම කණ්ඩායම නැරඹීම සදහා ප්‍රධාන කොමසාරිස්වරයා ලෙස පැමිණි අතර එය විද්‍යාලීය බාලදක්ෂ ලොග් පොතේ අත්සන් සහිත ව සටහන් තබා තිබේ. 1940.07.30 දින තබන ලද ලොග් සටහනකින් කියවෙන්නේ එතුමාට ගෞරව පිණිස එදින පාසලේ දරුවන් අමතා කතා කිරීමට ද එතුමාට අවස්ථාව උදා වී තිබේ.

ශ්‍රී ලාංකීය ප්‍රථම බාලදක්ෂ කොමසාරිස් මෙන් ම ක්‍රිස්තු දේව බාලදක්ෂ සමූහයේ නිර්මාතෘතුමා වශයෙන් ද එතුමා සිහිකිරීම පිණිස එම විද්‍යාලෙයහි ඉදිකල බාලදක්ෂ උයනෙහි එෆ්. ජී. ස්ටීවන්ස් මහතාගේ උඩුකය ප්‍රතිමාවක් ද ඉඳිකර තිබේ. එතුමන් වෙනුවෙන් ලංකාවේ ඉදි වූ ඒකම සිහිවටන ප්‍රතිමාව ද මෙය වේ. මෙම නිර්මාණය මාතලේ හිටපු බාලදක්ෂ කොමසාරිස් රෙජිනෝල්ඩ් විල්සන් මහතාගේ ය.

රට පුරා පැවති සියළු ම බාලදක්ෂ ගිහි සංගම්වලට යමින් සහ ඒවායේ පවතින අඩුපාඩු අවම කර ගැනීමට සහාය වෙමින් බාලදක්ෂ මූලධර්ම අනුව ම බාලදක්ෂ කණ්ඩායම් මෙහෙයවීම සඳහා නායකයන්ට උපදෙස් දෙමින් ද 1945 වසරේ දී නැවත එංගලන්තය බලා යන තුරු ම ඉතා ප්‍රශංසනීය ආදර්ශවත් සේවාවක් කරන්නට එතුමාට හැකි විය. 

වැඩිදුර කියවීමට
Big Chief White Eagle - සුදු රාජාලියා  
 

blog key words -
All Ceylon Scout Movement, sri lanka scout, Welcome To Scouting in Sri Lanka, Colombo Scouts, National Scout Media Unit - Sri Lanka, Colombo, Scout Movement in Sri Lanka, 2022 Badge Syllabus, Sri Lanka Scouts, Sri Lanka Scout Association, Air Scouting in Sri Lanka, @srilanka_scouts, Welcome to SLSA, History of Sri Lanka Scouting, Sri Lanka Scouts Logo, World & Sri Lanka Cub Scout Centenary in Galle, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, The Chief Commissioner of the Sri Lanka Scout, World Scout Jamboree, Sri Lanka Queen's and President Scout Guild, Rover Scouts, SL Scout, Scouts for SDGs, History of Scouting in Sri Lanka, District Scout Association, expand the scouting, SCOUTING SRI LANKA, Pioneer Scout Magazine in Sri Lanka, Scout centenary, 10th National Scout Jamboree in Sri Lanka, Sri Lanka Scout, All Ceylon Scout, AGM of Sri Lanka Scouts, Sri Lankan Girl Scout, Girl Scout, National Scout Awards, Annual General Meeting of the Sri Lanka Scout Association, Scout Jamboree, Instagram video by Sri Lanka Scout, The District Scout Commissioners, Sri Lankan Scouts share, Sri Lanka, boy-scouts, Adult Training Activities in Scouting, The National Training Team, Scouting and Guiding, Scouting and Guiding in Sri Lanka, ScoutWiki, Guide movement, Scouting Magazine, HISTORY OF SRI LANKA SCOUTS, ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසය, Rover Scout Training Workshop, National Scout Headquarters, Scout Contingent,Jamboree, Colombo Scouts, Colombo District Branch AGM, World and Sri Lanka CUB Scouts Centenary, CUB Scouts, Sri Lanka Scouting Database, සැමට බාලදක්ෂ දැනුම, බාලදක්ෂ ගීත, SCOUTING SRI LANKA, බාලදක්ෂිකා ව්‍යාපාරය, බාලදක්ෂිකා, බාලදක්ෂිකා, ජ්‍යෙෂ්ඨ බාලදක්ෂිකා, සමස්ත ලංකා බාලදක්ෂිකා සංගමය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, බාලදක්ෂිකා ව්‍යාපාරය, බාලදක්ෂ ව්‍යාපාරය, ශ්‍රී ලාංකික බාලදක්ෂිකා, ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ පදවිය, බාලදක්ෂ අනුශාසක ධූරය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, බාලදක්ෂ කොමසාරිස්, ප්‍රධාන බාලදක්ෂයා, කර ලේන්සුව, ගැටලණුව, බාලදක්ෂ නීතිය. බාලදක්ෂ පොරොන්දුව, බාලදක්ෂ විද්‍යාව, පෝතකයා, ආකේලා, බාලදක්ෂ නායක, සිල්වානා, කුඩා මිතුරි, රේන්ජර්, බාලදක්ෂිකා නායිකා, දිසාකොමසාරිස්, ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්,  නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස්, විධායක කමිටු සභාපති,  නව දිසා කොමසාරිස්, සහය දිසා කොමසාරිස්, ලෝක බාලදක්ෂ ලාංඡනයේ අරුත, ලෝක බාලදක්ෂ සංගමය, ජම්බෝරි, කැම්පෝරි, කඳවුරු, කාණ්ඩ ක්‍රමය, කදවුරු, දිසා කඳවුරු, ජැම්බරීටා, කැම්පොරීටා, ජැම්බොරේට, බාලදක්ෂ ව්‍යාපාරය කියන්නේ මොකක් ද? #scout #scouting ලෝක ස්වාධීන බාලදක්ෂ සම්මේලනය, World Federation OF Independent Scout, කඳවුරු ගිනිමැල සංදර්ශනය, බාලදක්ෂ ගිනි මැලය, කඳවුරු ගිනිමැලය, බාලදක්ෂ ආචාර කිරීම, SRI LANKA SCOUT LOG BOOK, බාලදක්ෂ කදවුරු බැදීම, ශ්‍රී ලංකා ගුවන් බාළදක්ෂයින්, බාලදක්ෂ ක්‍රීඩා, ගුවන් බාලදක්ෂ, බාලදක්ෂ කණ්ඩායම, බාලදක්ෂ නලා ක්‍රම, බේඩ්න් පවෙල්, බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ, බාලදක්ෂිකා ව්‍යාපාරයේ නිර්මාතෘ, රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩ්න් පවෙල් සාමි, හස්ත සංඥා, ලෝක බාලදක්ෂ නිර්මාතෘ දිනය, බී.පී දින සැමරුම, බාලදක්ෂිකා සිහිකිරීමේ දිනය, බාලදක්ෂ දින, ජනාධිපති බාලදක්ෂ ප්‍රදාන, පදක්කම් ක්‍රමය, ජනාධිපති පදක්කම, ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරය, පෝතක, බාලදක්ෂ රතු මල වැඩසටහන, බාලදක්ෂ ව්‍යාපාරයේ සාමාජිකත්වය, මානවක බාලදක්ෂ, පෝතක බාලදක්ෂ ව්‍යාපාරය, ජාතික බාලදක්ෂ ජම්බෝරිය, ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානය, ජාතික කබෝරිය, බාලදක්‍ෂ අංශයේ IV අදියර, නායකත්ව පුහුණුව, පුරෝගාමී, ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසය, ජාත්‍යන්තර බාලදක්ෂ සංවිධානයේ ව්‍යුහය, WOSM, ලෝක බලදක්ෂ සංවිධානය, බාලදක්ෂයො, ජය ඝෝෂා, ජය ඝෝෂා, ගිනිමැල ගීත, කඹ ක්‍රියාකාරකම්, ලුතිනන් ජෙනරාල්වරයකු වූ රොබට් බේඩින් පවෙල්, බ්‍රවුන්සී දූපත, පළමු බාලදක්ෂ කදවුර, Scouting Magazine, මානවක බාලදක්ෂ නායක ජය ඝෝශා, සිඟිති බාලදක්ෂ ගීත, හැඩවැඩ බාලදක්ෂයා, විජය බාලදක්ෂ කඳවුර, බාලදක්ෂ ගීත පොත, விருப்பங்கள்.ஆர்வம், ජය ඝෝෂා, Scout @scoutingmagazine @scout @SCOUTING scouting සඟරාව, බාල දක්‍ෂ කඳවුර, මොකක්ද මේ බාලදක්ෂ, සුභාවිත ළමා ගීත සිඟිති, පෝතක, බාලදක්ෂ,  Scouting Bloggers, My Blog, Cub Scouting for Everyone, Cub Scouts – Sri Lanka, History of Sri Lanka Scouting,
 

No comments:

Post a Comment