Translate

Wednesday, February 26, 2014

අජිත් ජයසේකර නම් බාලදක්ෂයා

මහා හිමාලය ජයගත් අපේ පුංචි මිනිසා

‘අජිත් ජයසේකර’ නම් වූ සොඳුරු මිත්‍රයා මට හමු වුණේ අහම්බෙන්. තවත් මාධ්‍ය මිතුරකුගෙන් ලද තොරතුරක් ඔස්සේ හඹා ගිය මට මේ අපූරු මිනිසා මුණ ගැසුණා. ගතින් කුඩා වුවත් අජිත්ට තියෙන්නේ ලංකාවෙ කාටවත් නැති තරම් ලොකු හිතක්. අඩි පහක් තරම්වත් උස නැති වුණාට එවරස්ට් කන්ද තරම් උස යෝධ ශක්තියකින් සහ වීරියකින් ඔහුගේ හිත පිරිලා. ඔහු හරිම විවෘත මිනිසෙක්. ඒ වගේම සරලයි. සරල බව නිසාම එදිනෙදා ජීවිතේ ඔබ අප මුහුණපාන බොහෝමයක් ප්‍රායෝගික ගැටලු අජිත් ගේ ජීවිතේට ඇත්තේම නැති තරම්. අජිත් ගැන විශේෂයෙන් කතා කරන්නේ විශේෂ හේතුවක් නිසා.
 

ඒ ඔහු ලංකාවෙ කවුරුවත් මෙතෙක් නොකළ විශේෂ කාරියක් ඉටුකළ සුවිශේෂි පුද්ගලයෙක් නිසා. අජිත් දැනට එවරස්ට් කඳුවැටියේ වැඩිම උසක්, වැඩිම වාර සංඛ්‍යාවක් තරණය කළ ප්‍රථම සහ එකම ශ්‍රී ලාංකිකයා ලෙස වාර්තාවක් තබා තිබෙනවා. වර්තමානයේ ඔහු නුවරඑළියේ පීඩෲ බාලදක්ෂ කඳවුරේ පාලකවරයා ලෙස කටයුතු කරනවා.

නවසිය පනස් හතේ ජූලි විසි හතර වැනිදා කුරුණෑගල වෑඋඩදී උපන් අජිත් මූලික අධ්‍යාපනය ලැබුවෙ වෑඋඩ ප්‍රාථමික විද්‍යාලෙන්. වෑඋඩ උප තැපැල් ස්ථානාධිපති සෝමපාල ජයසේකර සහ ෆ්ලොරන්ස් චාලට් පෙරේරා යුවළගේ දෙවැනි පුතා අජිත්. ඔහුගේ පවුලෙ තවත් සහෝදරයන් දෙදෙනෙක් සහ සහෝදරියන් දෙදෙනෙක් සිටිනවා. දෙකේ පන්තියේ පටන් අජිත් අධ්‍යාපනය ලැබුවෙ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ. ධර්මරාජ විද්‍යාලය අජිත්ගේ ජීවන ගමනේ ඉරණම තීන්දු කළ මධ්‍යස්ථානයයි. 
 

 

පුංචි කාලෙ පටන්ම ගහට කොළට සතා සිවුපාවාට බෙහෙවින් ඇලුම් කළ අජිත් විවේකයක් ලද හැම අවස්ථාවකම කළේ කොහේ හරි කැලෑවක ඇවිදින්නට යෑම. පාසලේ හයවැනි ශ්‍රේණියේදී බාල දක්ෂ පෝතකයකු ලෙස පුහුණුව ආරම්භ කළ දා තමයි අජිත්ගේ ජීවිතේ ඉරණම තීරණය වූ දවස. ඒ 1969 මාර්තු මාසෙ 21 වැනිදා. ධර්මරාජ විද්‍යාලෙ බණ්ඩාර වීරසේකර ගුරුතුමා යටතේ පැවැත්වුණු බාලදක්ෂ පුහුණුවට අජිත් එකතු වුණා. 


අජිත් ඇතුළු කණ්ඩායම එවරස්ට්
මූල කඳවුරට ළඟාවූ මොහොතේ
 
බාලදක්ෂ පෝතකයකු ලෙස මනා පුහුණුවක් ලත් අජිත්ට තමා වඩාත්ම පි‍්‍රය කළ කැලෑ ජීවිතේ සුවය විඳින්න අවස්ථාව උදා වුණා. බාලදක්ෂ පුහුණුවෙදි කඳවුරු බැඳ ගන්නට, කඳු හෙල් තරණය කිරීමට අවස්ථාව උදා වෙනවා. ළමා වියේ පටන්ම තනිවම යමක් ඉටු කරගන්නට, අවම පහසුකම් යටතේ් ආහාරයක් පිළියෙල කරගන්නට, තියෙන හැටියකට නිදාගන්නට, කඳු නගින්නට, සතුරාට මුහුණ දෙන්නට කොටින්ම ජීවිතේ එල්ල වෙන ඕනෑම අභියෝගයකට සාර්ථකව මුහුණ දෙන්න හොඳ පුහුණුවක් බාලදක්ෂ පුහුණුවෙන් ලැබෙනවා. 

ඉතා දක්ෂ ලෙස පුහුණුව ලැබු අජිත් ගේ හිතේ තිබුණු ලොකු ආශාවක් ඉෂ්ට කරමින් ප්‍රථම වතාවට බලාදක්ෂ කණ්ඩායම සමඟ හන්තාන කන්දට නගින්නට අවස්ථාව උදා වුණේ ඒ 1969 දී. ධර්මරාජ විදුහලේ හිටපු විදුහල්පති ඒ. පී. ගුණරත්න මහත්තයා අජිත්ගේ ජීවිතේ ගොඩනගාගන්නට බොහොම ඇප උපකාර වූ ගුරුවරයෙක්. 
 


1970 දී දෙවැනි පෙළ පදක්කමත් 1973 දී පළමු පෙළ පදක්කමත් දිනා ගත් අජිත් 1975 දී ලංකාවේ දක්ෂතම බාලදක්ෂයාට හිමි වන ජනාධිපති බාලදක්ෂ පදක්කම දිනා ගත්තා. අනතුරුව 1975 දී පටන් ධර්මරාජ විද්‍යාලයීය බාලදක්ෂ සමූහයේ සහාය බාලදක්ෂ නායකයකු ලෙස කටයුතු කරන්නට අජිත්ට අවස්ථාව උදා වුණා. එවකට ධර්මරාජ බාලදක්ෂ සමූහයේ නායකයා ලෙස කටයුතු කළේ රන්ජිත් කොස්තා මහත්තයා. ධර්මරාජයේ නේවාසිකාගාර බාලදක්ෂ කණ්ඩායම බාරව කටයුතු කරන්නටත් අජිත්ට අවස්ථාව ලැබුණා. 1975 දී සහය බාලදක්ෂ කඳවුරු නායකයා ලෙස උඩුවෙලදී අජිත් සිය කණ්ඩායම මෙහෙයවූවා. ඉන් පසුව දිගටම අනුරාධපුර මහියංගණය ඇතුළු ලංකාවේ විවිධ පළාත්වල කඳවුරු පැවැත්වූවා.

1977 දී උසස් පෙළ සමත් වූ අජිත් 1978 දී මහනුවර ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩලේ ගිණුම් ලිපිකරුවකු ලෙස රැකියාව ඇරැඹුවා. රැකියාව කරන අතරතුරත් අජිත් බාලදක්ෂ කටයුතු අත් නොහැර කරගෙන ගියා. 1980 දී ඔහු ගමනාගමන මණ්ඩලේ රැකියාවෙන් ඉවත් වෙලා ධර්මරාජ විද්‍යාලෙ නේවාසිකාගාරේ කළමනාකාර ධුරයට පත් වුණා. යළිත් සුපුරුදු පාසල් දිවියට අවතීර්ණ වුණු ඔහු එහි නේවාසිකාගාර බාලදක්ෂ සමූහය භාරව බොහෝ වැඩ කොටසක් ඉටු කළා.

කලක් දේශපාලනේට යොමු වෙලා තිබුණු අජිත්ගේ හිත ඒ ගැන කලකිරුණා. ඒ ගමන ඔහුට මහණ වෙන්න හිතුණා. මල්වතු පාර්ශ්වයේ පහමුණේ ගුණානන්ද හාමුදුරුවො හම්බ වෙලා ඔහු මහණ වෙන්නට අවසර පැතුවා. මේක ආරංචි වෙලා ධර්මරාජේ විදුහල්පති ගුණරත්න මහත්තයා අජිත්ට දොස් කියලා “මහණ වෙනවට වැඩිය තමුන්ගෙන් රටට ඉටුකළ හැකි සේවය ඉටුකරන එක හොඳයි කියලා ධර්මරාජ විද්‍යාලෙ බාලදක්ෂ සමූහයේ නායකයකු ලෙස කටයුතු කරන්න අවස්ථාව සලස්වලා දුන්නා. 

1982 දී අජිත් නව වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරියට සහභාගි වෙන්නට ඉන්දියාවට ගියා. ඉන්දියාවෙ ගිහින් ආපු බව දැනගත් හැමෝම අජිත්ගෙන් ඇහුවෙ “හිමාලය කන්ද දැක්ක ද?” කියලා. මේ කතාව අහපුවාම අජිත්ගේ හිතේ් “හැබෑවටම හිමාලය කන්දට නගින්න බැරිද යන සිතුවිල්ල ඇති වුණා. හිමාලය කන්ද තරණය කිරිල්ල කෙසේ වෙතත් බලන්ට වත් යන්න ඕනෑ ය යන සිතිවිල්ල ඔහුගේ හිතේ පැළපදියම් වුණා.
 

 

උත්සාහයක අභිමානය
 
ඉන්දියාවේ බාලදක්ෂ ජම්බෝරියේදි හඳුනාගත් “හරිප්‍රසාද්” නම් වූ මිත්‍රයා අජිත්ගේ මතකයට ආවෙ හිමාලය බලන සිතිවිල්ල ක්‍රියාවට නංවන්නේ කොහොමද කියලා කල්යල් බලමින් ඉන්න වෙලාවක. බාලදක්ෂ පුහුණුවෙන් ඔහු ලබාපු සරල බව, සැහැල්ලුව විසින් විශාල සූදානමකින් තොරවම ඔහු ගමනට යොමු කළා. අතේ තිබුණු රුපියල් දෙදාහක් සාක්කුවේ දාගෙන ඔහු ඒ අභියෝගාත්මක ගමන පිටත් වුණා. ළඟ තිබුණු ඇඳුම්කැඩුම් ටිකක් ගමන් මල්ලක දාගෙන ඔහු මහනුවර දුම්රියපොළෙන් රුපියල් 400ක ප්‍රවේශ පත්‍රයක් ඇරන් තෙලෙමන්නාරමට යන්න කෝච්චියට නැග්ගා. ඒ 1983 මාර්තුවෙ දවසක්. තෙලෙමන්නාරමෙන් බැහැලා බත්තලක නැගලා රාමේශ්වරමෙන් ඉන්දියාවෙ මදුරාසියට ගියා. එතැන ඉඳලා රු.108ක් දීලා දුම්රියෙන් කල්කටාවට ගියා. 

කල්කටාවෙ මහාබෝධියේ නතර වෙලා එහි පොත් සාප්පුවේ වැඩ කළ ජයවර්ධන මහත්තයාට හරිප්‍රසාද්ගේ ලිපිනය සහිත කාඩ්පත පෙන්නුවා. ජයවර්ධන මහත්තයා කියාපු විදිහට කල්කටාවේ සියල්දා දුම්රිය පොළේ සිට රුපියල් අටක් දීලා බොන්ගා දුම්රිය පොළ දක්වා ගියා. එතැනින් බංග්ලා දේශ සීමාව හරහා ජෙෂෝර් ප්‍රාන්තයට ගියා. එතැන පටන් මිතුරාගේ නිවස සොයාගෙන ගියා. ඒ යනවිට මිතුරා නිවසේ නොසිටියත් ඔහුගේ පියා අජිත්ට ඒ නිවසේ නවාතැන් දුන්නා. මිතුරාගේ පියාට අවශ්‍යතාව කීවා.

අජිත්ගේ වාසනාවට හරිප්‍රසාද්ගේ මාමා හිමාලයේ කඳු නගින්නන්ගේ ආයතනයේ අධ්‍යක්ෂවරයෙක්. මිතුරාගේ පියාගෙන් ලබාගත් ලිපියකුත් රැගෙන අජිත් ගිහින් මිතුරාගේ මාමා මුණ ගැහුණා. ශ්‍රී ලංකාවේ සිට හිමාලය දැක බලාගන්නටම එහි පැමිණි මේ පුංචි ඉලන්දාරියාට එතුමා හොඳ අවස්ථාවක් ලබා දුන්නා. ඒ ඉන්දීය කඳු නගින්නන්ගේ ආයතනයෙන් නොමිලේ කඳුතරණය කිරීමේ පුහුණුවක් ලබාදීමයි. ඒ කාලේ ඒ පුහුණුවට ඇමරිකන් ඩොලර් දාහක් පමණ අය කළා. ඒත් අජිත්ට නොමිලේ පුහුණුව ලබා දෙන්නට තරම් ඔවුන් කාරුණික වුණා. සති තුනක පූර්ණකාලීන පුහුණුවකින් පස්සෙ ඔවුන් අජිත් එවරස්ට් කඳු ශිඛරයේ දකුණු ගෙල කපොල්ල තරණය කිරීමට සූදානම් වූ කණ්ඩායමකට ඇතුළු කර ගත්තා. 

ඝන වනාන්තරය, දැඩි ශීතල, හිම කුණාටු, වර්ෂාව නොතකා කඳු ශිඛර සහ ගිරි හෙල් තරණය කරමින් යා යුතු ඒ දුෂ්කර ගමනට අජිත් ඇතුළු කණ්ඩායම මුල පිරුවේ 1983 මාර්තු මාසේ 20 වැනිදා.. කොතරම් දුෂ්කර වුණත් අජිත්ගේ හිතේ තිබුණු ලොකුම බලාපොරොත්තුව ඉටු වූ දවස. ඉඳිකටු තුඩු මෙන් ඇඟිලි තුඩු විනිවිද යන ශීතල මැද්දෙන් කඩින් කඩ දැඩි වෙහෙස නොබලා ගමන් කොට ඔවුන් අඩි 24,800ක් උසින් පිහිටි එවරස්ට් මූල කඳවුර වෙත ළඟා වුණේ දවස් 20ක දීර්ඝ වූත් වෙහෙසකර වූත් ගමනකට පස්සෙ.

1952 මැයි මාසේ දෙවැනිදා ජෝර්ජ් හන්ට් නමැත්තා ගේ නායකත්වයෙන් යුතු 400කින් යුතු කණ්ඩායමක සහාය ඇතිව නවසීලන්ත ජාතික සර් එඩ්මන්ඩ් හිලරි සහ ක්ෂර්පා ජාතික ටෙන්සින් නෝර්ගේ එවරස්ට් කඳු මුදුනට පය තැබුවා. ඒ එවරස්ට් කඳු ශිඛරය ප්‍රථම මිනිස් පා පහස ලද අවස්ථාවයි. එදා පටන් ම එවරස්ට් කන්ද තරණය පිළිබඳ කඳු නගින්නන්ගේ උනන්දුව වර්ධනය වුණා. ඒ නිසාම නේපාල රජය ඒ සඳහා පහසුකම් සලස්වන්නට කටයුතු යොදා තිබෙනවා. එවරස්ට් කන්ද තරණය කිරීම සඳහා යන්නකුට වාහනයෙන් යා හැක්කේ කත්මන්ඩු නුවරින් කිලෝමීටර් 170ක් පමණ දුරින් පිහිටි ජීරි දක්වා පමණයි. එතැන් සිට කඳුකරවාසීන් සමූහයක් වන ක්ෂර්පා ජාතිකයන්ගේ සහාය ඇතිව කන්ද තරණය කිරීම ඇරැඹිය යුතුයි.

කඳු නැඟිල්ල ලේසි පහසු කාර්යයක් නොවෙයි. එය ජීවිතය අවධානමට ලක් කරන මහා දුෂ්කර අභියෝගාත්මක කාර්යයක්. බාලදක්ෂයකු වීමෙන් ලත් මනා පුහුණුව, ශක්තිය, නිරෝගී බව, කුසගින්න, නිදිමත වෙහෙස දරා ගැනීමේ හැකියාව උත්සාහය සහ ධෛර්යවන්ත බව කඳු නගින්නකු ලෙස සාර්ථක වන්නට අජිත්ට උපකාර වුණා. ධර්මරාජ විද්‍යාලයේ බාලදක්ෂ සමූහයේ නායකයා වශයෙන් කටයුතු කරන්නට ගත්තට පස්සෙ අජිත් පාසල් ශිෂ්‍යයන්වත් කඳු තරණය සඳහා පුහුණු කළා.

ඒ වන විට ඔහු ලංකාවේ පිදුරුතලාගල සමනොල, නකල්ස් කඳුවැටි, හුන්නස්ගිරිය, නමුණුකුල, බතලේගල, කිරිගල්පොත්ත වැනි නඟින්නට පුළුවන් හැම කන්දක්ම තරණය කරලා තිබුණා. 1975 දි ලංකාවේ ප්‍රථම වරට ධර්මරාජ විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩායම හිමාල කන්ද තරණය සඳහා මෙහෙයවන්නට අජිත් සමත්වුණා. 1987 දි අජිත් ධර්මරාජයේ දෙවැනි බාලදක්ෂ කණ්ඩායමත් හිමාල කන්දට නැංගෙව්වා. ඒ අනුව ධර්මරාජ විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩායම එවරස්ට් මූල කඳවුරට ළඟා වූ ප්‍රථම ලාංකීය ශිෂ්‍ය කණ්ඩායම ලෙස වාර්තාගත වෙනවා.

ධර්මරාජ විද්‍යාලෙ හිටපු විදුහල්පති ඒ.පී.ගුණරත්න මහත්තයා කොළඹ ආනන්ද විද්‍යාලෙ විදුහල්පති ලෙස පත්වෙලා ආවට පස්සේ ඔහුට ආනන්දේ සිසුන්ටත් කඳු තරණය පුහුණු කිරීමට අවශ්‍ය වුණා. ඔහුගේ ඇරයුමෙන් අජිත් කොළඹ ආනන්ද විද්‍යාලෙට පැමිණ එහි ශිෂ්‍ය කණ්ඩායමක් කඳු තරණය සඳහා පුහුණු කළා. 1991 දි පළමු වතාවට ආනන්දේ ශිෂ්‍ය කණ්ඩායමක් එවරස්ට් මූල කඳවුර දක්වා ගෙන යන්නට අජිත් සමත් වුණා. 1991 සිට 2000 දක්වා ගත වූ වසර නවය තුළ අජිත් කණ්ඩායම් අටක් එවරස්ට් මූල කඳවුර දක්වා රැගෙන ගොස් අපේ රටේ වැඩිම වාර සංඛ්‍යාවක් එවරස්ට් කන්ද තරණය කළ ප්‍රථමයා ලෙසත් වාර්තාවක් තබා තිබෙනවා.

කඳු තරණය සඳහා සූදානම් වන්නකු සතු විය යුතු ප්‍රධාන ලක්ෂණ නිරෝගී බව, නොපසුබස්නා උත්සාහය ධෛර්යය උද්‍යෝගය සහ දරාගැනීමේ ශක්තියත් ඒ වගේම වැදගත්. දිගුකාලීන පුහුණුවීම් සහ ශරීරයේ බර උසට සරිලන පරිදි පවත්වා ගැනීමත් වැදගත්. කඳු නඟින්නකු දැඩි ශීතල ඇතැම් විට උෂ්ණය කුසගින්න නිදිමත හෝ වෙනත් බාධක ජයගන්නට තරම් ශක්තිමත් විය යුතුයි. කඳු නැඟීම සඳහා සූදානම් වන්නකුට අවශ්‍ය මූලික කලමනා කිහිපයක් තිබෙනවා. 

දැඩි ශීතලට ඔරොත්තු දෙන බූට් සපත්තු, මේස්, ඇතුළතින් පෑඩ් යොදා ශීතලට ඔරොත්තු දෙන ලෙස මැසූ කලිසම්, සහ කබාය, හිමෙන් ඇස් ආරක්ෂා කරගැනීම සඳහා පලඳින ඇස් ආවරණ අත් ආවරණ, හිස් සහ කන් ආවරණ, රාත්‍රියෙහි නිදාගැනීම සඳහා තෙතමනය නොරඳන නිදන ගුදිරිය හා කූඩාරම ප්‍රථමාධාර හා බේත් හේත් සහ චොක්ලට්, බිස්කට් හා ශක්තිජනක ක්‍ෂණික කැඳ වර්ග (මස්ලි) හබල පෙති, ටින්කෑම සහ රට ඉඳි වැනි ශක්ති ජනක ආහාර, වතුර උණු කර ගැනීම සඳහා කුඩා බඳුන් සහ ගිනි දල්වනයක් කඳු නගින්නකුගේ ඔලොගුවේ අඩංගු විය යුතු අත්‍යවශ්‍ය භාණ්ඩ ලෙස සැලකෙනවා. සාමාන්‍යයෙන් කඳු නගින්නන් තුන් දෙනකු සඳහා එක කූඩාරමක් බැගින් රැගෙන යනවා. 

මේ භාණ්ඩ එවරස්ට් මූල කඳවුර දක්වා ගෙන යාමට කඳුකරවාසී පෙශෛීර්වරුන් ගේත් පෝටර්වරුන්ගේ සහය ලබා ගන්නට පුළුවන්. නො එසේ නම් ගවයින් හෝ කඳුකර යැක් ගවයින් යෙදූ ගැල්වල මේ භාණ්ඩ පටවාගෙන යනවා. මූල කඳවුර දක්වා මේ ගැල් හෝ පෝටරවරුන්ගේ ආධාර සහිතව ගොස් එතැන් පටන් කඳු නගින්නන් විසින් තමාට අදාළ ඔලොගුව රැගෙන කන්ද තරණය කළ යුතුයි. කඳු මුදුනේදී ආහාර පිස ගැනීම සඳහා ෆයිබර්වලින් සදන ලද ගෑස් සිලින්ඩරයක් සහ ගිනි දල්වනයක් (බර්නර්) ද මේ ඔලොගුවෙහි අඩංගු වෙනවා. කන්දෙහි ස්වභාවය තැනින් තැන වෙනස් වෙනවා. ඇතැම් තැනක එක දිගට නැග්ම තිබුණත් තව තැනෙක විශාල බෑවුම් හෝ දුර්ග හමුවෙනවා. 

කළු ගල්, ඒ මත හිම මෙන්ම අතිවිශාල මිදුණු හිමකුට්ටි වලින් එවරස්ට් කඳුවැටිය සමන්විත වෙනවා. ඉහළට යන්නට යන්නට අවධානම වැඩියි. දැඩි හිමපතනය මෙන්ම ඇවර්ලාජ් නමින් හැඳින්වෙන ක්‍ෂණික හිමකඳු කඩා වැටීම් හේතුවෙන් මරණයට පත්වෙන්නට වුවත් පුළුවන්. ඉහළට නගින විට අඩු පීඩන තත්ත්වය හා ඔක්සිජන් පීඩනය හේතුකොට ගෙන ඇතිවෙන උන්නතාංශ උණ වැළැඳීමෙන් ද මරණය සිදු විය හැකියි.

රුධිර සංසරණ පද්ධතියේ ආබාධ මෙන්ම අධික ශීතල හේතුකොටගෙන ස්වසනාබාධ වැළඳීමෙන් මරණයට පත්වෙන්නටත් පුළුවන්. කඳු තරණය ජීවිත අවදානමක් සහිත ක්‍රීඩාවක් බව අප මුලින්ම සඳහන් කළේ ඒ නිසයි. හෘදයාබාධ, පෙනහළු ආශි‍්‍රත ස්වසනාබාධ, අධික රුධිර පීඩනය වැනි රෝග සහිත පුද්ගලයන්ට කඳු නැගීම අවධානම්. ඉතා නිරෝගී පුද්ගලයකු වුවත් කඳු නගින්නට සැරසෙනවා නම් තමාගේ් පවුලේ වෛද්‍යවරයා හෝ වෙනත් වෛද්‍යවරයකු හමු වී වෛද්‍ය පරීක්‍ෂණයක් කරවා ගත යුතුයි. එමෙන්ම දිනපතා ගන්නා ඖෂධ ඇත්නම් ඒවාද හදිසි අවස්ථාවක ගැනීමට සුදුසු ඖෂධ ද තමා ළඟ තබා ගැනීම වැදගත්.

කඳු නගින්නකු හට ඔසොවා ගෙන යා හැක්කේ තමාගේ ශරීර බරෙන් තුනෙන් එකකට වඩා අඩු බරක්. අඩි 19,000 ට වැඩි උසක් නගිනවා නම් ඒ බර කිලෝග්‍රෑම් 15 ට අඩු විය යුතුයි. ජීරි වලින් ගමන අරඹන කඳු නගින්නන් දිනකට පැය අටක් පමණ එකදිගට ගමන් කරනවා. අනතුරුව ෙිපශෝර්වරුන්ගේ නිවසක හෝ ලැගුම්හලක නවාතැන් ගන්නවා. එසේ යන මාර්ගයෙහි ලබූජි දක්වා මේ කඳුකර වාසී පවුල්වල සහය ලබා ගන්නට පුළුවන්. ලබුජි සිට ගොරක්ශේක් දක්වා කුහුම්බු ග්ලැසියරය ආශි‍්‍රතව පැය අටක් ගමන් කළ විට එවරස්ට් මූල කඳුවරට ළඟා විය හැකියි. 

මූල කඳවුරෙහි සිට කලපතා කඳු මුදුනට නැග නූප්සේ සහ ලොට්සේ යන කඳු වැටි දෙක අතරින් බැලූ විට එවරස්ට් කඳු මුදුනෙහි පැහැදිලි මනස්කාන්ත දර්ශනයක් පියවි ඇසින් නරඹන්නට පුළුවන්. දැනට ලංකාවේ සිටින එවරස්ට් මූල කඳවුරෙහි අඩි 24,800 ක් උසට කන්ද තරණය කළ ප්‍රථම සහ එකම පුද්ගලයා අජිත්. මහනුවර ධර්‍මරාජ, කොළඹ ආනන්ද සහ අජිත් පුහුණු කළ ජාතික කණ්ඩායමේ සිසුන් එවරස්ට් මූල කඳවුරෙහි අඩි 20,000 ක් දක්වා තරණය කොට තිබෙනවා. 

අජිත් පුහුණු කළ ජාතික කඳු තරණ කණ්ඩායමට කොළඹ ආනන්ද, මහනුවර ධර්‍මරාජ, කොළඹ රාජකීය, මොරටුව වේල්ස්කුමාර සහ ගාල්ල රිච්මන්ඩ් යන පාසල්වලින් තෝරාගත් සිසුන් 30 දෙනෙක් ඇතුළත්. මේ කණ්ඩායම 2006 වසරේදී එවරස්ට් තරණයට සහභාගී වුවත් එවරස්ට් මූල කඳවුර දක්වා ළඟා වීමට සමත් වුණේ ඔවුන් අතරින් අට දෙනෙක් පමණයි. දැනට අපේ කණ්ඩායම් ළඟා වී ඇත්තේ එවරස්ට් මූල කඳවුර දක්වා පමණයි. එම ස්ථානයට ළඟා වන ගමනේදී අතරමග නම්සේ සහ ජින්බු හෝ පෙරිජි යන ස්ථාන දෙකෙහි විවේක දින දෙකක් ගත කිරීමෙන් දැඩි පීඩාව සහ අඩු පීඩන තත්ත්වය මත ඇතිවන රෝගී තත්ත්වය දුරු වී යනවා. මේ ස්ථාන දෙකෙහි විවේක දින දෙකක් ඇතුළුව තවත් දින 14 ක් පමණ ඉහළට නැගීමෙන් එවරස්ට් මූල කඳවුරට ළඟාවිය හැකිය. මූල කඳවුරේ සිට තවත් දින අටක් හෝ දහයක් ගමන් කිරීමෙන් එවරස්ට් කඳු මුදුනටම ළඟා වන්නට පුළුවන්.

කඳු නගින්නට ආශාව, උනන්දුව හෝ පුහුණුවක් ලබා තිබූ පමණින්ම එවරස්ට් කන්ද තරණය කරන්නට යමකුට අවස්ථාවක් ලැබෙන්නේ නෑ. ඉහත අවශ්‍යතා සියල්ල සපුරා තිබීමත් සමඟම ඔහු හෝ කණ්ඩායම නේපාලය, ඇමරිකාව හෝ එංගලන්තය වැනි රටක ලියාපදිංචි කඳුනගින කණ්ඩායම් පුහුණු කරවන සංවිධානයකට ඇතුළත් විය යුතුයි. අජිත් ඇතුළත් වුණේ හිමාලයානු කඳු නගින්නන්ගේ සංගමයට. කඳු තරණ කටයුතු සඳහා ලංකාවේ මුදලින් රුපියල් ලක්‍ෂ හැටක පමණ මුදලක් වැය වෙනවා. 

මුලින්ම අජිත්ට පුහුණුව ලැබුණේ හරිප්‍රසාද් මිතුරාගේ මාමාගේ ආධාරයෙන් නොමිලේ. පසු ගමන්වලදී ඔහුට ධර්‍මරාජ විද්‍යාලයීය බාල දක්‍ෂ සමූහය, ධර්‍මරාජ ආදි බාලදක්‍ෂ සමූහය, ආනන්ද විද්‍යාලයීය සාමාජිකයන් හා විවිධ හිතවතුන්ගේ නොමසුරු සහය ලැබූ බව ඔහු කියන්නේ කෘතවේදීව. ඉන්දියාව සහ නේපාලය අද ලෝකයේ කඳු නගින්නන් පුහුණු කිරීමේ කටයුතු අතින් ඉදිරියෙන් සිටිනවා. එංගලන්තය, ඇමරිකාව යන රටවලත් එවැනි පුහුණු සංවිධාන තිබෙනවා. මේවාට ඇතුළත් වීමෙන් සාර්ථක පුහුණුවක් වගේම හොඳ සුරක්‍ෂිතභාවයකුත් ලැබෙනවා. එවරස්ට් කඳු තරණය සඳහා වසරේ සෑම කාලයක්ම සුදුසු වන්නේ නෑ. ඒ සඳහා වසරේ මාර්තු මස සිට මැයි දක්වා කාලයත් ඔක්තෝබර් සිට නොවැම්බර් දක්වා කාලයත් පමණයි සුදුසු වන්නේ. පුහුණුව, මිල මුදල් සහ යහපත් සෞඛ්‍ය වගේම නොපසුබස්නා උත්සාහයත් මේ සඳහා අත්‍යවශ්‍යයි.
 

දැනට නුවරඑළියේ පීඩෲ බාලදක්‍ෂ කඳවුර භාරව කටයුතු කරන අජිත් එවරස්ට් කඳු ශිඛරය තරණය කිරීමට සූදානම් වන අලගොඩ වතුයායේ කළමනාකරු විනෝද් මහතාට ඒ සඳහා පුහුණුව ලබා දෙමින් සිටිනවා. ශරීර උසින් යම් තම් අඩි පහක් තරම් වන මේ දිරිය මිනිසා හිතේ හයියෙන් දැනටමත් අඩි 29,000 ක් ඉහළට දෙපයින් ගොස් බාල දක්‍ෂ ධජය මෙන්ම ශ්‍රී ලංකාවේ ධජයත් හිමාලයේ එවරස්ට් කඳු වැටියේ ඔසොවා තබන්නට සමත් වී සිටිනවා. “සිත ඇත්නම් පත කුඩාද?” යන කියමන සනාථ කරමින් අජිත් නම් වූ මේ පුංචි මිනිසා අපේ පුංචි ශ්‍රී ලංකාව ලෝක සිතියමේ ඉහළම තැනකට ඔසොවා තබන්නට විශාල දායකත්වයක් ලබා දී තිබෙනවා.

විශේෂ ස්තූතිය
--------------------
පසු සටහනක්
 

ලංකාවේ එවරස්ට් මිනිසා

එවරස්ට් කියන්නේ ලෝකයේ උසම කන්ද. එවරස්ට් එවරස්ට් වෙන්න කලින් කඳු පාමුල හිටපු නේපාලයේ ගම්මු මේ කන්දට කිව්වේ සාගර්මාතා කියලයි. හිමාලය කඳුවැටියේ මහාලන්ගූර් හිමාල් කලාපයේ පිහිටලා තියෙන මේ කන්දට අසල්වැසි ටිබෙට් අය කිව්වේ "චොමොලුන්ග්මා " කියලයි.  තුක්ලා දුර්ගය එතරම් ප්‍රකට නමක් නොවුනත් එය හමුවෙන්නේ එවරසට් මූල කඳවුරට (Base camp) යන අතරතුර. තුක්ලා නැරඹුම් ස්ථානය (Viewpoint) මනස්කාන්ත තැනක් වුවත් එය තරමක් දුක්බර තැනකි. තුක්ලා පහු කරන් එවරස්ට් තරණය කරන්නට ගොස් මිය ගිය අය සිහිකරන්නට සිහිවටන මේ තුක්ලා වේ ඉදිකොට ඇත.ඒ කුඩා ගල් පුවරු වලින් හෝ ගල් පුවරු වලිනි. ඒ පුවරු ඉදිකොට ඇත්තේ සරල ලෙසටය. පරිසරයට හානිය අවම ලෙසටය. 

මේ තුක්ලා දුර්ගයේ ලංකාවේ කෙනෙකු වෙනුවෙන්ද කුඩා සැමරුම් පුවරුවක් ඉදිකොට ඇති බව අසන්නට ලැබුණහොත් ඔබ පුදුමයට පත්වනු ඇත. ඒ අජිත් ජයසේකර වෙනුවෙනි. කවුද මේ අජිත් ජයසේකර. අජිත් ජයසේකර 1957 ජූලි 24 දා උපත ලබන්නේ මහනුවරදී. මහනුවර ධර්මරාජ විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අජිත් ජයසේකර ජනාධිපති බාලදක්ෂයෙක්. පසුකලෙක ඔහු දිස්ත්‍රික් සහකාර බාලදක්ෂ කොමසාරිස් වරයෙක් ලෙසත් සේවය කරන්නට ලැබුණා. පදක්කම් රාශියකට උරුමකම් කියූ මේ පුංචි මිනිසා ලංකාවට වැදගත් වන්නේ මේ කිසිවක් නිසා නොවෙයි. 

සිතියම් පොත්වලින් පමණක්දැක තිබූ, පොත්පත් වලින් පමණක් කියවා තිබූ විශාල රහස් සමූහයක් සඟවා ගෙන සිටින හිමාලය කඳුකරයට ඔහු ගවේෂණයක් සඳහා පිටත් ව යන්නේ ලංකාවේ කවුරුත් ඒ ගැන නොසිතූ යුගයකදීය. ඒ 1982 තරම් ඈත යුගයකදීය. ඒ සඳහා ඔහුට කිසිදු මඟ පෙන්වීමක් හෝ සැලකිය යුතු සහයක් ලැබී නොතිනුණි. නමුත් එවකට ධර්මරාජෙ විදුහල්පති ඒ.පී .ගුණරත්න මහතාගේ ආශීර්වාදය නම් ඔහුට ලැබෙන්නට ඇති බව නම් මා අනුමාන කරන්නේ මා ගුණරත්න විදුහල්පති තුමා ගැන බොහෝ දේ අසා ඇති නිසාය.

ඔහු 1982 දී ගිය ඒ ගමනත් රසවත් ය. ඒ කාලයේ මහනුවර සිට කෙලින්ම මදුරාසියට යන්නට දුම්රිය ප්‍රවේශපත්‍ර ලබාගත හැකිව තිබුණි. ඒ අතරතුර තලෙයිමන්නාරමත් ඉන්දියාවේ රාමේස්වරමත් අතර ෆෙරියකින් යා යුතු ගමමනක් ද ඇත. ඒ ප්‍රවේශපත්‍රයේ වටිනාකම එවකට ඉන්දියානු රුපියල් 108 කි. එතැනින් තවත් රුපියල් අටක ප්‍රවේශපත්‍රයක් ලබාගෙන ඔහු බංගලාදේශයේ 'ජෙස්සෝ ' වෙත යන්නේ එහි සිටින ' හරි ප්‍රසාද් ' නම් ඔහුගේ මිත්‍රයෙකු හමුවෙන්නටයි. 

මේ කියන හරිප්‍රසාද් ගේ මාමා එවකට හිමාලයානු කඳු නගින්නන්ගේ සංගමයේ සභාපති වරයාය. හරි ප්‍රසාද් ද සමග ඔහුව හමුවූ අජිත් ජයසේකර එහිදී කඳුනැගීමේ පුහුණුව ලබා ගැනීමට ඔහුට ඇති ආශාව පවසා කෙසේ හෝ ඔහුගේ අනුමැතිය ලබාගෙන ඩාජිලිං හි කඳු නගින පාසලට ඇතුලත් වෙන්නට සමත් විය. එහිඳී කඳු නැගීම, අයිස් ශිඛර තරණය,උපකරණ භාවිතය, ආහාර ගැන මෙන්ම කඳුනගින්නන්ගේ රෝගයට මුහුණ දෙන අයුරු පිළිබඳවද පුහුණුවක් ලැබීය.

ඔහුගේ පළමු හිමාලය ගමන ඔහුට නව ලෝකයක් විවර කරවන්නට සමත්ව තිබිණ. ඔහුගේ ඒ ගමන ඔහුට පමණක් නොව සමස්ථ ලංකාවාසීන්ටම අළුත් දෙයක්විය. බාලදක්ෂ නායකයෙකු වශයෙන් ඒ වන විටත් මහනුවර ධර්මරාජ විද්‍යාලයේ කටයුතු කරමින් සිටි අජිත් ජයසේකර පළමු ධර්මරාජ බාලදක්ෂ කණ්ඩායමක් සමග නැවතත් හිමාලය තරණය කරන්නට ගියේ 1985 වර්ෂයේදීය. 2015 නොවැම්බර් 25 දා ඔහු අකාලයේ මිය යන විට වැඩිම වාර ගණනක් හිමාලය තරණය කරන්නට ගිය ලාංකිකයා වශයෙන් ඔහු වාර්තාවක් පිහිටුවා තිබුණි. එවරස්ට් යන මාර්ගයේ තුක්ලා නැරඹුම් තැන්නේ අජිත් ජයසේකර මහතා වෙනුවෙන් ඔහුගේ ඡායාරූපයද සහිතව පුවරුවක් ඉදිකොට ඇත්තේ මේ හිමාලය මිනිසා සිහි කරන්නටය. එවරස්ට් තරණය කරන්නට ගොස් කඳු අතර සැඟවී ගිය ප්‍රකට ෂර්පා කඳුනගින්නන් වූ බාබුචිරි ෂර්පා සහ තවත් කඳු නගින්නන්ගේ සැමරුම් පුවරු ඉදිකොට ඇත්තේ මීට නුදුරිනි.

අජිත් ජයසේකර ගැන මගේ මතකය ඈතට ඇදී යයි. මා මහනුවර ධර්මරාජයේ නේවාසිකාගාරය ඇතුල් වූයේ 1987 දීය. ලංකාවේ බොහෝ පළාත්වලින් ශිෂ්‍යත්ව විභාගය සමත්වී ධර්මරාජයට ඇතුලත් වූ මා වැනි සිසුන් බොහොමයක් දෙනාට ලැගුම් ගන්නට ලැබුණේ ' සී' ඩෝමැට්‍රියේය. එතරම් උස නැති අපූරු කුඩා මිනිසෙක් ඩෝමැට්‍රියේ කුඩා කාමරයක ලැගුම් ගෙන සිටියේය. 

හැමෝම ' අජිත් අයියා ' නමින් ඇමතූ ඔහුට විටෙක අපේ පොඩි පොඩි ප්‍රශ්ණ විසඳා දෙන්නටත් හැකි විය. පාසලේ බාලදක්ෂ සමූහයට විටෙක ඔහු සහෝදරයෙකු විය. විටෙක පියෙකු විය. අපිට අජිත් අයියා ගැන වැඩිදුර දැනගන්නට ලැබුණේ 1987 වර්ෂයේදීත් බාලදක්ෂ කණ්ඩායමක් සමඟ හිමාලය තරණය කරන්නට ගොස් පැමිණි නිසාය.

වැඩිදවස් යන්නට කලින් ගුණරත්න විදුහල්පති තුමාට කොළඹ ආනන්දයට යන්නට සිදුවූ අතර අජිත් අයියාත් ඔහු සමගම ආනන්දයට ගියේය. මෙය අපව සසල කල සිදුවීමක් විය. ආනන්දයේ බාලදක්ෂ කණ්ඩායම් ද හිමාලය තරණයට පිටත්ව යන්නේ මේ අජිත් අයියාගේ මඟපෙන්වීම නිසාය. අජිත් අයියාගේ මතකය කෙමෙන් කෙමෙන් අමතකව යද්දී අපේ මිතුරන් කණ්ඩායමක් තුලිනුත් හිමාලය තරණය කරන්නට අදහසක් පහල විය. ඒ 1994 දීය. ඒ කාලයේ අන්තර්ජාලය, බුකිං ඩොට් කොම්, අගෝඩා ඩොට් කොම් , අලිබබා කෙසේ වෙතත් පරිගණක වලට වොන්ඩෝස් පවා පැමිණ නොතිබූ කාලයයි. හිමාලය ගැන විස්තර සොයන්නට අපිට පිහිට වූයේ බ්‍රිතාන්‍ය කවුන්සිල පුස්තකාලය යි.

ඒ අතර තුර අපට සිහිවූයේ ආනන්දයේ සිටින අජිත් අයියායි. ඔහුව ඇමතීමට දුරකථන පහසුකම් පවා නොතිබූ අතර අප මිතුරන් කිහිප දෙනෙක් අජිත් අයියාව හමු වීමට කොළඹ ආනන්දයට ගියෙමු. ආනන්දයේ සිසුන්ගෙන් ඇසූ විට ඔවුන් අපව ' අජිත් සර් " ගේ නිල කාමරයට අපව කැන්දාගෙන යන ලදී. කවදත් සිනහමුසු මුහුණින් සිටින පොඩි මිනිසා අපව පිළිගෙන අපිට වාඩිගන්නට සැලැස්වීය.

" කත්මන්ඩු වලින් නම්චේ බසාර් වලට ගිහින් එතැනින් තමා ෂර්පා ගම්මාන මැදින් ගමන පටන් ගන්නේ. මුලින්ම හම්බුවෙන්නේ ටිංගබුජේ, ඊළඟට පැංගබුජේ ආපහු ඩිංගබුජේ, ඊළඟට තුක්ලා පහුකරන් ගිහින් ලොබුජේ "
කියමින් අජිත් අයියා අපේ සටගන් පොතක් ගෙන එහි අපි පසුකරගෙන යා යුතු මාර්ගය සරහන් කරන්නට විය.
" ලොබුජේ හරියෙදි පරිස්සම් වෙන්න. මිදුනු වතුර පාරවල් හමුවේවි. හිම තට්ටුව කඩාගෙන ගියොත් අනතුරු වෙන්න පුළුවන් . "
" හොඳට මතක තියා ගන්න ' චං' වගෙ නොදන්නා බීම වර්ග නම් බොන්න යන්න එපා "
" යන අතරමග හම්බුවෙන දුප්පත් මිනිස්සු කරන පොඩි කඩ හම්බුවෙනවා. ඒවයින් බිස්කට් එකක් වත් හොරකම් කරන්න නම් එපා. සමහරු කාපු බීපුවගේ ගණන් එකතු කරන්න දෙන්නෙත් ඔයාලටමයි. කිසිම වෙලාවක හොර කරන්න එපා "
ඒ ඔහු අපට දුන් රන් හා සමාන ඔවදන් ය. තවත් ඉන්දියාව හරහා යන්නට ඇති දුම්රිය ගමන් ආදී බොහෝ දේ අපට අජිත් අයියාගෙන් දැනගන්නට ලැබිණි.
ඒ අජිත් අයියා හමු වූ අවසන් වතාවයි. 

2015 නොවැම්බර් 25 දා මේ විශිෂ්ඨ මිනිසා මෙලොව හැරයන විට ඔහු සිය ජීවන ගමනේ පසු කර තිබුණේ වසර 58 කුත් මාස කිහිපයක් පමණි. ඔබට නිවන් සුව ලැබේවා !!

සංජය දොළමුල්ල

Tuesday, February 25, 2014

ෂර්ලොක් හෝම්ස්


ෂර්ලොක් හෝම්ස් 

19වන සියවස අග භාගයේ හා විසිවන සියවස මුල් භාගයේ ලියැවුණු ජනප්‍රිය රහස් පරීක්ෂක කතාවකි. එක්සත් රාජධානියේ විසු ආතර් කොනන් ඩොයිල් නම් ලේඛකයා විසින් රචිත මෙම කතා මාලාව එවකට මෙන්ම අද ද ඉතා ජනප්‍රිය කතා මාලාවකි. එහි ප්‍රධාන චරිත දෙකක් හමුවේ. එකක් ෂර්ලොක් හෝම්ස් නම් රහස් පරීක්ෂක චරිතයයි. අනෙක ඔහුගේ මිතුරු දොස්තර ජෝන් එච්. වොට්සන් නම් චරිතයයි. මෙහි එන බොහෝ කතා දොස්තර වොට්සන් විසින් පවසන කතාන්දර වන අතර සමහර ඒවා හොම්ස් විසින්ම වාර්තා කරන ලද ඒවා ලෙසින් ඇත. කෙටි කතා 56කින් හා නව කතා 4කින් යුක්ත වන ලෙස ඩොයිල් මෙම කතාව නිර්මාණය කර ඇත.
ෂර්ලොක් හෝම්ස් යනු නිරීක්ෂණ වලින් නිගමන වලට එළඹිය හැකි සුවිශේෂි දක්ෂතාවයකින් යුතු පුද්ගලයෙකි. ඔහුගෙන් බ්‍රිතාන්‍ය රජ පවුල පවා ආධාර උපකාර ඉල්ලූ අවස්ථා ඇත. ෂර්ලොක් හෝම්ස් බොහෝ අවස්ථාවල රහස් පරීක්ෂණ කටයුතු වල නිරත වන්නේ තම මිතුරු ‍දොස්තර වොට්සන් සමගය. නිර්භය පුද්ගලයෙකු වන දොස්තර වොට්සන් ද ‍ෂර්ලොක් හෝම්ස් ගේ පරීක්ෂණ වලට තම කැමැත්තෙන්ම ඉදිරිපත් වෙයි. ලන්ඩනයේ බේකර් විදියේ අංක 221B නිවසේ එකටම නැවතී සිටින මොවුන් දෙදෙනා සොයා එංගලන්තයේ නන් දෙසින් විවිධ සමාජ පන්තිවල පුද්ගලයින් පැමිණේ. කෙසේ හෝ තම සේවා දායකයාගේ ප්‍රශ්නය විසඳා දිමට ෂර්ලොක් හෝම්ස් උත්සහ දරයි. ස්කොට්ලන්යාඩ් රහස් පොළීසියේ රහස් පරීක්ෂක වරුද ෂර්ලොක් හෝම්ස් ගෙන් උදව් ගන්නා අවස්ථා කොතෙකුත් ඇතත් එම පරීක්ෂණය විසඳා අවසන් වූ පසු එහි ගෞරවය හෝම්ස් භාරගන්නේ නැත. එහෙත් එහි සත්‍ය කතාව පසුකළෙක පාඨකයාට ඉදිරිපත් කිරීමට හෝම්ස් වොට්සන් ට අවසර දෙයි. හෝම්ස් කිසිවිටෙක පරීක්ෂණයක් භාරගන්නේ මුදල් බලාපොරොත්තුවෙන් නොවේ. එහෙත් මුදල් ලබා ගත හැකි තැනදී මුදල් ලබා ගැනීමට ඔහු පසුබට නොවේ. (අබිරහස් ළමා කොල්ලය)
"නැගිටින්න වොට්සන් නැගිටින්න. සෙල්ලම පටන් අරගෙන. ප්‍රශ්න අහන්න වෙලා ගතකරන්න එපා. ඇදුම් මාරු කරගන්න. අපි වහාම පිටත් වෙමු." (Adventure of the Abbey Grange - මහරෑ ආ මාරයා)
ෂර්ලොක් හොම්ස් ශීත ඍතුවේ හිම වැටෙන පාන්දරක, තම හිතමිතුරු දොස්තර වොට්සන් අවදි කරගන්නේ එලෙසයි. අවුරුදු විසිතුනක් තිස්සේ සහෝදරයන් මෙන් එකට අපරාධ පරීක්ෂණයේ යෙදුනු, ලන්ඩනයේ පාතාල ලෝකය සෙලවූ මේ මිත්‍රයින් දෙදෙනාගේ වතගොත බොහෝය.
මේ දෙදෙනා ගැන විස්තර ලියන සටහන් කරුවාට සිදුවන්නේ විසදාගත නොහැකි ගැටලු වලට මුහුණ දීමටයි. මෙවැනි විස්තරයක් සැකසීමේදී අනිවාර්යෙන්ම අපේ මූලාශ්‍ර වන්නේ දොස්තර වොට්සන් විසින් පළකොට ඇති වාර්තාය. එහෙත් මේ දොස්තර මහතා දින වකවානු ගැන සදහන් කරන්නේ ඉතා නොසැලකිලිමත් අන්දමිනි. යම් සිද්ධියක් වූයේ අසවල් අවුරුද්දේ යයි ඔහු කීවත්, ඒ ගැන විශ්වාසයක් තැබීමට අපහසුය.
ඊට හොද නිදසුනක් වන්නේ ඔහුගේ විවාහය සිදුවූ අවුරුද්ද, දොස්තර වොට්සන්ට හරිහැටි මතක නැත. ඔහුට මුල් වරට මේරි මෝස්ටන් මෙනවිය හමුවූයේ 1888 ගිම්හාන ඍතුවේ අගභාගයේ හෝ සරත් ඍතුවේ මුල බවට සැකයක් නැත. එහෙත් පසුකාලීන කතාවල, තමාගේ විවාහය සිදුවූ මාසය ලෙස වොට්සන් වෙනස් මාස දෙකක් සදහන් කරයි. එමෙන්ම 1888 වසන්ත ඍතුවේ සිදුකළ පරීක්ෂණයක් ගැන විස්තර කරද්දී ඔහු පවසන්නේ තමා මේරි හා විවාහ වී, බේකර් වීථියෙන් ඉවත්ව වෙනම පදිංචියට ගියපසු එය සිදුවූ බවයි. තවත් කථාන්තරයක බිරිද ගෙදර නැති දවසක හෝම්ස් හමුවීමට යන වොට්සන්ට, පරීක්ෂණයකට සහභාගී වීමට ඉඩ සැලසේ. නමුත් එහි දින වකවානු, වොට්සන්ට මේරි මෝසටන් හමුවීමට අවුරුද්දකටත් පෙර ඒවාය.
දින වකවානු ගැන කියද්දී ෂර්ලොක් හෝම්ස්ගේ මතකය, තම මිතුරාගේ මතකයටත් වඩා අවුල් සහගතය. ඔහු අපරාධ පරීක්ෂණ වෘත්තියෙන් විශ්‍රාම ගත් පසු, පරීක්ෂණ දෙකක වාර්තා තමාම ලියයි. මෙම සිද්ධිවලට තමා සහභාගී වූයේ තනිවම බව ඔහු සදහන් කරයි. ඊට හේතු ලෙස දක්වන්නේ, තම මිත්‍ර වොට්සන් විවාහ වී බිරිද සමග ජීවත් වීමට බේකර් වීථියෙන් පිටත්ව යෑම බව ඔහු සදහන් කරයි. හෝම්ස් දක්වා ඇත්තේ මේ පරීක්ෂණය 1903 දී සිදුවූවක් බවයි. (කළණ මිතුරා - Blanched Soldier). ඇත්තෙන්ම එම අවුරුද්ද වන විට වොට්සන්ගේ බිරිද මියගොස් අවුරුදු 10ක් ගතවී ඇත. ඔවුන්ගේ වාර්තා වල ඇති මේ පර්ස්පර විරෝධී බව නිසා වොට්සන් තුන්වරක් වත් විවාහ වී ඇති බව විචාරකයෝ අනුමාන කරති.
ෂර්ලොක් හෝම්ස්ගේ උපත 1854 දී සිදුවී ඇතැයි විශ්වාස කළ හැක. (ෂර්ලොක් හෝම්ස් ඔබෙන් සමුගන්නා 1914 පරීක්ෂණයේදී හෝම්ස් වයස 60ක් වූ මදක් කුදු ගැසුනු පුද්ගලයෙකු යයි වොට්සන් පවසයි.) හෝම්ස් උපන්නේ එංගලන්තයේ සසෙක්ස් ප්‍රාන්තයේ යයි විශ්වාස කිරීමට බොහෝ සාක්ෂි ඇත. එයින් එකක් නම් ජෝන් ඕපන්ෂෝගේ සපත්තුවේ තැවරී තිබුණු පස්වල ස්වභාවය අනූව,(බිහිසුණු අතුදැකීමක් - Five Orange Pipes) ඔහු සසෙක්ස් ප්‍රාන්තයේ හෝෂාම් සිට පැමිණි බව නිගමනය කිරීමයි. මීට අමතරව පස්වල වර්ණය අනූව ඔහුට හදුනාගත හැකි වූයේ විග්මෝර් කැපැල් කාර්යාලය අසලදී වොට්සන්ගේ සපත්තුවේ තැවැරුණු පස් පමණි. (සිව්රහස් සලකුණ - The Sign of Four) හෝම්ස් අපරාධ පරීක්ෂණ වෘත්තියෙන් විශ්‍රාම ගෙන, සසෙක්ස් ප්‍රාන්තයේ පදිංචියට යෑමට තීරණය කළේ ද සමහරවිට එය ඔහුගේ ගම් ප්‍රදේශය නිසා විය හැකියි.
එංගලන්තයේ බොහෝ පවුල්වල පිරිමි දරුවන්ට නම් තබන්නේ ජෝජ්, එඩ්වඩ්, ජේම්ස් ආදී  පොදු නම්ය. එහෙත් හොම්ස් පවුලේ පුතුන් දෙදෙනාට නම් තැබීමේදී මේ සම්ප්‍රදායෙන් බැහැරවී, ෂර්ලොක් හා මයිකොෆ්ට් නම් දුර්ලභ  නම් දෙකක් යොදා ඇති බැව් පෙනේ. තමන්ගේ ආච්චි, ප්‍රංශ ච්ත්‍රශල්පියෙකු වූ වර්නට්ගේ සොයුරියක  බව වරක් හෝම්ස් සදහන් කළේය. ඒ හැරෙන්නට ඔහුගේ  මව පියා හෝ මුතුන් මිත්තන් ගැන කිසිදු සදහනක් නැත.
ෂර්ලොක් හෝම්ගේ අයියා මයික්‍රොෆ්ට්, නිරීක්ෂණ මගින් නිගමනයන්ට එළඹීමට මල්ලීටත් වඩා දක්ෂයෙකි. එහෙත් තරබාරු සිරුරක් තිබූ ඔහු, තරමක අලසයෙකු බව හැගේ. පදිංචි වී සිටි තැන සිට වයිට්හොල්හි තම කාර්යාලයටත් ඩයොජිනීස් සමාජශාලාවටත්, අයියාගේ ජීවිතය සීමා වූ බව ෂර්ලොක් හොම්ස් පවසයි.(භාෂා පරිවර්තකයා-Greek Interpreter) එහෙත් එක් වරක් ඔහු ලෞදර් ආරුක්කුවේ සිට වික්ටෝරියා දුම්රියපොළ දක්වා අශ්ව කරත්තයකින් වොට්සන් රැගෙන ආවේය.(අවසන් ගැටළුව-Final Problem) ඊට අමතරව 1891 දී රයිෂන්බාක් මල්ලව පොරයෙන් පසු, බේකර් වීථියේ නිවහන අවුරුදු 3ක් රැකබලා ගත්තේද මයික්‍රොෆ්ට් විසිනි.
ෂර්ලොක් හෝම්ස් මුල් කාලයේ ඉගෙනීම ලැබුවේ කුමන පාසලකදැයි සදහන් නොවේ. එහෙත් කුඩා කාලයේ ඔහුට ගණිතය 'ටියුෂන්' දුන්නේ මහාචාර්ය මොරියාට් විසින් යයි සමහර නිරීක්ෂකයෝ පවසති. අධ්‍යාපනය ලැබීමට හෝම්ස් විශ්වවිද්‍යාලයකට ඇතුළු වූ බව නම් සැබෑය. එහෙත් ඒ සරසවිය ඔක්ස්ෆර්ඩ්ද කේම්බ්‍රීජ්ද යන්න පැහැදිලි නැත. සරසවියේ මුල් වසරේදී වික්ටර් ට්‍රෙවෝගේ බල්ලා තම කකුල සපා කෑ බැව් හොම්ස් සදහන් කරයි. (මරුකැදවූ ලියුම - Gloria Scott) සරසවිය කුමක් වුවත් ඔහු උපාධිය නොලබාම අවුරුදු දෙකකට පසු සරසවිය හැරදමා ගියේය.
ලේ පැල්ලම් ගැන විශ්වාසදායක පරීක්ෂණයක් සොයාගැනීමට හොම්ස් සාන්ත බර්තොලමියු රෝහලේ පර්යේෂණයක් පවත්වයි. මෘත ශරීරාගාරයේ, කාය ව්‍යවච්ඡේද කාමරයේ එම විද්‍යාවන් හදාරයි. මළසිරුරු වලට වේවැලෙන් පහරදී එයින් ඇතිවෙන ප්‍රතිඵල පිරික්සයි. එහෙත් වෛද්‍යවරයෙකු වීමට ඔහුට උවමනාවක් නැත.
1880 වෙද්දී තමා මෙතෙක් කල් නේවාසිකව සිටි මොන්ටේගු වීථියේ නවාතැනෙන් ඉවත්වී යාමට හෝම්ස් තීරණය කරයි. අලුත් නවාතැනකට ගොස් අපරාධ පරීෂණ වෘත්තිය වඩාත් පුළුල් ලෙස ක්‍රියාත්මක කිරීම ඔහුගේ අරමුණයි. මේරි මෝස්ටන් මෙනවිය හොම්ස් හමුවීමට එන්නේ 1888දීය. ඒ අවුරුද්දක් පාසා ඇයට තැපෑලෙන් ලැබෙන මුතු ඇට ගැන රහස හෙළිදරව් කරගැනීමටත්, එදින රාත්‍රියේ ලයිසියම් නෘත්‍යශාලාව වෙත කර තිබුණු කැදවීම ගැන උපදෙස් ලබා ගැනීමටත්ය. ඔවුන් වෙත පැවරෙන ත්‍රාසජනක කටයුත්තක් සදහා පිටත්ව යන අතර වොට්සන් කලබලයට පත් වෙයි. මේරි මෝස්ටන් සමග කරන කතාබහකදී ඔහු, තමා ඇෆ්ගනිස්තානයේ කළ වික්‍රම සිහිපත් කරයි. එක් මැදියම් රැයකදී ව්‍යාඝ්‍රයෙකු තමාගේ කූඩාරමට හිස දමා බැලූ බවත් තමා ඌට කාණු දෙකේ තුවක්කුවකින් වෙඩිතබා මැරූ බවත් වොට්සන් පවසයි.
දොස්තර වොට්සන් සමග ගතකළ දිවියේ කම්කටොලු ගැන සිහිකරන විට, මේරි මෝස්ටන් ආදර්ශවත් බිරිදක් බව පැහැදිලිවේ. ඔවුන් විවාහ වූ වර්ෂය වොට්සන්ට අමතක බව අපි කලින් ද සදහන් කලෙමු. ඇෆ්ගන් යුද්ධයේදී ජසායිල් උණ්ඩයක් වැදී තුවාල වුයේ ඔහුගේ උරහිසටද, කකුලටද යන්න ඔහුට අමතකය. එහෙත් එය වරින් වර වේදනා දෙයි. හෝම්ස්ගේ විකුමාන්විත ගමන් සදහා වොට්සන් කැදවද්දී, බිරිදගෙන් කිසිදු විරුද්ධත්වයක් නොමැතිව ඔහුට යෑමට ඉඩ ලැබේ. 1888 දී විවාහ වී එම වසරේම පැඩිංටන්හි වෛද්‍ය චිකිත්සකාගාරයක් ඇරඹුවත්, 1889 දී සියල්ල හැරදමා හෙන්රි බැස්කවිල් සමග ඩෙවොන් ප්‍රදේශයට ගොස් එහි සති කීපයක් ගත කිරීමට වොට්සන්ට බාධාවක් නැත. මේරි වොට්සන් මහත්මිය 1893 දී මිය ගිය ශෝකජනක පුවත, දොස්තර වොට්සන්ගේ වාර්තාවලින් හෙළිවේ.   
අපි මේ සදහන් කල සියල්ලෙහිම මැවුම් කරුවාණන් වන්නේ සර් ආතර් කොනන් ඩොයිල්ය. 1886දී කොනන් ඩොයිල් විසින් රචනා කරන ලද A Study in Scarlet(ලොහිත පරීක්ෂණය) කතාව ඔහු පුවත්පත් සහ සගරා විශාල ප්‍රමාණයකට යවා තිබිණි. නමුත් ඒ සෑම ප්‍රකාශන ආයතනයකින්ම ප්‍රතික්ෂේප වූ මෙම කතාව, පොත් රාක්කයේ මුල්ලකට දැමීමට පෙර අවසාන වශයෙන් "වොඩ් ලොක්" ප්‍රකාශන ආයතනයට යවනු ලැබීය. සතියක් පමණ ගතවුනු තැන ශ්‍රීමත් ඩොයිල්ට වොඩ් ලොක් වෙතින් තැපැල් පතක් ලැබුණි. "ඔබ විසින් එවන ලද A Study in Scarlet සදහා මෙවර නත්තල් කලාපයේ ඉඩ වෙන් කළ නොහැකිය. ලබන වසරේ නත්තල් කලාපයේ එය පළ කිරීමට අපි කැමැත්තෙමු. ඒ සදහා ඔබේ අදහස අපට දන්වන්න." ලෙස එහි සදහන්ව තිබිණි. එය දුටු ශ්‍රීමත් ඩොයිල්ට මහත් දුකක් දැනිණි. ඒ තම කතාව පළ වනු දැකීමට තවත් වසරක්ම බලා සිටීන්නට සිදුවන නිසාය. පසු දිනම වොඩ් ලොක් ආයතනයට ගිය ශ්‍රීමත් කොනන් ඩොයිල් ඔවුන්ගේ අවශ්‍යතාවයට අනූව මෙම රහස් පරීක්ෂක කතාවේ පූර්ණ අයිතියම ඔවුන්ට පවරා දී තිබේ. ඒ සදහා 1886 වසරේ ඔහු ලද මුදල පවුම් 25කි.
ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් උපත ලැබුවේ 1859 මැයි මස 22 වන දින ස්කොට්ලන්තයේ එඩ්ංබ්‍රෝ නගරයේය. චිත්‍ර ශිල්පී චාල්ස් ඇල්ටමොන්ට් ඩොයිල් ඔහුගේ පියා වූ අතර මව වූයේ මේරි ෆොලේ ඩොයිල්ය. 1855 වසරේ විවාහ දිවියට එළැඹි ඔවුන්ගේ පළමු දරුවා වූයේ ආතර්ය. පියාගේ අධික බීමත්කම නිසාම ඔහුගේ මව, පියා අතහැර යන විට ආතර්ගේ වයස අවුරුදු 5 වූවා පමණි. නමුත් 1867 දී එනම් ආතර්ට වයස අවුරුදු 8 දී විසිරී ගිය පවුල යළි එක් විය.
එතැන් පටන් ඔවුන් ජීවත් වූයේ චාල්ස් ඩොයිල් විසින් කුලියට ගන්නා ලද අපිරිසිදු කුඩා නිවාස වලටය. කුඩා ආතර් ක්‍රිස්තියානි භක්තිකයෙකු වූ අතර ඔහු පාසල් අධ්‍යාපනය සදහා පාසලට ඇතුළත් වීමට පෙර සිය නමට ක්‍රිස්තියානි නමකින්ද කොටසක්ද එකතු කර ගත්තේය. ඔහු බෞතීස්ම වූයේ "ආතර් ඉග්නේෂස් කොනන්" නමිනි. අවුරුදු 9 දී රෝමානු කතොලික සභාවට අයත් පාසලක මූලික අධ්‍යාපනය ලැබූ ඔහු 1870 සිට 1875 දක්වා කාලයේ අධ්‍යපනය ලැබුවේ ස්ටෝනිහර්ස්ට් පාසලෙනි. 1876 දී ඕස්ට්‍රේලියාවේ ස්ටෙලා මැටියුටිනා ද්වීතීක පාසලෙන් අධ්‍යාපනය ලැබ එඩින්බර්ග් විශ්ව විද්‍යාලයට ඇතුලු වූයේය. ඒ වෛද්‍ය විද්‍යාව හැදෑරීම සදහාය. 1881 දී වෛද්‍ය උපාදිය ලැබ ඉන් පිටවුනු ආතර් බර්මිංහෑම් සහ ශේරාප්ෂයර් ප්‍රාන්ත වල  පෞද්ගලික බෙහෙත් ශලාවක් පවත්වාගෙන ගියේය.
රෝගීන් රහිත බෙහෙත් ශාලාවේ පාළුව නැතිකර ගැනීම සදහා ඔහු කෙටි කතා ලිවීමට පටන් ගත්තේය. ඔහු අතින් ලියැවුණු පළමු ප්‍රබන්ධ කතාව "The Haunted Grange of goresthope" නම් විය. නමුත් එය සාර්ථක කෙටි කතාවක් වූයේ නැත. පසුව ලියන ලද "The Mystery of Sasassa Valley " නම් කෙටි කතාව 1879 සැප්තැම්බර් 6 වන දින "Chamber's Edinburgh Journal" සගරාවේ පළ විය. එය රහස් පරීක්ෂක කතාවක් ලා සැලකිය නොහැකි වූ කෙටි කතවෙක් බව ආතර් පසු කාලයකදී පවසා තිබේ. වෛද්‍ය වෘත්තියෙත් ප්‍රබන්ධ කතාවත් සමව කරගෙන ආ ඔහු 1855 දී ආචාර්ය උපාදිය ලබා ගත්තේය.
            තම දිගුකාලීන රෝගියෙකුගේ නෑ සබදකම් මත හදුනාගත් ලුවිස් හෝකින්ස් සමග ආතර් විවාහ වූයේ 1885 දීමය. විවාහයෙන් එකළොස්වන වසරේදී එනම් 1906 දී ක්ෂය රෝගය වැළදී ඇය මිය ගියාය. 1897 වසරේ දැන හදුනාගත් ජින් එලිසබෙත් ලෙකී නම් කාන්තාව ඔහුගේ බිරිද බවට පත් වූයේ 1‍907 දීය. 1940 දී ඇයද මිය ගියාය. පළමු විවාහයෙන් මේරි සහ කිංග්ස්ලි යන දරුවන්ද දෙවන විවාහයෙන් ඩෙනිස්, ඒඩ්‍රියින් සහ ජින් යන දරුවන් පස් දෙනෙකුට පියෙකු වූ ආතර් ජනතාව අතර ගෞරවයට පාත්‍ර වූ වෛද්‍යවරයෙකු නොවීය. ලන්ඩනයේ ඩෙවන්ෂයර් පෙදෙසේ අංක 2 නම් වෛද්‍ය ඩොයිල්ගේ බෙහෙත් ශාලාව වැඩිවශයෙන් පාළුවට ගොස් තිබූ ස්ථානයක් විය. ඒ නිසාම ඔහු වැඩි වශයෙන් ප්‍රබන්ධ කතා ලිවීමට පටන් ගත්තේය. ඔහුගේ පෑනින් බිහිවූ අති දැවැන්ත ප්‍රබන්ධ කතා මාලාව වූයේ "ෂර්ලොක් හෝම්ස්" රහස් පරීක්ෂක කතා පෙළයි. ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ එන ප්‍රධාන චරිතය වූ ෂර්ලොක් හෝම්ස් නම් පෞද්ගලික රහස් පරීක්ෂකයා නිසා ශ්‍රීමත් ආතර කොනන් ඩොයිල් මුළු ලෝකයේම වැසියන්ගේ අවධානයට පාත්‍රවිය. ෂර්ලොක් හොම්ස් නම් වන චරිතය ගොඩනැගීම සදහා අඩිතාලම වැටුනේ ශ්‍රීමත් ආතර් ඒඩින්බර්ග් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව හදාරන සමයේ උපකල්පන සහ නිරීක්ෂණ මගින් නිගමනයට එළැඹීමටත් අසාමාන්‍ය ලෙස සැගව ඇති තොරුතුරු අනාවරණය කර ගැනීමටත් මනා නිපුණත්වයක් තිබූ මහාචාර්ය ජොසප් බෙල්, ආතර්ගේ හිත ඇද බැද ගත්තෙකි.
            මහාචාර්ය බෙල්ගේ ක්‍රමවේදය අධ්‍යනය කල ආතර් මහාචාර්ය වරයා දෙස බලා ෂර්ලොක් හෝම්ස් චරිතය ගොඩනැගුවේය. මෙම රහස් පරීක්ෂකයා සදහා පළමුව ඔහු යෙදූ නාමය වූයේ "ෂෙරිංෆඩ් හෝස්"ය. නමුත් එය ජනතාව අතරට නොයනු ඇති බව උපකල්පනය කළ ඔහු එකල ජනප්‍රිය ක්‍රීඩකයෙකු වූ "ෂර්ලොක්"ගේ නම මේ සදහා භාවිත කිරීමට තීරණය කර ගන්නා ලදී. "හොම්ස්" යනු අපරාධ පරීක්ෂණ විද්‍යාවේ පුරෝගාමී පුද්ගලයෙකි. මේ දෙදෙනා එක්කොට "ෂර්ලොක් හෝම්ස්" නමින් මෙම දැවැන්ත චරිතය නම් කරන ලදී. හෝම්ස්ගේ සහයකයා ලෙස මෙම කතා මාලාවේ ප්‍රධානතම කාර්යයක් ඉටු කරන දොස්තර ජේම්ස් වොට්සන් ද මනක්කල්පිතව නිර්මාණය වූවකි. නමුත් විචාරකයන්ගේ අදහස් වලට අනූව දොස්තර ජේම්ස් වොට්සන් යනු දොස්තර ආතර් කොනන් ඩොයිල්මය.
ෂර්ලොක් හොම්ස් කතා ජනතාව අතර ප්‍රචලිත වීමත් සමග වෛද්‍ය ආතර්ට තම බෙහෙත් ශාලාව කරගෙන යාමට තරම් විවේකයක් ලැබුණේ නැත. එය සම්පූර්ණයෙන්ම වසා දැමූ ඔහු ෂර්ලොක් හොම්ස්ගේ අත්අඩංගුවට පත්වෙමින් දිගින් දිගටම ෂර්ලොක් හොම්ස් රහස් පරීක්ෂක කතා ලියන්නට විය. ඒ සදහා කිබූ පඨක ඉල්ලුම නිසාම ප්‍රසිද්ධ සගරා සහ පුවත්පත් වල කතුවරුන් මෙම වෛද්‍ය ලේකකයා සොයාගෙන පැමිණ ෂර්ලොක් හෝම්ස් කතා වැඩි වැඩියෙන් ඉල්ලා සිටියහ. බේරෙන්නට බැරිම තැනට පත් වූ පසු දිනක් ඔහු සගරාවක කතුවරයෙකුට මෙසේ කීවේය "මට පවුම් 1000ක් දෙනවානම් මම කතා දුසිමක් ලියලා දෙන්නම්." පවුම් 1000ක් යනු ඇදහිය නොහැකි තරම් මුදලක් වන නිසා එදායින් පසුවවත් පාඩුවේ වැඩක් කරගන්නට හැකි වේ වයි සිතා වෛද්‍යවරයා සතුටු විය. දින 3ක් ගතවෙන්නටත් පෙර ඔහුට තැපැල් පතක් ලැබිණි. එහි සදහන් වූ දෙයින් ඩොයිල්ගේ දෑස් නැවතුනේ නළලේය. "ඔබේ ගනුදෙනුවට අපි කැමැත්තෙමු. ෂර්ලොක් හොම්ස් කතා දුසිමක් ලියා රැගෙන පැමිණ ඔබේ මුදල රැගෙන ලබාගන්න." එදා පටන් ඔහුට දිගින් දිගටම ෂර්ලොක් හොම්ස් රහස් පරීක්ෂක කතප්‍රෙබන්ධ කිරීමට සිදු විය.
මේ ආකාරයට දීර්ඝ ෂර්ලොක් හොම්ස් කතා 4ක් ද කෙටි ෂ්ර්ලොක් හෝම්ස් කතා 56ක් ද රචනා කළ ඔහු ඉන් ඔබ්බටද විශාල කතා ප්‍රමායක් ප්‍රබන්ධ කර තිබිණි. කවි පොත් 2ක් ද කෙටි කතා 12ක් ද පුබන්ධ 50කට අධික සංඛ්‍යවක්ද කවි සංකල්ප 70කට අධික සංඛ්‍යවක්ද ඔහු අතින් බිහි විය. මේ සෑම කතාවකදීම පඨකයන්ගේ රසවින්දනය වැඩි වූවා මිස අඩු වූයේ නැත. යම් යම් අවස්ථාවල ඩොයිල් අතින් සිදුවූ  අඩුපාඩුද පාඨකයන්ගේ රසාස්වාදයට හේතු වී තිබිණි. ඔහු දොස්තර වොට්සන් පිළිබදව හදුන්වා දුන් එක් අවස්ථාවක ලියා තිබුණේ මයිවාඩ් නගරයේ පැවති යුද්ධයේදී සතුරන්ගේ ජසායිල් පතරොම් තුවක්කු වලින් පිටවුනු වෙඩි උණ්ඩවලින් වොට්සන්ගේ උරහිස දරුණු ලෙස තුවාල වූ බවයි. නමුත් පසුව ලියන ලද ෂර්ලොක් හොම්ස් කතාවක ඔහු සදහන් කර තිබුණේ ජසායිල් උණ්ඩය වැදී හානි වූයේ වොට්සන්ගේ දකුණු කකුල බවයි. එමෙන්ම ඔහු විවිධ අවස්ථා වල වොට්සන් හදුනා නම් කර ඇත්තේ විවිධ නම් වලිනි. 'ජොන් වොට්සන්' 'ජේම්ස් වොට්සන්' 'ජොන් එෆ් වොට්සන්' ආදී ලෙසය. ඔහුගේ නොසැලකිලමත් බව නිසාද පාඨකයා ලැබුවේ මහත් වින්දනයකි. වෛද්‍යවරයෙකු වුවද "උපකල්පනය මත නිගමන වලට පැමිණීම" නම් වූ ක්‍රමවේදය මත ඔහු මරණ දණ්ඩනය නියම වූ අහිංසකයන් විශාල පිරිසක් ඉන් මුදවා ගත්තේය. ඔහු ඒ සෑම අවස්ථාවකදීම භාවිත කළේ මහාචාර්ය ජොස්ප් බෙල් ගේ නැතහොත් ෂර්ලොක් හොම්ස්ගේ ක්‍රමවේදයයි.
1899 දෙසැම්බර් වන විට දකුණු අප්‍රිකාවේ පැවැති බොයර් යුද්ධය ඉතා උග්‍ර තත්වයකට පත්වී කිබිණි. තවදුරටත් එංගලන්තට වී ලේඛන කලාව වෙත අවධානය යොමු කිරීමට ආතර් කොනන් ඩොයිල්ට නොහැකි විය. ඔහු යුධ පෙරමුණට යාමේ අරමුණෙන් හමුදාවට බැදීමට ඉල්ලුම් කළේය. එහෙත් යුධ පුහුණුවක් නොතිබුණු නිසා ඔහුගේ අයදුම්පත්‍රය ප්‍රතික්ෂේප විය. පසුව කොනන් ඩොයිල් යුධ හමුදා වෛද්‍ය බලකායේ වෛද්‍යයරයෙකු ලෙස සේවය කිරීමට අවස්ථාවක් ලබාදෙන මෙන් ඉල්ලුම් කළේය. මේ අනූව ඔහුට වෛද්‍යෙස්වය සදහා දකුණු අප්‍රිකාවට යාමට අවසර ලැබිණි. 1900 අප්‍රේල් මාසයේදී බ්ලොම්ෆොන්ටේන් හි දරුණු ලෙස පැතිර ගිය උණසන්නිපාතය හා පාචන රෝගය මර්ධනය කිරීම සදහා දොස්තර කොනන් ඩොයිල්ගෙන් විශාල මෙහෙයක් ඉටුවිය. ඔහුගේ මෙම සේවය අගයනු වස් බ්‍රිතාන්‍ය රජු විසින් පිරිනමන ලද නයිට් පදවියක්ද සමග ඔහු 'ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල්' නම් විය.
1900 ජූලි මාසයේදී එංගලන්තයට ආපසු ඒම සදහා ඩොයිල් කේප්ටවුන් වරායෙන් නැව් නැග්ගේය. විශිෂ්ඨතම ෂර්ලොක් හොම්ස් කථාන්තරය සදහා පදනම වැටුනේ 'බ්‍රිටන්' නම් මේ නෞකාව තුළදීයි. 'ඩේලි නිවුස්' පුවත්පතේ යුධ පුවත් වාර්තා කිරීම සදහා දකුණු අප්‍රිකාවට ගිය තරුණ පුවත්පත් වාර්තාකරුවෙකු වූ බර්ට්‍රම් ෆ්ලෙවර් රොබින්සන් මෙම නෞකාවේම ආපසු එංගලන්තය බලා එමින් සිටියේය. නැවේදී හමුවූ කොනන් ඩොයිල් - රොබින්සන් දෙදෙනා අතර, දැඩි මිත්‍රත්වයක් ඇති විය.
එංගලන්තයට ආපසු පැමිණි පසු දෙදෙනා අතර සුහද බව වඩාත් තහවුරු විය. 1901 අප්‍රේල් මාසයේ දී කොනන් ඩොයිල් රොබින්සන් සමග ඩෙවොන්ෂයර් ප්‍රෙද්ශයේ නිවාඩුවක් ගත කිරීමට ගියේය. එය රොබින්සන්ගේ උපන් ගමයි. ඩාට්මුවර් විල්ලුවේ මඩගොහොරු වල විසූ සුනඛ අවතාරයක් ගැන පැවැති කටකතාව ඩොයිල්ට මුලින්ම අසන්නට ලැබුනේ ෆ්ලේවර් රොබින්සන්ගෙනි. ඩොයිල් සිය මවට යැවූ ලිපියක මේසේ සදහන්වේ. "ආදරණීය අම්මේ, අපේ අලුත්ම ෂර්ලොක් හොම්ස් කථාන්තරය සම්බන්ධයෙන් මමත් රොබින්සනුත් මේ දිනවල ඩාට්මුවර් විල්ලුව ගවේෂණය කරමින් සිටින්නෙමු. දැන් පොතේ භාගයක් ලියා අවසන්. මං හිතන්නෙ ඒක හොද සාර්ථක පොතක් වේවි. මේකෙ හොම්ස්ගේ දක්ෂකම් විශිෂ්ඨ ලෙස දැක්වෙනවා. මෙය අද්භූත නවකතාවකට උච්තම වස්තුවක්. මේ ගැන මම රොබින්සන්ට ණයගැතියි. අපි විල්ලුව පුරා හැතැක්ම 14ක් පමණ සංචාරය කලා. විල්ලුව හිතේ භයක් ඇතිකරවන මහා විශාල ප්‍රදේශයක්. මෙහි තැනින් තැන ප්‍රාග් ඓතිහාසික මිනිසුන්ගේ සොහොන් බිම් හා ගල් ගෙවල් දකින්න ලැබෙනවා."
මේ ගමන් වලදී ඔවුනට ප්‍රාග් ඓතිහාසික ගලගුහා ඇති 'ගීම්ස් පවුන්ඩ්' පැරණි වාසභූමියක් වූ 'මෙරිපිට්' සහ 'සුනඛ කදු පර්වතය' ගැන අසන්නට ලැබෙන්න ඇති. තම මිතුරා සෑම තැනකම රැගෙනගොස්, රොබින්සන් ඔහුට හොද මග පෙන්වන්නෙකු වූවා නිසැකයි. 'ස්ට්රෑන්ඩ්' සගරාවේ මුල් වරට පළවෙද්දිත්, ඉන් අනතුරුව පොතක් වශයෙන් මුද්‍රණය වෙද්දිත් ඒ ගැන මෙසේ සදහන් කිරීමට කොනන් ඩොයිල් අමතක නොකලේය.
ලන්ඩනයේදී 221B බේකර් වීදියට ෂර්ලොක් හෝම්ස්ගෙන් උපදෙස් ගැනීමට ස්කොට්ලන්ඩ් යාඩ් පොළීසියේ රහස් පරීක්ෂකයන් නිතර පැමිණියහ. ලෙස්ට්‍රේඩ්, ටෝබියස් ග්‍රේසන්, බ්‍රැස්ට්‍රීට් හා ස්ටැන්ලි හොප්කින්ස් යන නම් කොනන් ඩොයිල් විසින් නිතරම සදහන්කරයි. ඔවුන් අපරාධ පරීක්ෂකයන් ලෙස පුහුණුව ලබා තිබුණද, අපරාධ පරීක්ෂණය විද්‍යවක් ලෙස හදාරා නැති නිසාම ඔවුන්ගේ උපකල්පන හෝම්සගේ නිරීක්ෂණ මගින් නිගමන වලට එළැඹීමේ හැකියාව නිසා බැදවැටෙයි. මේ තුළින් කොනන් ඩොයිල් අපරාධ පරීක්ෂණය සදහා විද්‍යාත්මක ක්‍රම යොදාගැනීමේ අවශ්‍යතාවය ලොවට මැනවින් අවබෝධ කරදී තිබේ.
ඇමරිකා එක්සත් ජනපදයේ මේ කථා පළවීමට පටන් ගත්තේ 'හාපර්ස් වික්ලි' සගරාවේ 1901 අගොස්තු 31 කලාපයේ සිටයි. කථාවේ අවසානය දැනගැනීමට නොඉවසිල්ලෙන් සිටි පාඨකයෝ, අභිරහස විසදෙන ආකාරය පිළිබදව අනාවැකි හා නොයෙක් උපකල්පන ඉදිරිපත් කිරීමට පටන් ගත්හ. ඔවුහු ඒවා කොනන් ඩොයිල් වෙත ලියා එවූහ.
"මේවා ඔක්කොම ලෙස්ට්‍රේඩ්ල ග්‍රෙසන්ල විසින් ඉදිරිපත් කරන තලෙ උපකල්පන" කොනන් ඩොයිල් කීවේ සිනාමුසු මුහුණෙනි.
'අවසන් ගැටළුව' පරීක්ෂණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු, බොහෝ දෙනෙකුගේ මතය වූයේ දිගින් දිගටම ෂර්ලොක් හෝම්ස් කථා ලියා ඩොයිල් වෙහෙසට පත්වී ඇති බවයි. එය සම්පූර්න සත්‍යයම නොවේ. සගරා සංස්කාරක වරුන් නියමිත දිනය පෙර ෂර්ලොක් හොම්ස් කථා ලියා සම්පූර්ණ කර දෙන මෙන් බලකරන්නට පටන්ගත් පසු, ඩොයිල් වෙහෙසට පත්වූ බව සැබෑය. එහෙත් ඉංග්‍රීසි සාහිත්‍යයේ ජනප්‍රියම චරිතයක් නිර්මාණය කරන්නට ලැබීම ගැන ඔහු අතිශයින්ම සතුටට පත් විය.
කෙසේ වෙතත් ඔහු වඩාත් ප්‍රිය කළේ ඓතිහාසික හා සම්භාව්‍ය ගණයේ ග්‍රන්ථ රචනා කිරීමටයි. මෙවැනි කෘති නිර්මාණය සදහා කාලය බොහෝ සෙයින් මිඩංගු කළ යුතු විය. ඉතිහාස පොත් දීර්ඝ ලෙස විමර්ෂණය කිරීමට සිදුවිය. එම කටයුතු වලට ෂර්ලොක් හොම්ස්ගෙන් දිගින් දිගටම බාධා පැමිණෙන්නට විය. අවසානයේදී හොම්ස් මරා දැමීමට ඩොයිල් තීරණය කලේය.
1893 අගොස්තුවේදී ඔහු සිය බිරිද සමග ස්විට්සර්ලන්තයේ සංචාරයක් සදහා ගියේය. ඉංග්‍රීසි ජාතික සයිලස් හොකිං දේවගැතිතුමා සහ තවත් හිතවතුන් සමග 'ෆින්ඩලෙන්' ග්ලැසියරය නැරඹීමේ චාරිකාවටද ඩොයිල් සහභාගී වූයේය. පයින් වෘක්ෂ වනාන්තරයක් මැදින් ගමන් කරමින් සිටියදී ඔවුන්ගේ කතාබහ යොමුවූයේ ෂර්ලොක් හොම්ස් දෙසටයි.
"මගේ රහස් පරීක්ෂණ කථාවලින් මට ලොකු ප්‍රසිද්ධියක් ලැබුණු බව ඇත්තයි. ඒ වුනත් මට හිතෙනවා මීට වඩා සාර්ථක සාහිත්‍ය කෘති නිර්මාණය කරන්න හැකියාවක් තියෙනවා කියල. එවැනි දෙයක් මා නොකලොත් මිනිසුන් මාව හදුන්වාවි, ෂර්ලොක් හෝම්ස් නිර්මාණය කළ ලේඛකයා කියල. එකෙන් මට සෑහීමකට පත්වෙන්න බෑ "
කතා බහ කරමින් ඔවුහු ග්ලැසියරය මුදුනටම ගමන් කළහ. සම්පූර්ණයෙන්ම මිදී, ඝන හිම පර්වතයක් බවට පත්ව තිබූ ගංගාව තරණය කළ පසු කථාව යළි ඇරැඹිනි.
"ඔබ ඔහුට කැමැති වුනත් අකමැති වුනත් ෂර්ලොක් හෝම්ස් ඔබට රත්තරන් ආකරයක් වුණා. එහෙම නේද කොනන් ඩොයිල් මහත්තයා? " හොකිං දේවගැති තුමා ඇසීය.
"ඒක වෙන්න පුළුවන්. නමුත් මේ අවුරුද්ද අවසානයේ මං ඔහුව මරා දමනවා." ඩොයිල් පිළිතුරු දුන්නේය.
"පිස්සු වැඩක්නෙ ඔබ ඔය කරන්න හදන්නේ"
"එහෙම නොකලොත් හෝම්ස් මාව මරාවි"
හිමකදු මුදුනේ සිට පහතට වැටී තිබුණු ප්‍රපාතය නරඹමින් ඔවුහු තවදුරටත් කතාබස් කළහ.
"ඔබ කොහොමද හෝම්ස් මරන්න බලාපොරොත්තු වෙන්නෙ?" හොකිං ඇසීය.
"මං දන්නෙ නෑ. මං තවමත් ඒ ගැන අවසන් තීරණයකට ඇවිත් නෑ."
භයානක මෙන්ම අන්ධකාර බවක් ඉසිලූ ප්‍රපාතය දෙස මද වේලාවක් බලා සිටි දේවගැති තුමා මෙසේ කීවේය.
"ඇයි ඉතින් හෝම්ස්ව හෙහේ එක්ක එන්නෙ නැත්තෙ. මේකට තල්ලු කරල දැම්මා නම් ඔහු ඉවරයි. අවමගුල් උත්සවයට යන වියදමත් ඉතුරු වෙනව."
"හා.. හා.. හා... ඒ අදහසත් නරක නෑ" ආතර් කොනන් ඩොයිල් පිළිතුරු දුන්නේ කොක් හඩලා සිනාසෙමිනි.
කෙසේවෙතත් හොම්ස්ගේ අවසානය සදහා ඔහු තොරගත්තේ ෆින්ඩලෙන් ග්ලෙසියරය නොවේ. සති කීපයකට පසු කොනන් ඩොයිල් ස්විට්සර් ලන්තයේ මෙරින්ජන් සිට හොකිං දේවගැති තුමාට තැපැල් පතක් එව්වේය.
දේවගැතිතුමනි,
            ෂර්ලොක් හෝම්ස් රයිෂන්බාක් දිය ඇල්ලෙන් පහළට දැම්මා.
                                                                   ආතර් කොනන් ඩොයිල්.
අන්තරාය අඩවියක හෙවත් අවසන් ගැටළුව කථාවෙහි රයිෂන්බාක් දිය ඇල්ල අසල මහාචාර්ය මොරියාට් සමග සිදුවූ පොරබැදීමෙන් දිය ඇල්ලෙන් පහළට වැටී ෂර්ලොක් හොම්ස් මියගිය පුවත ඇසූ පාඨකයෝ ශ්‍රීමත් ආතර්ට බැණවදිමින් හඩා වැටෙන්නට විය. ඒ ෂර්ලොක් හෝම්ස් මිනීමරුවා ශ්‍රීමත් ආතර් බව පවසමිනි. ඉන් නොනැවතුනු පාඨකයන් ෂර්ලොක් හොම්ස්ගේ නවාතැන වූ බේකර් වීදියේ අංක 221B යන ස්ථානය සොයා ගියේ හොම්ස්ගේ නිසල සිරුර දාකබලා ගැනීම සදහාය. තවත් පිරිසක් ශ්‍රීමත් ආතර්ගේ නිවස වටලා සිටියේ ෂර්ලොක් හොම්ස් මැරූ පලිය ගැනීම සදහාය. මනක්කල්පිත ෂර්ලොක් හොම්ස් චරිතය ශ්‍රීමත් ආතර් නිසා ජීවමාන වූයේ ඒ අයුරිනි. කවදාවත්ම මට ෂර්ලොක් හොම්ස්ගෙන් ගැලවෙන්න ලැබෙන එකක් නෑ. ඒකට නම් මට මැරෙන්නම සිදුවේවි. වරක් ඔහු පුවත්පතකට පවසා තිබුණි.
මොරියාට් සමග පොරබැදීම නිසා ෂර්ලොක් හොම්ස් මියගිය බවට ඔහු ලියූ අවසන් කතාවත් සමග පාඨක ප්‍රතිචාර දුටු ශ්‍රීමත් ආතර් පාඨකයන් වෙනුවෙන් නැවත වරක් ෂර්ලොක් හෝම්ස්ගේ ජීවිතය බේරා ගත්තේය. ඒ "අති දක්ෂ යක්ෂයා (THE ADVENTURE OF THE EMPTY HOUSE)" නම් කතාවෙනි. අවසානයට ඩොයිල් විසින් ලියන ලද ෂර්ලොක් හෝම්ස් කතාව "ෂොස්කෝම්බ් වලව්වේ පළහිලව්ව" නමින් 1927 දී 'ස්ට්‍රෑන්ඩ්' සගරාවේ පළවූ පසු කිසිම දිනක එහි ෂර්ලොක් හොම්ස් කතා පළවූයේ නැත. ඊට පසු ලෝකයේ විවිධ කතුවරුන් විසින් ලියන ලද ෂර්ලොක් හෝම්ස් කතාන්දර ද ලොව පුරා ප්‍රසිද්ධ වන්නට විය. ෂර්ලොක් හෝම්ස් කතා මාලාව සිංහලට පරිවර්තනය කරන ලද්දේ චන්දන මෙන්ඩිස් නම් කතුවරයා විසිනි. ඊට අමතරව ඔහු විසින් ම ලියන ලද ෂර්ලොක් හෝම්ස් කතාන්දර ද පළ කෙරුණි.
දක්ෂ රහස් පරීක්ෂක කතා රචකයෙකුට අමතරව ඔහු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකුද විය. වරක් ප්‍රාන්ත අතර තරගයකදී සර් ආතර් විසින් යවන ලද ඕවරයකට පිටපිටම කඩුලු 3ක් දැවී ගියේය. මෙම හැට්‍රික් කඩුලු 3 හේතුවෙන් තරගාවලිය් වීරයාට හිමි 'Goldan Hat' සම්මානය ද ඔහුට හිමි වූයේය. විවිධ ක්ෂේත්‍ර ගනනාවක අති දක්ෂයෙකු වූ ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් 20 වන සියවසේ මුල් භාගයේ ලොව ජීවත්වූ ධනවත් ලේඛකයා බවට පත්වී සිටියේය. සෑම විටම තමාගෙන් උදව් අවශ්‍ය වූවන් සදහා නොමසුරුව මුදල් ආධාර කළ ඔහු සාමාන්‍ය ජනයාගේ දුක හදුනන්නෙකු ලෙස ප්‍රචලිතවී සිටියේය. ලේකකයෙකු ලෙස තමාට ඇති ප්‍රසිද්ධියට වඩා සාමාන්‍ය ජනයාට උදව් උපකාර ලබන තෘප්තිය ඉතා ඉහළන් අගය කරන බව ශ්‍රීමත් ආතර් අවස්ථා කිහිපයකදීම පවසා තිබිණි.වසර 3ක පමණ නිහඩ ජීවිතයක් ගත කළ මේ මහා පුරුෂයා 1930 ජූලි මස 7 වැනිදා සිය පාඨක ජනතාවට නොකියාම යන්නට ගියේය. ෂර්ලොක් හොම්ස් මෙන් ඔහු නැවතත් ආවේ නැත. කිසිදාක එන්නේද නැත.
සර් ආතර් කොනන් ඩොයිල් ෂර්ලොක් හෝම්ස් කතා මාලාව ලිවීම ආරම්භ කරන ලද්දේ එක්දාස් අටසිය ගණන් වල අග භාගයේදීය. ඒ කාලයේ බේකර් වීදියේ අංක තිබී ඇත්තේ 100 වන තෙක් පමණය. ඒ නිසා සර් ඩොයිල් ඔහුගේ කතාවට කල්පිත අංකයක් වූ 221B යොදා ගත්තේය. 1930 දී බේකර් වීදියේ අංක වැඩි කල පසු 219 සිට 225 දක්වා ලැබී ඇත්තේ Abbey National නැමති බැංකුවේ ගොඩනැගිල්ලකටය. එදා පටන් ලෝකයේ නන් දෙසින් හොම්ස් ට එවූ ලියුම් බැංකුව වෙත ලැබෙන්නට විය. කොපමණ ලියුම් ලැබුණාද කිවහොත් ලැබෙන ලියුම් වලට පිළිතුරු ලිවීම සදහා බැංකුවෙන් පූර්ණ කාලීන 'හෝම්ස්ගේ ලේකම්' තනතුරක් පුද්ගලයෙකුට ලබාදී තිබුණි. අද අපි දකින හෝම්ස්ගේ නිවස හෙවත් 'ෂර්ලොක් හොම්ස් කෞතුකාගාරය' ආරම්භ වී ඇත්තේ එක්දාස් නවසිය අනූ ගණන් වල දීය. එම අවස්ථාවේ නොම්මර 221B ඒ කෞතුකාගාරයටම ලබා දෙන්න යැයි කොතෙකුත් ඉල්ලීම් කලද බැංකුවෙන් එය ප්‍රතික්ෂේප කර ඇත. 2002 වර්ෂයේ බැංකුව එම ස්ථානයෙන් ඉවත් කළ පසු තමයි කෞතුකාගාරයට ලියුම් ලැබීමට ආරම්භවී ඇත්තෙ. කෞතුකාගාරය ඇත්තේ එම බැංකු ගොඩනැගිල්ලට තරමක් එපිටිනි. 
මේ තියෙන්නෙ හඩ්සන් මහත්මියගෙ නැත්තං ෂර්ලොක් හෝම්ස් මහත්ත්යගෙ ගේ ඉස්සරහ දොර

පහල ඉඳන්  හෝම්ස් ගේ කාමරේට යන පඩිපෙළ. කට්ටිය දන්නව ඇතිනෙ. ඕකෙ හරියටම තරප්පු 17 ක් තියෙනව. අපිත් ගැන්න හරියටම 17ක් තියනව. මේ පඩිපෙල නැගගෙන එන සද්දෙ අහන් ඉදලත් එන්නෙ කවුද කියල හරියටම හෝම්ස් කියනව නොවැ.





හොම්ස්ගෙ විසිත්ත කාමරය. මේකෙ ඉදන්නෙ ඉතින් පයිප්පයක් උර උර අහස පොළව ගැටලන්න කල්පනා කරල ගැටළු විසදන්නෙ.




හෝම්ස්ගේ කෑම මේසය




හෝම්ස්ගෙ කාමරයේ සිට බේකර් වීථියට මුහුණලා ඇති ජනේල දෙක. මේ ජනෙල් වලින් පෙන්න තමයි හෝම්ස් ඉටි පිළිම එහාට මෙහාට කර කර සෙල්ලම් දැම්මෙ.

දොස්තර වොට්සන්ගේ කාමරය

වොට්සන්ගේ බෑගය

හෝම්ස්ගේ අත් අකුරින් වොට්සන්ට ලියූ ලියුමක්.

Friday, January 10, 2014



  
Today marks the 85th birthday of Tintin, Hergé's world-famous comic book character. But Tintin has much to thank the Scout Movement for…

Honest, resourceful and compassionate: in many ways, Tintin is the archetypal Scout. Through his quick thinking, heroic actions and good turns, the intrepid boy reporter is always able to solve the mystery and save his friends.
Created by Belgian cartoonist Georges Remi under the pen name Hergé, Tintin first appeared in 1929. His first comic strip adventure paved the way for 23 more dramatic, action-packed tales in which Tintin hacked his way through jungles, crossed deserts, landed on strange islands, trekked across mountain ranges, descended beneath the waves and even voyaged to the Moon. Tintin has also starred in video games, a television series and numerous feature films including Steven Spielberg’s 2011 blockbuster The Adventures of Tintin.

Hergé join the Scouts

The key link between Tintin and Scouting is his creator, who was a keen Scout in his youth. Hergé joined the Scouts of Belgium in 1919 at the age of 12. It was a revelation. ‘My childhood seemed to me very grey,’ Hergé said in 1973. ‘Of course I have memories, but these do not begin to brighten, to become coloured, until the moment I discovered Scouting.’ It is clear that the fun, challenge and adventure he found there brought out something wonderful in the young artist.
As a Scout, Georges was a natural leader, with a quick sense of humour, a gift for inspiring others and an insatiable appetite for adventure. He soon became Patrol Leader of Squirrel Patrol, assuming the name ‘Curious Fox’, an apt moniker, for he had an inquisitive nature and keen powers of observation.

An eye for detail and a big break

Hergé sketched obsessively in the Scouts, often squirreling away details for later use. Some of this material later became the visual inspiration for the Tintin adventures. A sketch of the St. Boniface Scouts roped together on a 1923 expedition climbing in the Pyrenees for example, would later be transformed into an illustration for the 1959 adventure Tintin in Tibet. ‘The Pyrenees,’ he said, ‘discovered with the St. Boniface Scouts, was the Tibet of my youth.’ 
As well as providing Hergé with a love of the outdoors and a chance to experience the wider world, Scouting gave him his first opportunity to be a professional artist. His illustrations for the St. Boniface Scouts’ magazine caught the eye of Rene Weverbergh, the Scouter responsible for the Brussels Scout District. Before he knew it, aged just 17, Georges had landed himself a job on Le Boy Scout (later Le Boy Scout Belge), the national magazine. 

Tintin and Totor

One of his early cartoon creations for the magazine was a Scout Patrol Leader named Totor, who became the prototype for Tintin. Modelled on Remi’s own experiences, Totor bore a passing resemblance to the young reporter and was also accompanied by a faithful ‘Snowy-esque’ dog. Hergé later described the two characters’ relationship as that of ‘little brothers’, and always maintained that Tintin forever kept ‘the spirit of a Boy Scout.’ The Belgian Scout magazine proved to be a stepping stone towards even greater things, as Hergé’s mentor Rene Weverbergh subsequently recommended him to Le Vingtième Siècle, where he worked initially in the subscriptions department before getting a break in the art department. As an illustrator, his creative impulses were given free rein, giving rise to the first appearance of Tintin in a full-length adventure on 10 January 1929. The year before, in 1928, Hergé had been aware of the travels of a 15-year-old Danish Scout called Palle Huld, who went around the world in 44 days. Palle's experiences may also have helped to shape Tintin's own globe-trotting adventures as Hergé remembered newspaper reports and contemporary accounts of the young Scout's epic voyage.

Shared ideals

Renowned Tintinologist Michael Farr has summed up the special relationship between Tintin and the Scouts. ‘As a young man, Scouting was Herge’s main preoccupation; even passion. Its code, principles and enthusiasm were his and were to be embodied in Tintin, as much a Scout as a reporter.’
Although Hergé died in 1983, his character continues to thrive and today, Tintin books have sold more than 200 million copies in 70 different languages. The eponymous hero’s 85th birthday will be marked with events across the globe, including festivals in Belgium and a special academic symposium for Tintinologists in London. Scouting has a similarly global reach, with more than 40 million members in 162 countries.


this article credit for http://scouts.org.uk

Saturday, December 14, 2013

'157 BP DAY' Competition


Doodle for Google - BP DAY Competition
Google has had many logos since its renaming from BackRub. The current official Google logo was designed by Ruth Kedar , and is a word mark based on the Catull typeface. In 1998, Sergey Brin created a computerized version of the Google letters using the free graphics program GIMP. The first Google Doodle was in honor of the Burning Man Festival of 1998.The doodle was designed by Larry Page and Sergey Brin to notify users of their absence in case the servers crashed.

How to Enter:
1. Use one of the attached templates to create a design for the Google logo. Sample designs are available in internet, but may not be copied.
a. You must use 284×189 pixels (100 x67 mm) canvas
b. You may use pencil, crayons, felt tip or paint, or computer drawing or design software

Aim/Content : BP DAY, February 22, birthday of both Lord Baden-Powell, founder of the Boy Scout movement, and Lady Olave Baden-Powell, his wife and the First World Chief Guide. World Thinking Day, formerly Thinking Day, is celebrated annually on February 22 by all Scouts & Girl Guides around wold..

Vision : Write a supporting statement of up to 50 words explaining your 'What if…?'

Materials: Internet access, images saved on your computer/pen drive or flashcards.

Level : All levels (cub/Scout/ Rover/ Girl Guide/ wood badge leader or Akela)

Submit your proposal : proposals@google.com

Finally, we got the chance to show what scouts can do the world....doodle will 'go live' on the Google homepage on February 22.

Like (✓) Comment (✓) Tag (✓) Share (✓)


Post by Baladaksha Sri Lanka.
 

Thursday, December 12, 2013