Translate

Sunday, November 6, 2016

සචින්ද දුලන්ජන නැමැති බාලදක්ෂයා

එක්සත් ජාතින්ගේ 71 වැනි මහා සමුළුව නියෝජනයට බාලදක්ෂයෙක්


ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවරදි එක්සත් ජාතින්ගේ මූලස්ථානයේදී සියලු සාමාජික රටවල රාජ්‍ය නායකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන එක්සත් ජාතින්ගේ 71 වැනි මහා සමුළුව සඳහා ශ්‍රී ලාංකික තරුණ නියෝජිතයා වශයෙන් ආනන්ද විද්‍යාලයීය හිටපු උප ප්‍රධාන ශිෂ්‍ය විධායකවරයෙකු වූ සචින්ද දුලංජන තේරි පත්ව තිබේ. 


පසුගිය වසරේ JCI ආයතනය විසින් නම් කළ මෙරට කැපී පෙනෙනම තරුණ පුද්ගලයන් දස දෙනා අතරට ද එම වසරේ ළාබාලතම සම්මානලාභියා (TOYP Award) ලෙසින් තේරි පත් වූ ඔහු 2013 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ සේවක සම්මානය(Commonwealth Youth Worker’s Award 2013) සඳහා ද ආසියාවෙන් නිර්දේශ වූ සිව් දෙනාගෙන් අයෙක් වන අතර මෑතකදී ඔහු පොදු රාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍ය සංගමයේ ආසියානු නියෝජිතයා වශයෙන් ද තේරි පත් විය. 10 වන කොළඹ ආනන්ද විද්‍යාලයීය බාලදක්ෂ සමූහයෙන් බිහි වූ ජනාධිපති බාලදක්ෂයෙකු වූ ඔහු විද්‍යාලයීය කරාතේ කණ්ඩායමේ නායකත්වය ද දැරූ අතර කරාතේ ක්‍රීඩාව වෙනුවෙන් 2010 වසර සඳහා ශ්‍රී ලංකා පාසල් වර්ණ හා ආනන්ද විද්‍යාලයීය වර්ණ ද දිනා ගැනීමට සමත් විය. එමෙන්ම ආනන්දියෙකු වශයෙන් ගත කළ කාලය තුළ  විද්‍යාලයීය මලල ක්‍රීඩා කණ්ඩායමේ ද සාමාජියෙකු වූ ඔහු නීති විද්‍යාලයීය මලල ක්‍රීඩා කණ්ඩායමේ ද නායකත්වය දැරීය. ජාතික සමාජ සංවර්ධන ආයතනයේ සමාජ වැඩ පිළිබඳ විශේෂ උපාධිදාරියෙකු ද වන ඔහු මේ වන විට ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු වල නියැලෙයි. 


Moments of Addressing the world behalf of 4.4 million young people in Sri Lanka at the Third Committee of UN General Assembly 2016 at United Nations Headquarters, New York

No comments:

Post a Comment