Translate

Wednesday, March 13, 2019

වෛද්‍ය මංජුල සහබන්දු නැමති බාලදක්ෂයා

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ කළමණාකරන අංශය භාර නව සහාය ප්‍රධාන කොමසාරිස්වරයා ලෙස අභිනවයෙන් පත්විය. මෙම තනතුරට පත්වීමට පෙර වෛද්‍ය සහබන්දු මහතා ජාතික මුලස්ථාන කොමසාරිස්වරයෙකු ලෙස කටයුතු කරන ලදී.

වර්ෂ 1976 මාර්තු 11 වන දින මොරටු පුරවරයේදි මෙලොව එලිට දුටු වෛද්‍ය මංජුල සහබන්දු මහතා මෙරට බොහෝ ක්ෂේත්‍ර වල විශිෂ්ඨයන් බිහිකල කීර්තිමත් පාසැලක් වන මොරටුව වේල්ස් කුමාර විදුහලේ දීප්තිමත් ආදි සිසුවෙකි.එම විදුහලින් 1985 වසරේදි වෘක පෝතකයෙකු ලෙස බාලදක්ෂ ලෝකයට පියවර තැබු හෙතෙම 1987 වසරේදි රිදී තරුව දිනා ගන්නා ලදී. ඉන් අනතුරුව කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ බාලදක්ෂයෙකු ලෙස පාසැල්, දිසා සහ ජාතික මට්ටමින් තම කුසලතාවයන් විශිෂ්ඨ ලෙස විදහාපාමින් පළමු පෙළ ප්‍රදානය දීනා ගන්නා ලදී. 

බාලදක්ෂයෙකු ලෙස පමණක් නොව සිසුවෙකු ලෙසද ඔහු පාසැලේ කැපීපෙනෙන චරිතයක් විය, පාසැලේ බොහෝ සමිති සංගම් නියෝජනය කල ඔහු එයින් බහුතරයකට නායකත්වය සපයන ලදී, නමුත් ඔහු තම පාසැල් ජීවිතය දැඩි උනන්දුවකින් අධ්‍යපනයට කැපකලේ යම් දිනක වෛද්‍යවරයෙකු වි රටට දැයට සේවය කිරීමට නම් තමන් හොඳින් උගත යුතු බව ගැඹුරින්ම විශ්වාස කල නිසාවෙනි. උසස් පෙළ කඩහීම අතිවිශිෂ්ඨ ලෙස පසුකරමින් කොළඹ විශ්ව විද්‍යලයීය වෛද්‍ය පිඨයට ඇතුලත් වීමට සුදුසුකම් ලබන්නෙ අනෙක විද කැපකිරීම් වල ප්‍රථිපලයක් ලෙසිනි. තම විශ්ව විද්‍යාල අධ්‍යපන කටයුතු අතරතුර බාලදක්ෂ කටයුතුද මනා පාලනයකින් සිදුකල සහබන්දු මහතා බාලදක්ෂ උපදේශකවරයෙකු (as an Instructor) ලෙස තම පාසැලේ බාලදක්ෂ කටයුතු සඳහා නිබඳව දායක විය. 

2003 වසරේදි වෛද්‍ය උපාධිය ලබා ගෙන විශ්ව විද්‍යලයෙන් පිටත් වන සහබන්දු මහතා තම ප්‍රථම පත්වීම පානදුර මුලික රෝහලට ලැබ තම ආදර්ශමත් වෛද්‍ය වෘත්තිය ඇරඹිය.
 2004 වසරෙදි හොරන පානදුර දිසාව මගින් සංවිධානය කල බාලදක්ෂ නායක මුලීක අදියර පුහුණු පාඨමාලාව හදාරා 2006 වසරේදි අධිකාරි බලපත්‍ර ලාභි සහාය බාලදක්ෂ නායකයෙකු ලෙස කටයුතු කිරීම අරඹන ලදී. 2007 වසරේදි ස්ථාන මාරුවක් ලැබ බදුල්ලට පැමිණිම ඔහුගේ බාලදක්ෂ ජීවිතයේ වර්ථමාන සාර්ථකත්වයට බෙහෙවින් බලපෑ බව මතක් කල යුතුයි. මේ වසරේදීම බාලදක්ෂ නායකයෙකුට ලබාගත හැකි උසස්ම ප්‍රදානය වන ලී පදක්කම හෙවත් බාලදක්ෂ උපාධිය දිනා ගන්නා ලද අතර එතෙක් ඔහුට පෙර බාලදක්ෂ සේවයෙ නියුතු වෛද්‍යවරයෙකු ලෙස එම සුවිශේෂි කඩහීම පසුකර තිබුනේ වර්ථමානයේ විශේෂ කොමසාරීස්වරායෙකු ලෙස කටයුතු කරන කීර්තිමත් විශේෂඥ වෛද්‍යවරයකු වන රජීව පිරීස් මහතා පමණි. (වර්ථමානයෙදි ඔහුන් දෙපලට අමතරව තවත් වෛද්‍යවරුන් පස් දෙනෙකු මෙම සුවිශේෂි කඩහීම පසු කර ඇත)

තරුණ වෛද්‍යවරයෙකු ලෙස තමන් කෙතරම් කාර්ය බහුල වුවද බාලදක්ෂ කටයුතු කෙරෙහි තිබු කැමැත්ත සහ ආශාව ඔහු කෙරෙන් ඇත් නොවු අතර බදුල්ල ඌව විද්‍යලය සමග එක්ව තම බාලදක්ෂ කටයුතු අරැත්බරව නොකඩවා කරගෙන ගියේ එම සමුහයේ සමුහ බාලදක්ෂ නායකයා ලෙස අධිකාරි බලපත්‍රයක්ද ලබමිනි.

මෙම කාලයේදි බදුල්ල දිසාව තුල බාලදක්ෂ කටයුතු වල තත්වය සතුටුදායක නොවු අතර යම් කඩා වැටීමකට ලක්ව තිබු අතර බදුලු දිසාව යලි නගාසිටුවාලීම සඳහා ජාතික බාලදක්ෂ මුලස්ථානය සැලසුම් කිහීපයක් ක්‍රියාත්මක කර තිබු අතර එවකට ප්‍රධාන කොමසාරිස් ලෙස කටයුතු කල නැසී ගිය චන්ද්‍රසේන බටුවන්ගල මැතිතුමන් තරුණ දොස්තර මහතා කෙරෙහි විශ්වාසය තබමින් වැඩ බලන දිසා කොමසාරිස්තුමන් ලෙස ඔහුව පත්කරන ලද්දෙ ඔහු තුල තිබු නායකත්ව ගුණයන් සහ වෙනසක් සිදු කිරීමෙ හැකියාව සොඳින්‍ වටහා ගත් නිසාවෙනි, නමුත් දිර්ඝ කාලයක් ඔහුට එම තනතුරේ රැඳි සිටිමට තම වෘත්තිය අවසර නොදුන් අතර 2010 අවසන් භාගයේදි ස්ථාන මාරුවක් ලැබ කොළඹ ජාතික රෝහල වෙත පැමිණෙන ලදී, එම වසරේදීම බටුවන්ගල මැතිතුමන් ඔහුට ජාතික මුලස්ථාන කොමසාරීස්වරයෙකු ලෙස ජාතික බාලදක්ෂ සේවයට එක් වීමට ආරාධනා කරන ලද අතර එතැන් පටන් "සහබන්දු" නාමය මෙරට බාලදක්ෂ කරලීය තුල ජනප්‍රිය සැම සිත් ගත් එකක් විය. 

සැබවින්ම දොස්තර සහබන්දු මහතා සැම සිත් දිනාගත් චරිතයකි, ඇසුරු කිරීමට සැම ප්‍රිය අයෙකි, නිරංහකාර ගති පැවැතුම් වලින් පොහොසත් ඔහු සැම විටම තමන් තුල වන අධ්‍යත්මික දියුණුව මනාව සමාජගත කලේය.
දැනටත් ඔහු ඔහුගේ විෂය හා බැඳි ප්‍රවීණතා පදක්කම් කිහිපයක් සඳහා පරික්ෂකවරයෙකු ලෙස කටයුතු කරයි, එහිදි පදක්කම් කටයුතු සඳහා බාලදක්ෂයින් බොහෝ විට පැමිණෙන්නෙ කොළඹ ජාතික රෝහලටය, තමුන් වෛද්‍යවරයෙකු ලෙස කෙතරම් කාර්ය බහුල වුවත් , කුමන පීඩනයක සිටියත්, එසේ පැමිණෙන දරුවන්‍ට යහපත්ව, මිත්‍රශිලීව කතා කරමින් පදක්කම් පරික්ෂණය සිදුකිරීමට තරම් සැම කෙරෙහි වන ගෞරවණිය බව දරුවන් අභිමුඛ රජයන බංකොලෝත් බාලදක්ෂ ලොක්කන්ට කියා දෙන්නෙ ප්‍රබල පාඩමකි.

2015 වසරේදි සහාය පුහුණු කිරීමේ නායක සුදුසුකම ලබා ගන්නේද මෙරට බාලදක්ෂ ඉතිහාසයෙ එම කඩහීම වෛද්‍යවරයෙකු ලෙස පසුකල දෙවැනියා ලෙසිනි, එහි ප්‍රථමයා ඉහතින් සඳහාන් කල විශේෂඥ වෛද්‍ය රජීව් පිරීස් මහතාය. 2017 වසරේදි සහබන්දු මහතා මානවක ලී පදක්කම දිනා ගන්නේ ලක් බාලදක්ෂ ඉතිහසයෙ ලී පදක්කම් 2 ක් දිනා ගන්නා ප්‍රථම වෛද්‍යවරයා ලෙසිනි( අදටත් ඔහුට පසුපසින් සිටින්නෙ එක් වෛද්‍යවරයෙකු පමණි එ සහාය ජාතික මුලස්ථාන කොමසාරීස් වෛද්‍ය අසංක ඊරියාව මහතා පමණි.)

ජාතික පුහුණු කිරීමේ මණ්ඩලයෙ ඉදිපෙළ මෙන්ම ක්‍රියාකාරී සාමාජිකයෙකු වන සහබන්දු මහතා ජාතික පුහුණු කිරීමේ මණ්ඩලයට සහ එහි නායකත්වයට ප්‍රබල ශක්තියකි, පුහුණු කිරීම් කටයුතු වලදි ඉතා කැපවීමෙන් වගකිම් කරට ගෙන කටයුතු කරන අයෙකු ලෙස සැම සිත් දිනා ගෙන ඇත. ජාතික පුහුණු කිරීමේ මණ්ඩලය සමගින් වන උප කමිටු කිහිපයකම සහ උපදේශක කමිටුවල නායකත්වය දරමින් කරන සේවය ප්‍රශංසනීයයි. බොහෝ පුහුණු පාඨමාලාවන්ට නායකත්වය ලබාදී ඇති අතර දිවයින පුරා සංවිධානය වන බොහෝ පුහුණු පාඨමාලාවන් සඳහා සහබන්දු මහතාට නිරතුරුවම අරාධනා ලැබෙන අතර එ සෑම අවස්ථාවකදීම තමන් සතු දැණුම සහ පුහුණුව නිර්ලෝභිව සැම සමග බෙදා ගැනීමට කටයූතු කරන ආදර්ශමත් නායකයෙකි, පුහුණුකරුවෙකි.

සංයමයකින් යුතුව කටයතු කරන චරිතයක් ලෙස සැම හඳුනන සහබන්දු මහතා වර්ථමාන ජාතික බාලදක්ෂ නායකයින් අතර මා දුටු විශිෂ්ඨතම සවන් දෙන්නෙකු ලෙසද හැදින්විය හැක. ඔහු අන් අයගේ හැකියාවන්ට පිරිසිදු මනසකින් යුතුව ගරු කරන අයෙකි, තමා නොදන්නා දෙයක් තමන්ට වඩා වයසින්, තනතුරින් හෝ සමාජ තත්වයෙන් පහළ අයෙකුගෙන් වුවද අසා දැනගැනීමටත් එම පුද්ගලයාට "ස්තුතියි" කියන්නට තරම් නිහතමානි අයෙකි. ජාතීක බාලදක්ෂ මුලස්ථානය තුලදී එවන් අය දකිනවාට වඩා කලුනික සොයා ගැනීම අද පහසුය.

ඔනෑම ආයතනයක කළමණාකරන අංශ ප්‍රධානියා ලෙස වෛද්‍යවරයෙක් පත්වීම තුල "අමතර" වාසියක් තිබෙන්නට පුළුවන් බව මගේ විශ්වාසයයි. කළමනාකරණ විෂය තුල අර්බුධ කළමණාකරනය හෙවත් Crisis Management යනු මුලිකාංගයකි, මෙම තත්වය පාලනය කරමින් නිසි විසදුම් ගෙන දීමට සමහරවිට නියම වෛද්‍යවරයා දක්ෂය, කළමණාකරන විෂය පිළිබඳව පශ්චාත් උපාධියක්‍ ඇත්‍තෙකුට වඩා, මන්දයත් " රෝගීන් සහ පවුලේ උදවිය කලබල වුනාට දොස්තර කලබල නොවන නිසාය."අප වේදනාශක ගෙන තාවකාලීකව තත්වය පාලනය කරන්නට උත්සහ කලද නියම වෛද්‍යවරයා සෘජුව රෝගය සොයා ගෙන නිසි ප්‍රතිකාර ලබා දෙන්නේ වේදනාශක දී වේදනාව පාලනය කරන අතරතුරදීය. මෙය කළමණාකරන කටයුතු තුලදිත් සහබන්දු මහතා යොදා ගෙන සාර්ථක වනු ඇතැයි අප විශ්වාස කරමු. 

2006 වසරේදි අපදා කළමණාකරනය පිළිබඳව විශේෂ තෛයි මාසික පුහුණු පාඨමාලවක් කැනඩාවෙදි හැදැරු සහබන්දු මහතා, 2010 වසරේදි පැවැති ඔස්ට්‍රේලියානු ජාතික ජම්බෝරිය සඳහා සහභාගි වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දෙන ලදී. 

සැබවින්ම ඔහු මෙරට බාලදක්ෂ ව්‍යාපාරයට සම්පතකි, ආශිර්වාදයකි. බාලදක්ෂ ව්‍යාපාරය යනු දරුවන්ගේ ව්‍යාපාරයකි, දෙමාපියන්‍ තම දරුවන්ව බියක් සැකකයක්‍ නැතිව බාලදක්ෂ කටයුතු සඳහා යොමු කරන්නේ බාලදක්‍ෂ වැඩිහිටියන් වන අප කෙරෙහි වන විශ්වාසය නිසාවෙනි, දරුවන්‍ දහස් ගණනින් රුස්වන ජම්බෝර් සහ කැම්පෝරි යනු නිතරම අනතුරු බහුලව සිදුවන ස්ථානයන්ය , පසුගිය වසර 12ක පමණ කාලය තුල ජාතික මුලස්ථානය විසින් සංවිධානය කල සෑම ජම්බෝරියකම සහ බොහෝ කොළඹ දිස්ත්‍රික් කැම්පෝරිවල ප්‍රධාන වෛද්‍යවරයා ලෙස කටයුතු කරමින් කඳවුරු රෝහල් කටයුතු මෙහෙයවන ලද්දේ වෛද්‍ය සහබන්දු මහතා විසිනි. ඔහු එම කඳවුරුවලට සහභාගිවෙමින් රෝගි වු දරුවන්ට නිසි පරිදි ප්‍රතිකාර කර ඉක්මනින් සුවය ලබා දී ඔහුනට කඳවුර අසිරිය විඳගැනීමට සැලස්වීම ඔහුනට වඩා සතුටු කලේ අහිංසක දෙමාපියන්ය. අප කඳවුරකදි අසනීප වන්නට කිසිවිටකත් බිය නොවුයේ වෛද්‍ය සහබන්දු මහතා අප සමගයි වන ප්‍රබල හැඟිම නිසාවෙනි😊2012 වසරේදි දඹුල්ලේදි පැවැති 29 වන ආසියා පැසිෆික් කාලාපීය ජම්බොරිය සහ අපේ ශත සංවත්සරික ජම්බෝරීය අතුර තුරදි එවකට ප්‍රධාන කොමසාරිස් ජම්බෝරි නායක බටුවන්ගල මැතිතුමා තරමක් රුධිර පීඩනයෙන් පෙලුනේය, එහිදි එතුමන්ට ප්‍රතිකාර කරමින් යථා තත්වයට පත්කලේ සහබන්දු මහතාය, මේ ආකාරයෙන් ඔහුගෙන් බාල මහළු සැමට ඉටුවු සේවය මිල කල නොහැකිය. සැබවින්ම වෛද්‍යවරයෙකු ලෙස ඔහු මෙම දරුවන්ගේ ව්‍යාපාරයට කැපව සේවය කරන්නෙකි. වෛද්‍යවරයෙකු ලෙස තම වෘත්තිය අහිමානය මත හිඳ බාලදක්ෂ ව්‍යාපාරය බැබලවිය, එය සැමට මහඟු ආදර්ශයකි, මන්දයත් අද බහුතරයක් බාලදක්ෂ ව්‍යාපාරය ආභරණයක් කරගෙන කැපීපෙනෙන්නටත් " චරිතයක්" වීමටත් උත්සහ කරන නිසාය.

මානවක බාලදක්ෂ කටයුතු කෙරෙහිද විශේෂ උනන්දුවක් දක්වන අපේ දොස්තර මහතා එම කටයුතු වල දියුණුව සඳහාද තම දායකත්වය නිරතුරුව ලබා දෙයි, ඉඩප්‍රස්ථාව ඇති විට තමන් සමග සුහදව කටයුතු කරන මානවක සාමාජ බැහැදැක ඔහුන් සමග තම අත්දැකීම් බෙදා ගනිමින් ගුරුහුරු කම් ලබා දෙමින් කටයුතු කිරීම අගය කල යුතුයි. 

තමන් විසින් කරන ලද සේවයට නිසි වටිනාකමක් ලබා දීමට ඔහුගේ දිසාව වන මොරටුව පිළියන්දල දිසාවත් , ජාතික බාලදක්ෂ මුලස්ථානයත් කටයුතු කල අතර සම්මාන සහ සහතික වලින් ඔහුව ඇගහීමට ලක් කලේය.
සුදුස්සාට නිසි තැන ලැබීම අද බොහෝ විට සිදු නොවන නමුදු ඔබ එ අතින් වාසනාවන්තයෙකි, අපි විශ්වාසයෙන් යූතුව බලා සිටිනෙමු ඔබ " වෙනසක්" කරන තෙක්.
විශේෂ ස්තූතිය - අන්තර්ජාලයේ Prince Kiriyakos

No comments:

Post a Comment