Translate

Wednesday, March 27, 2019

අති විශිෂ්ඨ පෝතක බාලදක්ෂ බාලදක්ෂිකාවෝ - 2017 (පහවසර ශිෂ්‍යත්වය)

මාතර පළමු වැනි‍යා රාහුලේ 194යි : අපි ශිෂ්‍යත්ව හපන්නු




මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිළුල අනුව මාතර දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීම මාතර රාහුල විද්‍යාලයේ උෂේන් මදනායක සිසුවා සමත් වී ඇත. ලකුණු 194 ක් ලබා ගත් ඔහු ලංකාවෙන්ම 17 වන ස්ථානයට හිමිකම් කියන්නේ හතර වන ස්ථාන 12 ක් තිබීම නිසාය.

මාතර දිස්ත්‍රික්කයෙන් මෙවර ප්‍රථමයා වු උෂේන් මදනායක සිසුවා තම ජයග්‍රහණය ගැන මෙසේ පැවසීය,

මම කැමැති ක්‍රිකට් ගහන්නයි. මගේ තාත්තා හමුදාවේ හිටපු කපිතාන් වරයෙක්. මගේ මව ටෙලිකොම් ආයතනයේ සේවය කරනවා. මට අක්කලා දෙන්නෙක් ඉන්නවා. මේ අය මට මේ ජයග්‍රහණය ලබන්න ගොඩක් උදව් කරා. මම මාතර රාහුල පාසලේ ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායකයෙක්, පෝතක බාලදක්ෂයෙක්, බැඩ්මින්ටන් කණ්ඩායමේ හා ක්‍රිකට් කණ්ඩායමේ සමාජිකයෙක්. චිත්‍ර හා චෙස් තරග සදහා පාසල වෙනුවෙන් පෙනී හිටලා තියනවා. අපේ පාසලේ තෑගි උත්සව වල මට හැමදාම වගේ තෑගි තිබුනා. පංතියේ පළවෙනියා දෙවැනියා අතර හිටියා. පාඩම් කළා. ඉස්කෝලේ ගුරුවරුන් අපිට කියලා දීපු දේවල් කළා. මගේ පංතිය භාර ගුරුතුමා ප්‍රසන්න ලියනගේ සර්. ඔහු විභාගය ලේසියෙන් ලියන හැටි කියලා දුන්නා. ඒ වගේම රාහුල විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ විදුහල්පතිනිය එන්.ගුණවර්ධන මහත්මිය විදුහල්පති ප්‍රැන්සිස් වෙලේගේ යන අයට සහ මට උගන්වපු හැමෝටම ගොඩක් ස්තූතියි. මගේ අනාගත බලාපොරොත්තුව ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන එක.

උෂේන් මදනායක ගේ සිසුවාගේ පියා ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු කපිතාන් වරයෙකු වු හරීන්ද්‍ර මදනායක මහතා සිය පුතාගේ ජය ගැන මෙසේ අදහස් දැක්විය,

මෙයා ඇත්තටම ගුරුවරුන්ට හරිම කීකරු ළමයෙක්. අපි කිව්වත් වැඩක් නෑ ගුරුවරු කියන එක තමයි අහන්නේ. ක්‍රීඩා වලටත් දක්ෂයි. මට මේ විභාගයෙන් ජයක් ලැබෙයි කියලා බලාපොරොත්තුවක් තිබුනා. නමුත් මම ඒ ගැන එච්චර හිතුවේ නෑ. නමුත් පුතා මහන්සිවෙලා වැඩ කරා. මෙහෙම ලකුණු ගත්තත් ඇහුවාම නම් කියන්නේ ක්‍රිකටර් කෙනෙකේ වෙන්න ඕන කියලා. ඒක තමයි එයාගේ කැමැත්ත.

No comments:

Post a Comment