Translate

Wednesday, March 13, 2019

මාතර බාලදක්ෂ සියවස් සමරුව

මාතර දිස්ත්‍රික් බාලදක්ෂ සංගමයේ සියවස් සමරු ජම්බෝරියේ නිල ලාංඡනය එළි දැක්වීම ජනපති ප්‍රධානත්වයෙන්...

 මාතර දිස්ත්‍රික් බාලදක්ෂ සංගමයට සියවසක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන සියවස් සමරු ජම්බෝරියේ නිල ලාංඡනය එළි දැක්වීම සහ එහි පළමු ලාංඡනය ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැලදවිම 2019/03/12 පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී සිදු විය.

මාතර දිසා බාලදක්ෂ සංගමයේ උපදේශක, නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා විසින් ලාංඡනය ජනාධිපතිතුමා වෙත පැළඳවීය. සියවස් සමරු ජම්බෝරිය 2019-05-01 වන දින සිට 2019-05-05 වන දින දක්වා පැවැත්වෙන අතර ඒ නිමිත්තෙන් එළිදැක්වුණු වෙබ් අඩවිය ද මෙහි දී ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි. මාතර දිසා බාලදක්ෂ කොමසාරිස් වී.ජී. ඉන්දික ප්‍රසන්න, සහකාර දිසා බාලදක්ෂ කොමසාරිස් සංජය කුමාර, සියවස් සමරු ජම්බෝරියේ නියෝජ්‍ය සභාපතිි පද්මකුමාර ඩයස් සමරවීර, ලේකම් තිරුන්ද තුෂාක ලියනගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු සාමාජිකයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.




මාතර දිස්ත්‍රික් සියවස් ජම්බෝරියේ සමරු බාලදක්ෂ පදක්කම සහ බාලදක්ෂ කර ලේන්සුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකතුමන් වෙත පැලඳවීම 2019-03-12 කථානායක කාර්යාලයේ දී සිදු විය.  




 
மாத்தறை மாவட்ட சாரணிய சங்கத்திற்கு நூறு வருடங்கள் நிறைவுபெறுவதை முன்னிட்டு இடம்பெறும் நூற்றாண்டு ஜம்போரி நிகழ்வின் உத்தியோகபூர்வ இலட்சினையை வெளியிடும் நிகழ்வும் அவ் இலட்சினையை இலங்கையின் பிரதான சாரணரான ஜனாதிபதி கௌரவ மைத்ரிபால சிறிசேன அவர்களுக்கு அணிவிக்கும் நிகழ்வும் இன்று (12) முற்பகல் ஜனாதிபதியின் உத்தியோகபூர்வ இல்லத்தில் இடம்பெற்றது.
மாத்தறை மாவட்ட சாரணிய சங்கத்தின் ஆலோசகரும் பிரதியமைச்சருமான புத்திக பத்திரணவினால் ஜனாதிபதி அவர்களுக்கு இலட்சினை அணிவிக்கப்பட்டது.
நூற்றாண்டு விழா ஜம்போரி நிகழ்வு 2019.05.01 முதல் 2019.05.05 வரை இடம்பெறவுள்ளதுடன், அதனை முன்னிட்டு வடிவமைக்கப்பட்டுள்ள இணையத்தளமும் ஜனாதிபதி அவர்களினால் ஆரம்பித்து வைக்கப்பட்டது.
மாத்தறை மாவட்ட சாரணர் ஆணையாளர் வீ.ஜீ.இந்திக பிரசன்ன, உதவி மாவட்ட சாரணர் ஆணையாளர் சஞ்சய குமார, நூற்றாண்டு விழா ஜம்போரி நிகழ்வின் பிரதித்தலைவர் பத்மகுமார டயஸ் சமரவீர, செயலாளர் திருந்த துஷாக்க லியனகுணவர்த்தன ஆகியோர் உள்ளிட்ட உறுப்பினர்களும் இந்நிகழ்வில் கலந்துகொண்டனர்.

No comments:

Post a Comment