Translate

Tuesday, March 26, 2019

මාතර බාලදක්ෂ සියවස් සමරුව

 
කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධූරයේහි දිව්රුම් දුන් මාතර දිස්ත්‍රික් බාලදක්ෂ සංගමයේ අනුශාසක, හිටපු සහය මූලස්ථාන කොමසාරිස් , මාතර රාහුල විද්‍යාලයේ කිර්තිමත් ආදී ශිෂ්‍ය, ජනාධිපති බාලදක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මැතිතුමාගේ පූර්ණ ආශිර්වාදය යටතේ මාතර බාලදක්ෂ දිස්ත්‍රික්ය ජවසම්පන්න ලෙස ඉදිරියට පැමිණ තිබේ. අතිශය ගැටුම් කාරීතත්වයක් යටතේ මාතර දිස්ත්‍රික් බාලදක්ෂ මූලස්ථානය පිහිටි රජයේ ඉඩම මාතර මූලස්ථාන පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයකු විසින් අනවසරයෙන් අත්පත් කරගෙන තිබූ අතර නියෝජ්‍ය අමාත්‍ය තුමාගේ මැදිහත්වීම යටතේ බාලදක්ෂ දරුවන්ගේ ප්‍රයෝජනය පිණිස නැවත අත්පත් කර දෙනු ලැබූ අතර නව දිසා කොමසාරිස් වි.ජි.ඉන්දික ප්‍රසන්න මාහාතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලාංකීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් කොළඹ විශ්වවිද්‍යාලීය ලියෝ සමාජය විසින් Project ID ව්‍යාපෘතිය සංවිධානය කරනු ලැබුවා. මාර/ රාහුල විද්‍යාලය පිහිටි මාතර දිස්ත්‍රික් බාලදක්ෂ මූලස්ථානයට විදුලිය පහසුකම් ලබා දෙනු ලැබූවා. මාතර දිස්ත්‍රික් බාලදක්ෂ සංගමය මගින් සංවිධානය කරනු ලබන ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බෙිඩින් පවල් සාමි වරයාගේ 161වන ජන්ම දිනය සැමරිම හා නව මාතර දිස්ත්‍රික් බාලදක්ෂ මුලස්ථානය විවෘත කිරිම සිදුකෙරුණා.
ජවයෙන් පිරි මාතර සියවස මාතර දිස්ත්‍රික් බාලදක්ෂ සංගමයට සියවසක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන සියවස් සමරු ජම්බෝරියේ නිල ලාංඡනය එළි දැක්වීම සහ එහි පළමු ලාංඡනය ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැලදවිම අද (12) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී සිදු විය.

මාතර දිසා බාලදක්ෂ සංගමයේ උපදේශක, නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා විසින් ලාංඡනය ජනාධිපතිතුමා වෙත පැළඳවීය. සියවස් සමරු ජම්බෝරිය 2019-05-01 වන දින සිට 2019-05-05 වන දින දක්වා පැවැත්වෙන අතර ඒ නිමිත්තෙන් එළිදැක්වුණු වෙබ් අඩවිය ද මෙහි දී ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.

මාතර දිසා බාලදක්ෂ කොමසාරිස් වී.ජී. ඉන්දික ප්‍රසන්න, සහකාර දිසා බාලදක්ෂ කොමසාරිස් සංජය කුමාර, සියවස් සමරු ජම්බෝරියේ නියෝජ්‍ය සභාපතිි පද්මකුමාර ඩයස් සමරවීර, ලේකම් තිරුන්ද තුෂාක ලියනගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු සාමාජිකයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.






මාතර දිස්ත්‍රික් සියවස් ජම්බෝරියේ සමරු බාලදක්ෂ පදක්කම සහ බාලදක්ෂ කර ලේන්සුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකතුමන් වෙත පැලඳවීම 2019-03-12 කථානායක කාර්යාලයේ දී සිදු විය.







No comments:

Post a Comment