Translate

Sunday, August 13, 2017

බාලදක්ෂ ජනාධිපති සම්මාන

ශ්‍රී ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරය තුළ බාලදක්ෂයෙකුට ලබා ගත හැකි ඉහළම සම්මානය වන “ජනාධිපති බාලදක්ෂ සම්මාන" බාලදක්ෂයින් මෙන් ම බාලදක්ෂිකාවන්ට ද යන දෙපිරිසට ම පොදුවේ දිනාගත හැකි සම්මානයකි. ඒ සදහා නිකුත් කරන සෑම සහතික පත‍්‍රයක ම ඊට අදාල සහතිකපත් අංකයක් ද සදහන් වෙනවා. මෙතෙක් නිකුත් කර ඇති සම්මාන සංඛ්‍යාව පිළිබද වාර්තා මේ වනවිට සොයාගැනීමට අසීරු බැවින් ඔබත් ජනාධිපති සම්මානයක් දිනා ඇති බාලදක්ෂයෙක් හෝ බාලදක්ෂිකාවක් නම් ඔබගේ සහතිකපත් අංකය, දිනාගත් දිනය අප වෙත දැනුම් දෙන ලෙස කරන ලද යෝජනාවට යහපත් ප්‍රතිචාර ලැබී තිබුණා. මෙහි නම් ඇතුලත් නොවන ජනාධිපති සම්මාන ලාභී බාලදක්ෂ බාලදක්ෂිකාවක් නම් ඔබේ තොරතුරු මෙම ලින්ක් එකට ඇතුලත් කරන්න. 

ජනාධිපති සම්මානයේ ඉතිහාසය 

රජුගේ සම්මානය

රැජනගේ සම්මානය
ඉංග්‍රීසි (British) අධිරාජ්‍යවාදීන් විසින් යටත්විජිතයක් ලෙස පැවති අවධියෙහි ලංකා රාජ්‍යයට, පොදු රාජ්‍ය මණ්ඩලය තුළ 1948 සිට 1972 දක්වා පැවැතියේ ඩොමීනියන් රාජ්‍යයක් ලෙසිනි. එම වකවානුවෙහි මෙරටට හදුන්වා දුන් බාලදක්ෂ වයාපාරය ක්‍රමයෙන් රට පුරා ව්‍යාප්ත වී ගිය අතර ලෝකයේ සෙසු රටවල් වලට සාපේක්ෂ ව බාලදක්ෂයන් වෙනුවෙන් දිනාගත හැකි උසස්ම සම්මානය ලෙස රජුගේ සම්මානය පිළිගනු ලැබිණ. 1909දී ලුතිතන් ජනරාල් බේඩ්න් පවෙල් සාමිතුමා විසින් VII වන එඩ්වඩ් රජුගෙන් කරනු ලැබූ ඉල්ලීමකට අනුව බාලදක්ෂයන් විසින් රජු හා රට වෙනුවෙන් නයිට්වරුන් සේ සිදුකරන සේවය අගයන් උදෙසා මෙම සම්මානය පිරිනමනු ලැබූ අතර 1952 පසු IIවැනි එලිසබෙත් රාජිණියගේ පදවිප්‍රාප්තියෙන් පසු රැජන සම්මානය බවට පත්විය. යටත්විජිතයන්හි සිටි බාලදක්ෂයන්ගේ සහතික පත්‍රය ඒ ආකාරයෙන් ම රජුගේ හා රැජනගේ අත්සනින් සහතික කර තිබූ අතර මෙවැනි සහතික හා සම්මාන දිනාගනු ලැබූ බාලදක්ෂයන් රැසක් වර්තමානය දක්වාම සිටිනු දකන්ට හැකිය. අවාසනාවවකට ඔවුන් බෙහොමයකගේ සහතික හා මුල් පදක්කම් මේවනවිට විනාශ වී ඇතත් ස්කවුටිං සඟරාවේ අපසතුව කිසියම් තොරතුරු ප්‍රමාණයක් සුරක්ෂිතව ඇත. ඒ සම්බන්ධයෙන් පසුගිය කලාප කීපයකදීම තොරතුරු එක්කර ඇත.

ජෝර්ජ් ආර්.සමරසිංහ  -  King’s Scout  -  FADC, Colombo District
බී.ඩී.පැට්‍රික් King’s Scout  -  St. John’s College, Panadura
වින්සන්ට් මෙන්ඩිස් - King’s Scout -  Pannipitiya
එල්.එස් අමරරත්න - King’s Scout -  Wattala
සුගත් කුලතුංග - King’s Scout  - Colombo-05
එම්.එම්.එම්.ප්‍රේමරාජ සේනාරත්න - King’s Scout -  Panadura
හම්සා ඩාවුඩ් බොයි (Sea Scout) King’s Scout -  Colombo Sea Scouts (5වැනි සඟරාවෙන් හදුන්වා දී ඇත)
A King's Scout certificate, with the Royal Crest at the top, signed by King George (V or VI). The wording reads: As a King's Scout you have prepared yourself for service to God and your fellow-men, and have shown yourself a worthy member of the great SCOUT BROTHERHOOD. I wish you God-speed on your journey through life; may it prove for you a joyous adventure.
රජුගේ සම්මාන සහතිකය
කැමිලස් ප්‍රනාන්දු Queen’s Scout - Former Chief Commissioner
ලියොනාර්ඩ් ආර්.ඇල්බට් - Queen’s Scout - Former President, SLSA

රැජනගේ සම්මාන සහතිකය
1948දී, බ්‍රිතාන්‍ය ලංකාවට නිදහස ප්‍රදානය කෙරුණු අතර පසුව 1972දී, පොදු රාජ්‍ය මණ්ඩලය තුල ජනරජයක් බවට ලංකාව පත්විය. එම වකවානුවෙහි දී බාවිත වු සම්මානය පැරණි ජනරජ ලාංඡනය ලෙස සලකනු ලැබේ. මෙම ලාංඡනය එකල භාවිත වූ බව අප විසින් 6වෙනි හා 7වෙනි SCOUTING සඟරා කලාපවල පුනපුනා පැවසූවත් බෙහෝ දෙනා විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබූව ද පහත දැක්වෙන සහතික දෙක ඊට නිදසුන් වේ. කෙසේ හෝ මෙම සම්මාන දිනාගත් අය පිළිබඳ සියලු තොරතුරු සොයාගැනීම මේ දක්වා අපහසු වී ඇත.
Image may contain: text
T.C.R Wijayasekara 
Reg. No. 212 - Year 1961
Queen's Scout
Image may contain: text
G.Kathirgamanathan
1968 Queen's Scout
1972 මැයි 22 වැනි දින සිට සම්මත කෙරුණු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ශී‍්‍ර ලංකාව ජනරජයක් බවට පත්වීමෙන් පසු වර්තමාන ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනය ජනාධිපති සම්මානය වශයෙන් භාවිත වේ. ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනය ජනාධිපති සම්මානය වශයෙන් බාලදක්ෂයන්ට හා බාලදක්ෂිකාවන් විසින් දිනාගනු ලබන උසස්ම සම්මානය වනුයේ ද මෙයයි. රාජ්‍ය  ලාංඡනය නිල කාර්යයන් සඳහා ම පමණක් යොදා ගනු ලබන අතර විවිධ අංශ යටතේ ශිෂ්‍යයෙකු වශයෙන් ජනාධිපති සම්මාන දිනගත හැකි වුව ද නිල අැදුමෙහි පදක්කමක් හා සහතික පතක් ලෙස මෙම සම්මානයට හිමිකම් කිවහැකි එකම ක්‍රමය වන්නේ බාලදක්ෂයෙකු හෝ බාලදක්ෂිකාවක ලෙස සමත්කම් දැක්වීමෙන් පමණකි. බාලදක්ෂයන් සඳහා මේ දක්වා ලබාදුන් එම්බ්‍රොයිඩර් කරනු ලැබූ පැරණි පදක්කම හා නව පදක්කම පහතින් වේ. වර්තමානයේදී ලබා දෙන පදක්කම වඩාත් පැහැදිලි රේඛා සහිත අතර එහි බෝඩරය තරමක් මහතින් යුක්ත වේ.

ජනාධිපති සම්මාන ප්‍රදානෝත්සවය

ශී‍්‍ර ලංකා බාලදක්ෂ සංගමය සිව් වසරකට වරක් පවත්වනු ලබන ජාතික බාලදක්ෂ සම්මාන ප‍්‍රදානයක් පවත්වනු ලැබේ. ඒ සදහා ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන බාලදක්ෂ ජනාධිපතිවරයා හෝ ජනාධිපතිනිය සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගීවීම සම්ප්‍රදායක් ලෙස සිදුවේ. ශී‍්‍ර ලංකා බාලදක්ෂිකා සංගමය විසින් අදාල වර්ෂය තුළදී ජනාධිපති සම්මාන දිනාගත් බාලදක්ෂිකාවන් වෙත සංගමයේ වාර්ෂික මහසභා රැස්වීමේදී පැමිණෙන ප්‍රධාන අමුත්තා අතින් සහතික පත්‍රය ලබාදීම හා රාජ්‍ය ලාංඡනය සහිත ලෝකඩ පදක්කමක් පැළඳවීම සිදුකරනු ලබයි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 1වන විධායක ජනාධිපතිවරයා ලෙස ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන ශ්‍රීමතාණන්ගේ ප්‍රධානත්වයෙන්  ------

ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2වන විධායක ජනාධිපතිවරයා ලෙස ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  -----

No automatic alt text available. No automatic alt text available.  

ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 3වන විධායක ජනාධිපතිවරයා ලෙස ජනාධිපති ඩී.බී.විජේතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ---

ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 4වන විධායක ජනාධිපතිවරයා ලෙස ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ ප්‍රධානත්වයෙන් -----

No automatic alt text available.  No automatic alt text available.  No automatic alt text available.  No automatic alt text available. 

ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 5 වන විධායක ජනාධිපතිවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති බාලදක්ෂ පදක්කම් දිනූ බාලදක්ෂයන් 1300 කට ජනාධිපති බාලදක්ෂ සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයක් 2014 ජුලි 30 දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. ඉතිහාසයේ වැඩිම බාලදක්ෂයන් පිරිසකට ජනාධිපතිතුමන් අතින්ම බාලදක්ෂ සම්මාන පිරිණැමූ ප්‍රථම අවස්ථාව මෙයවිය. (මෙතනින්)




 No automatic alt text available. 

අවසන් වරට 2017 පෙබරවාරි 23 දින ජාතික ම්ට්ටමින් ජනාධිපති සම්මාන ප්‍රදානය කිරීමේ උත්වයක් පවත්වනු ලැබූ අතර ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන බාලදක්ෂ, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 6වන විධායක ජනාධිපතිවරයා ලෙස ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රගහලේදී පවත්වනු ලැබිණි. එහිදී බාලදක්ෂ සේවයට කැපවූ විසි දෙනෙකුට මෙහිදී ජනාධිපතිතුමා අතින් රජත සිංහ සම්මාන පිරිනැමුණු අතර බාලදක්ෂ ආචාර්යවරුන් 565 දෙනෙකු සදහා ද විවිධ සම්මාන පිරිනැමිණි. ඉන්දියාව, කොරියාව, මැලේසියාව, නේපාලය යන රටවල බාලදක්ෂ කොමසාරිස්වරුන් ද ජනාධිපතිතුමා අතින් සම්මාන ලබා ගැනීම විශේෂත්වයකි. (මෙතනින්)

12

ශ්‍රී ලංකා ජනාධිපති බාලදක්ෂ හා රැජන සංසදය 

Sri Lanka Queen's and President Scout Guild
2001 - ශ්‍රී ලංකා රැජිණ හා ජනාධිපති බාලදක්ෂ සංසදය ඇරඹීම

In Sri Lanka the scout movement was started in 1912. Since then the scout movement in Sri Lanka have produced a large no of King's, Queen's and President's Scouts. There is a saying among scouts that is ‘once a scout is always a scout’. In 22nd February 1999, the Chief Commissioner / Queen’s Scout, Mr.K.H.Camillus Fernando had formed a Guild to bring all King's Queen's & President's scouts who are won the highest Award in senior scout section of Sri Lanka in to one roof.

The Guild was officially registered in 2001 February 22nd by the 25 founder members with the three prime objectives, the first idea was to develop brotherhood and to encourage ,forester and promote close relations amongst the kings Queen’s and present President’s scouts in Sri Lanka and any other country wishing to join. Secondly to assist and support the uplift-man of Sri Lanka Scout Movement and World scout movement, Thirdly ,to assist in training of senior scouts to win the President scout awarded and encourage members of the guild to take interest to train and program for this purpose.
http://scoutguild.lk/


Sri Lanka Old Scouts and Old Guides Association

ශ්‍රී ලංකා ආදි බාලදක්ෂ සහ ආදි බාලදක්ෂිකා සංගමය ජනාධිපති සම්මානය දිනාගත් බාලදක්ෂ සහ බාලදක්ෂිකාවන්ගේ එකතුවෙන් බිහි වූ සංගමයකි. වාර්ෂිකව නව නිලධාරී මණ්ඩලයක් පිහිටුවා ගනිමින් වාර්ෂිකව ක්‍රියාත්මක වන විවිධ බාලදක්ෂ කටයුතුවලදී පෙරමුණ ගෙන කටයුතු කරන තරුණ ජවයෙන් යුත් සංගමයක් ලෙස හැදින්විය හැකිය.

Image may contain: 15 people

  • මහනුවර දිස්ත්‍රික් ජනාධිපති බාලදක්ෂ හා බාලදක්ෂිකා සංගමය PSPG 
  • ගාලු දිස්ත්‍රික් ජනාධිපති බාලදක්ෂ හා බාලදක්ෂිකා සංගමය GOSOG

 

ATAS සංගමය

ATAS WORLD / ATAS APR

Association of Top Achiever Scouts is world wide body of over 7,000 members from 5 of the 6 regions and over 60 NSOs.


1980 -1990 වර්ෂ

  1.  Ranjith Malcolm Gunawardena 747 - _ _ _ _ _ _ _1980
  2. Ananda Melpitiya 812 - Date: 14th of May, 1981  
  3. Ranjith Malcolm Gunawardena 747 - 14th May 1981
  4. Anura Rathnayake 2790 - _ _ _ _ _ _

     

1991 -2000 වර්ෂ

  1. Sampath Silva 2263 - 16th August 1992
  2. Sanjeewa Perera 2915 - _ _ _ _ _ _ 1995
  3. Chaminda Bandara Somathilaka 3627 - 2nd March 1999

2002 වර්ෂය

  1.  Mudith U Wije 4404 -July 2002

2003 වර්ෂය

  1. Sampath Edirisinghe 3700 - 11 Apr 2003 
  2. Asanka Mendis 3748 -11 apr 2003

2004 වර්ෂය

  1.   Dinuka Thilanga 4849 - _ _ _ _ _ _ 2004

2005 වර්ෂය

  1.  Sumedha Priyanka 4802 - 08 July 2005 
  2. Lasith Chinthana 4994 - 18th January 2005 
  3. Asanka Kasun 4983 -30th August 2005 
  4. Ravindra Tammita 4625 - 08th July 2005

2006 වර්ෂය

  1. Ranil Algama 5176 - 8th feb. 2006
  2. Prasad Dunstan 4721 - 26th Jan 2006
  3. Sanjeewa Wickramasinghe 4996 - _ _ _ _ _ _ 2006 
  4. Uresh Gayan Malwatta 4639 - 29th January 2006
  5. Neil Jayasinghe 4790 - 19th Jan. 2006
     

2007 වර්ෂය

  1.  Thusitha Jagoda 5294 - 21st August 2007
  2. Harsha Chathuranga 5645 - 20th December 2007  
  3. Pranama Salinda 5284 - 4th September 2007
  4. Rangika Mendis 5461 - 17th march 2007

2008 වර්ෂය

  1. Dilan Rathnayake 5601 - _ _ May 2008 
  2. Nazeef Farook 5512 - 7th May 2008 
  3. Chathuranga Wallu 5471 - 07th May 2008

2009 වර්ෂය

  1.  Kalinga Abrew 5975 - 07th October 2009
  2. Chathuranga Arambewela 6006 - November 2009   
  3. Raweeshwara Jayaratne 5907 - 17th July 2009  
  4. Ranidu Milan 5946 - 09th August 2009  
  5. Sumudu De Zoysa 5908 - 17th July 2009   
  6. Jeevantha Shanshaka 6000 - 09th Nov 2009
  7. Dilshan Ranaweera 6035 - December 2009

     

2010 වර්ෂය

  1. Susith Fernando 6115 - 23rd March 2010
  2. Yo Yo Shan Moomsoom 6199 - 09th September 2010
  3. Bishan Erande De Silva 6209 - 09th September 2010
  4. Manoj Wickrama 6210 09th September 2010 
  5. Damith Ranawaka 6246 - 10th November 2010 
  6. Sandul R Weeraratne 6255 - November 2010 
  7. Suran Bernard 6265 - 30th November 2010
  8. Chamika Ishara 6213 - 9th September 2010
     

2011 වර්ෂය

  1.  Niran Jayawardena 6502 - 1st of November 2011
  2. Amalaraj Saravananathan 6353 - 18th March 2011  
  3. Oshada Rodrigo 6376 10th May 2011  
  4. Niroshan A Krishan 6366- 10th May 2011  
  5. Chinthaka Suranga 6374 -10th May 2011  
  6. Janith Chanaka 6506 - 01st November 2011  
  7. Akila Abeydeera 6517- September 2011  
  8. Tharindu Ranawaka 6522 - 30th november 2011  
  9. Pasindu Rashmika- 6497 - 01st November 2011
  10. Dinusha Kulasooriya 6568 - 27th November 2011

     

2012 වර්ෂය

  1. Vimarsha Jayawickrama 6696 - 16 Nov. 1912 
  2. Chathuranga Madurawala 6714 - 20th November 2012
  3. கனி அமுதன் 6611 - 26th may 2012 
  4. Udara Rashmitha Papiliyana 6590 - 25th may 2012 
  5. Dulmina Herath 6534 - 31st December 2012 
  6. Chamil Sampath 6125 - 23rd October 2012
     

2013 වර්ෂය

  1. Givantha I Surakshana 6782 - _ _ _ _ _ _ 2013  
  2. Amila Vithanapathirana 6880 - 31 APR 2013 
  3. Gayathra Madubashana 6733 - 16th March 2013
  4. Prince Nafees Akee 6874 - 31st December 2013
  5. Antonio Trevino (アントニオ トレビノ) 6844 - 21st September 2013 
  6. Sachin Rukshan 6760 - 16th March 2013 
  7. M. Sachin Thashmika 6968 - 31st December 2013 
  8. Sidath Dalanindu 6990 - 31st December 2013
  9. Rashmitha Nipun 6972 - 31st December 2013
     

2014 වර්ෂය

  1. Aravinth Pushparaj 6837 - 21st September 2014



Asanga Prasad 6338 - 18th March 2011
Janith Chanaka 6696 - 13th October 2011
Yasaru Buddhike Peramune 6218 - 9th September 2010
Yashoja Kumarasiri 6041 - 17th December 2009
M.G.K.L.M.Abeyratne 6306 - _ _ _ _ _ _
Sampath Silva 2263 - 16th August 1992
Akila Sakun Ranasinghe 6301 - 21st December 2010
Dinusha Kulasooriya 6568 - 9th February 2012
Dananjaya Jayathilaka 6175 - 17th July 2010
Hiran Hasanga Jayasinghe 6643 - 20th September 2012
P.Tinesh 6133 - 15th June 2010
Ahamed Rimaz 6208 - 9th September 2010
Nelanka Asela Madanayaka 6484 - 6th September 2011
S.Lugendra 6885 - 31st December 2013
D.S.Anushan Munasinghe 6199 - 09th September 2010
Sinthujan Jeganathan 5848 - 11th February 2009
Udaya Rathnayake 5821 - 30th December 2008
Miyuru Yasakalum 5626 - 30th November 2007
Lochana Manikkage 6525 -1st November 2011
Jaliya Sugathadasa 915 - 14th May 1981
Yashoda Devinda 6244 - 02nd november 2010
Thisara Buddhika 7172 - 31st December 2014 (Certificate Not Received)
Randika Praveen Jayasekara 7174 - 31st December 2014 (Certificate Not Received)
P.Thinesh Kutty 6133 - 15th June 2010
Lakmal Hewagamage - 2263 - _ _ _ _ _ _
Zahran Deen - 6878 - _ _ _ _ _ _
Amila Vithanapathirana 6880 - 31st Dec 2013
Tharindu Dhananjaya Amarasena 6909 - 31st December 2013
Kavishka Udayanga 6838 - _ _ _ _ _ _ 2013
Abeesan Sivam 6521 - 30th November 2011
Nichlous Dilan 6726 - 21st December 2012
Lakshitha Chirath 7056 - 2014 April 05
W.P.J.K.P.Pathirana 5508 - _ _ _ _ _ _
Ranaka 6175 - 17 July 2010
Amila Vithanapathirana 6880 - 31st December 2013
Nipun Thathsara 5820 - 30th December 2008
Chatuska Banu Amarasena 6676 - _ _ _ _ _ _ 2012
Hiran Hasanga Jayasinghe 6643 - _ _ _ _ _ _ 2012
Hiranya Athukorala 6515 - 13th October 2011
Mudith Madusanka 5793 - 22nd November 2008
Anushka Fernando 6137 -15th June 2010
Tharindu Kushan 6721/1 - 22nd November 2012
Shona Scout 6628 - 12th June 2012 * 1st President Girl Scout in Sri Lanka
K.A. Sayod Lakshan 7370 - 05th JULY 2015
Viraj Eranga Fernando 3366 - _ _ _ _ _ _ 2007
Sahan Senadheera 6503 - _ _ _ _ _ _ 2011
Nilanga Krishan 7215 - 31th December 2014
Zahran Deen 6878 - 31st December 2013
Nimantha Krishna 7397 - 21st November 2015
M.B.S.Nomin Jayawickrama 7386 - 23rd September 2015
Madushan Nayanapriya 7384 - 03rd September 2015
Don Shashitha Hettiarachchi 5583 - 10th October 2007
Binura Yesith Dharmarathna - 7479 - 3rd June 2016
Darshana Ddt tharanga wijesinghe - 4208 - 30th August 2015
Sachintha Hapuarachchi - 6556 - 28th December 2011
K G A H C Senadheera - 2012 -31st October 1991
Givantha I Surakshana - 6782 - 27th June 2013
Sumith Wijesinghe - 4353 - 11th December 2001
Kasun Sandeep - 6677- 16th November 2012
Tharaka Dasanayaka - 5995 - _ _ _ _ _ _
Suhesha Sumali - 7073 - _ _ _ _ _ _
Emmanuwel de Mendis - 7329 - 5th September 2015
Dilan C. samaraweera - 4898 - 29th January 2006
Janidu Punchiwedikkara 7485- 03rd June 2016 - (Certificate Yet to be Received)
Gayan Kushara Perera - 4512 - 29th January 2006
Chamil Erandaka - 4203 - _ _ _ _ _ _
Suhesha Sumali - 7073 - 12th November 2014 - (Certificate Yet to be Received)
Chethika Dassanyake - 6788- 27th June 2013
Apoorwa Nanayakkara 7579 - 19th August 2016
Rajitha Tennekoon - 6789 - 29th June 2013
P.W.J.A.Pathirana - 6575 - 26th may 2012
Narada Liyanage - 2502 - 1993 June 18
Nimesh Dulanjan - 7583 -18th December 2016
Suthan Kajanthan R 4716 - in 2003
Dhammika Dissanayaka 5988 - _ _ _ _ _ _ 2009
Yasitha Madusanka Wettasinghe - 5554 - ... August 2007 
N.Krishnapiriyan - 4569 24/05/2003 
Sandun Edirisinghe - 7051 - ---------------- 2014 
Isuru Kavinda -7365 - 21st November 2015
Sanath Ranasinghe - 1739 - 24-08-1990
Hasitha Ishan - 7290 - 3rd July 2015
Theekshana Chasindu 7713 - ----------------
Lakmal Gunasekara - 6622-2012 July 12
Asela Janaka - 6869 - 31st December 2013
Sachin Ariyadasa - 6564 - 9th February 2012
Nathalie Fernando 7733 - 25th April 2017
Bodhini Chathurya - 7688 - 2017 June 03
Tharindu Wettewa 4791, 08th July 2005
Suthan Kajanthan R  - 4716 - October 25th 2003
Vihanga Nirman R.M.V.N.Rathnayake - 3586- 02nd March 1999
Sithara Dilantha  - 6124 -26th April 2010 
Rashmitha Nipun ‍- 6972 - 31st December 2013
Kasun Kanchana - 6710 - 2012.11.21
Kasun Udayanga Wijayasekara T. Kasun Udayanga Wijayasekara  - 4482 - 2002.11.29
* Wijayasekara Scout T.C.R Wijayasekara  - Number 212 - Year 1961
M.D.S Lalachandra 6051 22nd December 2009
Bhanuka Manupriya 7745 -year 2017 
Sirimewan Promodaya Bodawatta 7737-2017 
 

Who Is the next...


(* මෙතෙක් බාලදක්ෂයින් විසින් දිනා ඇති ජනාධිපති සම්මාන සංඛ්‍යාව සොයා ගැනීම සදහා සිදුකරන සංගණනයක් බව කාරුණික ව සලකන්න. මෙහි ඇති තොරතුරු SCOUTING සඟරාවේ අවසරයකින් තොරව වෙනත් කිසිදු ස්ථානයක නැවත පල කිරීමෙන් වලකින්න. )
මෙතෙක් ශ්‍රී ලංකාවේදී රජුගේ සම්මානය, රැජන සම්මානය හා ජනාධිපති සම්මානය දිනාගත් බාලදක්ෂ බාලදක් බාලිකා සහ බාලදක්ෂිකාවන්ගේ තොරතුරු පහතින් යාවත්කාලීන කරමින් ඉදිරියට පවත්වාගෙන යනු ලැබේ. මෙය සම්පූර්ණ වාර්තාවක් නොවන අතර එය සැකසීමේ පූර්ණ ගෞර්වය හා ස්තූතිය ස්කවුටිං සඟරාවට හිමිවිය යුතු වේ. 2017.09.03 දිනට තොරතුරු යාවත්කාලීන කර ඇත.
අමතර තොරතුරු
https://sites.google.com/site/atas595/home

Friday, August 11, 2017

Janaprith Mmakes Sri Lanka Proud!

Janaprith Fernando, Attorney-at-law, International Commissioner of Sri Lanka Scout Association was recently sworn is as the Deputy Chief Commissioner. Janaprith is the most decorated Scout leader in Sri Lanka who has been awarded many medals and awards from several Heads of State and National Scout Organizations.

About Janaprith Salinda Fernando

Janaprith was born on the 23rd of September 1967 in Rathmalana, a city situated in the outskirts of Colombo, to Iromie and Aleric Fernando. Janaprith is the fifth out of the six children in his family. He recieved his primary education at S. Thomas' College, Prepratory School and later at S. Thomas' College, Mount Lavinia, two of the most elite schools in the country.At the age of 10 years old Janaprith joined the 39th Colombo Scout Troop at his Alma Mater. Janaprith won his President's Scout Award in 1984 and later became the scout master of the troop.

Scouting Career

Janaprith Fernando began his Scouting Career in 1979 as a Scout at S Thomas’ Prep School, Kollupitiya and qualified for the highest Scout Award, President’s Scout. He is an old boy of S. Thomas’ Preparatory School, Kollupitiya and S. Thomas’ College, Mount Lavinia. At school, he was an all-rounder who excelled in both studies and extra-curricular activities. He has received the Medal for distinguished service 2011 and Scout Service Medal from the Prime Minister of Malaysia 2013, The Green Jade Lion medal from the President of the Republic of Taiwan 2014, Bronze Tamaraw Award from the Vice President of the Republic of Philippines 2014, Association of Top Achiever Scouts Medallion from Regional Director of the WOSM/APR 2010, International Friendship Award 2012 and Medal of Honour awarded by the Korea Scout Association, Medal of Merit in 2010 and Bar to the Medal of Merit in 2013 by the President of Sri Lanka, President’s Scout Award in 1984 and the Wood Badge Award in 1989. After his Scouting days he qualified as a Scout Leader, Assistant District Commissioner and finally as the District Scout Commissioner of the Colombo District. After completing his period as District Commissioner Janaprith was invited to join the National Headquarters as a Special Commissioner and was later appointed International Commissioner. In 2009 Janaprith was appointed as the Chairman of the Management Sub Committee of the Asia Pacific Scout Region.In 2012, Janaprith became the first Sri Lankan to be elected to the Asia Pacific Regional Scout Committee which he serves. Janaprith currently is the Chairman of the Global Support Team of the World Organization of the Scout Movement. He was also the Deputy Chief Commissioner of the Sri Lanka Scout Association in October 2016 and is currently serving in this post. The International Commissioner of Sri Lanka Scout Association, Janaprith Fernando, Attorney-at-Law assumed duties as the newly appointed Deputy Chief Commissioner in 2016, in the presence of the Chief Commissioner Professor Nimal de Silva and a distinguished gathering.

“Green Jade Lion Award” by President of the Republic of China, Taiwan Ma Yin-jeou at the President’s Office in Taipei.

Jamborees Attended

• 3rd National Jamboree in Anuradhapura, Sri Lanka
• 4th National Jamboree in Kurunegala, Sri Lanka
• 5th National Jamboree in Kandy, Sri Lanka
• 6th National Jamboree in Galle, Sri Lanka
• 7th National Jamboree in Nuwara Eliya,Sri Lanka
• 8th National Jamboree in Hambantota, Sri Lanka
• 29th APR & Sri Lanka Centenary Jamboree in Dambulla, Sri Lanka
• 7th Australian Venture, 1984/85 Perth Australia.
• Becourse Jamboree in France,
• U S National Jamboree in West Virginia,
• 19th World Jamboree in Holland,
• 21st World Jamboree in UK
• Head of Contingent - 22nd World Scout Jamboree in Sweden 2011
• Kent International Jamboree UK,
• New Zealand Jamboree in Wellington
• 26th APR Jamboree in Philippines
• 29th APR Jamboree in Sri Lanka

Social Worker

He is also a keen social worker and a past President of Leo Club of Wellawatta West. There he organized many projects, including massive health camps, treating around 3000 patients in new settlements in the Mahaweli Areas in 1984 and 1985, trade and fun fairs, beach carnivals and has won the 100% President’s Award from the Lions Clubs International.


Professional and Legal Career

Janaprith Fernando, attorney-at-law won a closely contested election, with a convincing majority, to be appointed Colombo Law Society President. Returning Officer Colombo District Judge Sisira Ratnayake declared Fernando as President of the Colombo Law Society for 2008/2009. He has been practicing as an attorney for the past 16 years and has served in the Committee of the Law Society during this entire period. He has been a former Assistant Treasurer, Assistant Secretary, Treasurer, Secretary and Vice President of the Law Society. He has organized and chaired many projects for the Law Society, as well as the Bar Association of Sri Lanka, and has served in the capacity of Assistant Secretary of the BASL and Chairman of many Standing Committees. An active member of the Colombo Law Society and Bar Association of Sri Lanka and Past Treasurer, Secretary, Vice President and President 2008/09 and 2009/10 of the Colombo Law Society, Past Assistant Secretary, Vice President of the Bar Association of Sri Lanka, conferred as Member Honoris Causa of Colombo Law Society in 2016. He has been an Assistant Secretary of the Organization of Professional Associations (OPA). He has attended many conferences and forums in many countries and represented Sri Lanka. In his inaugural address to the members he said that he will do his best for the benefit of the membership and promised to lead the society as its captain and get the co-operation of all the members to achieve the objectives of the Law Society.

Workshops and Seminars attended

  • APR Top Leaders Summit in Philippines
  • World Scout APR Regional Conferences Japan & Malaysia
  • Delegate World Scout Conference in Korea
  • Strategic Planning Workshops in Sri Lanka
  • Resource Person -Basic Management Course in Bangladesh,
  • Sub Regional Risk Management Workshop in Bangladesh
  • Scout Environmental Forum Japan
  • Resource Person Ticket to Life Workshops in Bangladesh and Sri Lanka
  • Advisor of the Effective Communication Workshop in Sri Lanka
  • Member of CNV Team Sri Lanka and Malaysia
  • Ocular Visits for 24th APR Conference in Dhaka in 2010 and 2012.
  • 2nd World Scout Parliamentary Union General Assembly in Korea October 2010
  • As Chairman of Management Sub Committee:- Hosted the Sub-Committee in
  • Sri Lanka in January 2010 and Sub Committee Meeting
  • Attended Regional Scout committe Meeting held in Feb 2010 in Singapore and
  • Centenary Celebrations
  • Regional Top Leaders Summit June 2010 Bangalore India
  • Regional Scout Committee Meeting in Seoul, Korea in October 2010
  • Management Sub-Committee Meeting in Taipei, Taiwan April 2011
  • and Centenary Celebrations of Scouts of China
  • Regional Committee Meeting in April 2011 Manila, Philippines
  • Regional Scout Committee Meeting April 2011 Manila, Philippines
  • Regional Scout Committee Meeting in Thailand October 2011
  • Sub Committee Meeting in Thailand October 2011
  • Sub Committee Meeting in Dambulla, Sri Lanka April 2012
  • Regional Scout Committee Meeting April 2012 Dhaka, Bangladesh
  • Regional Management Meeting in APR Office Makati City, August 2010,
  • August 2011 and June 2012
Awarded the Certificate of Competence on being the first in Asia Pacific Region of WOSM to Qualify as an Internal Quality Auditor

 Iconic Star

Attorney at law Janaprith Fernando Chairman, Global Support Core Group of the World Organization of the Scout Movement (WOSM), Member Asia Pacific Regional Scout Committee and International Commissioner of Sri Lanka Scouts has been awarded the Certificate of Competence on being the first in Asia Pacific Region of WOSM to qualify as an Internal Quality Auditor. The certificate was issued upon the successful completion of the training by Society General the Surveillance (SGS) of Switzerland, RJ Governance Systems and International Standardization and Accreditation Services. 

Janaprith Fernando, a practicing attorney-at-law, is the first in the Asia Pacific Region to receive accreditation. The region has a membership of 30 million and to qualify in this capacity is an honour to Sri Lanka. He also said that he is aware of the hardships faced by both the practitioners and the litigants and that he will do everything to find the necessary solutions in order that the public will have more confidence in the judicial system of our country and the lawyers at large. Sri Lanka Scout Association celebrates its 105th year. So far no Sri Lankan has contested for the World Scout Committee. Therefore this time SLSA has decided to send a Contestant as a World Scout Committee Candidate. He is none other than attorney at law Mr. Janaprith Fernando, Deputy Chief Commissioner and WOSM Asia Pacific Regional Committee Member. During his 36 years of scouting, he has been awarded several medals and awards by Heads of States and has always worked towards flying the Sri Lanka Flag High! We always knew you are different from others. Your achievement is truly commendable so keep up the good work. It is a success, you truly deserved. It is an achievement you have truly earned. SCOUTING MAGAZINE congratulate you on your success and wish you all the Best for your future. Happy Hunting Sir!

 

He is in Every Ware

Google+
WikiFb
LinkedIn
WAYN

 

Sunday, August 6, 2017

බාලදක්ෂ ගැට ලනුව (දෙවන කොටස)

කොහු ලණු කර්මාන්තය

ශ්‍රී ලංකාවේ කොහු ලණු කර්මාන්තයට සංස්කෘතියට මෙන්ම ඈත ඉතිහාසයක් ඇතැයි අනුමාන කලහැකි මුත් ඒ ආශ්‍රිතව කල අධ්‍යයනයක් හෝ පුරාවිද්‍යාත්මක සාක්ෂි පිලිබද ප්‍රමාණවත් වාර්තා හමු නොවේ. වාරි ශීෂ්ඨාචාරයට වඩා නාවික ශිෂ්ඨාචාරය බලාත්මක වීමත් සමග සමුදුරු තරණයේදී ලණු හා කඹ ආශ්‍රිත නිෂ්පාදන වල දියුණුවක් ඇතිවීම ස්වාභාවික වේ.

ආරාබිවරු වෙළදාම් පිණිස ලංකාව සමගත් සම්බන්ධකම් පැවැත්වූ අවධියෙහි සිට කුලු බඩු, එනසහල්, කරාබුනැටි, කුරුදු, වැනිලා, සාදික්කා, හන්දුන් ගම්මිරිස් වනාහි රසකාරක හා මුතු මැණික්, ඇත් දළ රතු කැට ආදිය ගෙනගියා මෙන් ම මීගමු තොටුපොළේ නවතා තිබූ තම රුවල් නැව් වාරකන් කාලයේ දී අලුත්වැඩියා කිරීම ද කර්මාන්තයක් ලෙස සිදුකලහ. ඔරු, පාරු, තෙප්පම්, නැව් සෑදීමට ද නැව් තැනිමේ තාක්ෂණය හා අලුත් වැඩියා කිරීමේන් දක්ෂ අරාබි මුස්ලිම්වරු විශාල කම්හළක් ඉදිකළහ. ඉන්දියාවේ කොච්චි ප්‍රදේයේ ද දකුණු ඉන්දියා වෙළඳ සමාගම ඇතුලු නොයෙක් මුහුහු බඩ ප්‍රදේශවල ජනාවාස ඉදිකරමින් මලයාලි මුස්ලිම්වරු පමණ නොව දකුණු ඉන්දියානු මුස්ලිම්වරු සමග දමිළ පිරිස් ද මෙරටට සංක්‍රමණය වූහ. ලංකාව පුරා විසිරී ඇති ගං තීරයේ, මෝය කට ප්‍රදේශවල හා කලපුව අසල වාඩි තනා ගනිමින් මස් මාංශ  වර්ග දිගුකල් තබා ගැනිමට හැකි විධියේ පදම් කර තබාගන්න මේ රට කුලුබඩු, රසකාරක ප්‍රයොජනයට ගන්නා සැටි මෙරට මිනිසුන්ට ද කියා දෙනු ලැබීය.  

DSC_0054DSC_0063
DSC_0077
DSC_0086
DSC_0052
DSC_0090
























ඔරු පාරු සෑදීම් වැනි කර්මාන්තයට අවශ්‍ය ලෑලි, කදන් ගස්, රට අභ්‍යන්තර ප්‍රදේශයන් ගෙන්වා ගත්හ. මෙම ගස්, කදන් ලෑලි ද වෙළද භාණ්ඩද හුවමාරු කළ අතර ඇල, ගංගා දී දිය මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරනු ලැබීය. ඔරු, පාරු, තෙප්පම්, නැව්, සෑදීමේදී ඇණ ගැසීමට වඩා සවිකිරිම සදහා කොහු ලණු උචිත බවත් ලුණු වතුරට ගස් කදන් ලෑලි පෙගී මහත්වනවිටත් ඔරුත්තු දිය හැකි වන්නේ කොහු ලණුවලට බවත් මුස්ලිම් වෙළදුන් හොදින්  හැටි දැන සිටියහ. ගංගා මුහුදට මුසුවන මෝය හා කලපු ප්‍රදේශ වල ඉතා සාරවත් පොල් ගස් තිබිණ. මෙහි පොල් කදන් ඉරිම, කොහු ලණු සැදිම, ලෑලි ඉරිම  වැනි නිෂ්පාදන කර්මාන්ත ලෙස ව්‍යාප්ත වූයේය. මෙම කර්මාන්තය ආශ්‍රිතව නිෂ්පාදනය වන  නිපැයුම් ලෙස වර්තමානය දක්වාම සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තයක් ලෙස ලණු, කඹ, කොසු, ඉදල්, පාපිසි, බුමුතුරුණු නිෂ්පාදනය කිරීම මුන්දලම, මදුරන්කුලිය, කරිකට්ටිය ප්‍රදේශ වල වර්තමානය දක්වාම සිදු කෙරේ. එසේම පනාමුරේ අලිගාල් තැනීමටත් අලි බැඳීමටත් විශේෂයෙන් ම අඹරන ලද තේඩා හා කඹ විශේෂයක්‌ පනාමුරේ නින්දගම් වැසියන් විසින්සැපයූ බව ඉතිහාසයෙහි වාර්තා වේ. මේ කඹ හා ලණු ඇඹරීම සඳහා ඔවුන්ට ගාස්‌තුවක්‌ ගෙවිය යුතු නොවන බවත් ඒ මෙහෙය කරනු ලබන්නේ නින්දගම් සතු ඉඩම් භුක්‌ති විඳිම සඳහා නින්දගම් හිමියන්ට ගෙවිය යුතු බද්ද වශයෙන් කෙරෙන රාජකාරියක් වී ඇත.

ලණු හා කඹ

පොදුවේ කොහු ලණු කැ‍රැල්ලි, තේඩා, සහ කඹ භාවිතයේදී ගැට යෙදීමකින් තොරව ඉන් ප්‍රයෝජනයක් ගැනීම අපහසුය. ලංකාවේ එලෙස හමුවන ලණු හා කඹ වර්ග කීපයක් වේ.


ලණු වර්ග
· මහත ලණු
· ‍නොම්මර 04 ලණු
· ‍නොම්මර 03 ලණු
· ‍නොම්මර 02 ලණු
· විශේෂ ලණු
· 3 B ලණු
· 1 B ලණු
· ටුවයින් ලණු
· හණ ලණු
 කඹ වර්ග
· මහත කඹ
· තේඩා කඹ

ලෝකයේ දක්නට ලැබෙන ප්‍රමිතියෙන් උසස් කඹ හා ලනු වර්ග මෙරට නිෂ්පාදනය නොවූව ද බාලදක්ෂ කදවුරු හා  එදිනෙදා ප්‍රයෝජනයට ගැනීම සදහා වෙළද පොළෙහි අලෙවි වන ලණු කැරළි, තේඩා හා කඹ පුරෝගාමී ව්‍යාපෘති සදහා යොදා ගත හැකි වේ. මීට අමතරව මිලෙන් අධික නැව් කඹ හා විදෙස් වලින් ආනයනික විදේස් කඹ වර්ග ද ඇතැම් බාලදක්ෂ කණ්ඩායම් විසින් පරිහරණය කරනු දැකිය හැකිවේ.
    Related image
  • මැනිලා ලණු (Manila Rope)
  • සිසල් ලණු (Sisal Rope)
  • ජූට් ලණු (Jute Rope)
  • කපු ලණු (Cotton Rope)
  • නයිලොන් ලණු (Nylon Rope)
  • පොලිප්‍රොප්ලයින් (Polypropylene)
  • පැරෂුටි ලණු (Parachute Cord)
  • කෙව්ලර් ලණු (Kevlar™ Rope)
  • බන්ගි ඉලාස්ටික් ලණු (Bungee Shock Cord)
  • කොම්බෝ ලණු (3 Strand Combo)
  • කාගෝ දැල් ලණු (Rope Cargo Net)
  • බ්‍රේයිඩඩ් ලණු (Braided Ropes)
  • කදුනගින ලණු (Climbing Ropes)
  • කූඩාරම් ලණු (Guyline Cord)
  • බේලින් ට්වයින් (Baling Twine)
  • ටෝ සට්‍රැප් (Tow Strap)
  
ලෝකයේ විවිධ තාක්ෂණයන් හා දියුණු කරනු ලැබූ කඹ වර්ග බොහෝ තිබුණද අධික මිලෙන් හා භාවිතය අපහසුවීම හේතුවෙන් බාලදක්ෂ ඔබට භාවිතයට ලැබෙනුයේ සාමාන්‍ය වෙළද පොලෙහි අලෙවිවන ලණු හෝ කඹයි. මෙම ලණු අඹරණු ලබන ක්‍රමවේදය අනුව S හා Z ලෙස ලණු වර්ග දෙකකට අයත් වේ. එසේම කෘත්‍රිම ලණු නිෂ්පාදනය කරනු ලබන Parallel Yarn, Parallel Strand, Stranded (Wire Rope Construction), Plaited & Braided සැකැස්ම අනුව එහි ශක්තිය වඩාත් කාරයක්ෂම කර ගනු ලැබේ. ලණුවෙහි ඇති ඇදීමේ බලය (Tensile Strengths) හා භාරය දරාගැනීමේ ශක්තිය (Working load) එහි ඇඹරුම් ක්‍රමවේදය හෝ නිර්මාණාත්මක ව්‍යූහය මත රඳාපවතිනු ලැබේ.

 

 

 




ඔබ භාවිත කරන ලණු හෝ කඹ වරක් හොදින් පරීක්ෂා කිරීමෙන් තොරව වැඩි භාරයක් ගැනීම සදහා යොදා ගත නොයුතු බව සිහිතබා ගතයුතු වේ. කාලයත් සමග දිරාපත් වී යන ඇතැම් විශාල ලණු දැවැන්ත පුරෝගාමී කටයුතුවල දී නැවත නැවත භාවිතා කිරීමේ දී වඩාත් සැලකිලිමත් විය යුතුම වේ.

බාලදක්ෂ ගැට

සාමාන්‍යයෙන් හමුවන සෑම ගැටයක් ම ශ්‍රී ලාංකිකයන් උදාහරණයක් ලෙස පිරිමි ගැටය, රුවල් ගැටය, කොස් පට්ටා ගැටය, කඹ කොට කිරීමේ ගැටය, වටයක් පැටලැවු වළලු දෙකේ ගැටය, ගිනි නිවන්නාගේ පුටු ගැටය, ජිවිතාරක්ෂක ගැටය, තණ්ඩෙල් ගැටය, නොලිස්සන තොන්ඩු දෙකේ ගැටය, කඳන් ගැටය,මං පහරන්නාගේ ගැටය යනාදී ලෙස සියලුම ගැට කුලකයට යොදා ඇතත් විද්‍යානුකූල ව ගත්විට ගැට පවුලේ විවිධ කුල දක්නට ලැබේ.



ගැටවල යොදා ඇති ඉංග්‍රිසි නාමය අනුව Knot, Hitch, Loop, Splice, Bend ලෙස විවිධ වේ. මේ සඳහා සුදුසු සිංහල නම් පැහැදිලි ව නොමැති බැවින් ඒ සඳහා නාමයන් යෝජනා කිරීමට කාලය එලැබ තිබේ. මීට අමතර ව හතරැස් බැම්ම, කතිර බැම්ම, කතුරු බැම්ම හා ලනු අග වෙලීම් යනාදී ලෙස තවත් විශේෂයක් ද හමුවේ. ඒ ඒ පදක්කම් ප්‍රදානයන් හා බාලදක්ෂයා විසින් ලබන කදවුරු අත්දැකීම් අනුව ඒ ඒ ගැට හා බැමි සම්බන්ද දැනුම දියුණු කරගැනීමේ අවස්ථාව තිබේ.

ප්‍රයෝජනවත් බාලදක්ෂ ගැට

Friday, August 4, 2017

බාලදක්ෂ ගැට ලනුව (පළමු කොටස)

ගැට හරඹ

සාමාන්‍ය ව්‍යවහාරයේදී නාවිකයන්ට අමතරව එදිනෙදා ජීවිතයේදී සීමිත ලනු බාවිතයක් ඇති මෙරට ජනජීවිත තුළ ගැට භාවිතය පිළිබඳ ඇත්තේ අල්ප දැනුමකි. ඒ ඒ වෘත්තිකයන්ට සාපේක්ෂව විශේෂී වූ ගැට වර්ග භාවිත කරනු ලැබූව ද ඒ සම්බන්ධයෙන් ලියැවුණු පත පොත හෝ වෙනත් තොරතුරු සොයා ගැනීමට නොමැති තරම් වේ. දුම්බර රටා වියන්නන්, පුටුවියන්නන්, මැක්‍රම් ගොතන්නන්, බීරළු ගොතන්නන්, කොසු ඉදල් සකසන්නන්, පාපිසි ගොතන්නන්, මැහුම් කරුවන්, ගස් අදින්නන්, රා මදින්නන්, පලංචිකරුවන්, ධීවරයන් හැරෙන්නට වෙසක් සමයෙහි කූඩු තනන්නට හා සරුංගල් සමයෙහි සරුංගල් නිර්මාණ කරුවන් අතර ද බාවිත වන සීමිත ගැට ප්‍රමාණය හැරෙන්නට ප්‍රාෙයා්ගිකව වැඩිම ගැට භාවිතයට ගන්නා ප්‍රජාව වනුයේ බාලදක්ෂයන් වේ. ඔවුහු කඳවුරු පුරෝගාමී ක්‍රියාවන් වෙනුවෙන් විවිධාකාරයේ ගැට පිළිබඳ මනා නිපුණත්වයක් හා අවබෝධයක් ඇති පිරිසක් ලෙස දැක්විය හැකි වේ.

පරම්පරිකව පැවත එන දේශීය වෙදකම මූලික කරගත් කටපාඩමින් රැකගෙන ආ රහස් වට්ටෝරු නොවැදගත් කෙනෙකු අතට පත් නොවන සේ ආරක්ෂා කිරීමට අතීත ගැමියා විසින් වෙදගැට යොදාගෙන තිබේ. දහම් ගැට පද හෙවත් ධර්මය ව්‍යංගයෙන් ඉදිරිපත් කිරීම සඳහා දහං ගැට හෙවත් දහම් ගැට පද නිර්මාණය වී ඇත. "විෂඝෝර සර්පයා - දැක නෑරු මෝඩයා" යනු දහම් ගැටයකි. (ඒකේ තේරුම තණ්හාව නැති කර ගැනීමට පෘථ:ජනයින් උත්සුක විය යුතුය යනුයි.) නිසි ලෙස ලිහා ගැනීමෙන් තොරව මෙම ගැට කිසිවක් ප්‍රයෝජනයට ගත නොහැකියි. හෙල බොදු සංස්කෘතියේ සහ සාහිත්‍යයේ දියුණුව මෙන්ම මොනවට අවබෝධ කල හැකි නිර්මාණාත්මක නෛපූන්‍යය මෙහි ඇති සුවිශේෂත්වයකි. ගැට හරඹය වූ කලී රිටිගල අංගම් පරම්පරාවේ දැකිය හැකි සුවිශේෂී කලාවකි. කුඹලා ගැටය, මහතැන්නේ ගැටය, තුත්තිරි ගැටය, වියමන් ගැටය ලෙස මෙවැනි ගැට වර්ග කීපයක් වේ. මූලික වශයෙන් ගැට හරඹයේ දී ප්‍රතිවාදියාගේ පහර වළක්වමින් හෝ මඟහැර ප්‍රතිවාදියාගේ හිස, දෑත හා දෙපා අඩපණ කර මෙල්ල කිරීම සිදුකෙරේ. දුම්බර රටා කපු කර්මාන්තයේ මෝස්තර අතර කින්නර දඟය, තනිපොට ලණුව, දෙපොට ලණුව, තුන්පොට රටාව, අවුල් හැරය ආදී සාම්ප‍්‍රදායික රටා හැරෙන්නට දේශීයව පැවති ලනු භාවිතයෙන් යෙදූ ගැට සම්බන්ධයෙන් ඇති තොරතුරු වනුයේ සිතුවම් හා කැටයම් තුළ දක්නට ලැබෙන රිද්මයානුකූල ලියවැල් රටා, බොරදම් අලංකාරයන් පමණකි. එසේම පොළොන්නරු පරාක්‍රමබාහු රජුගේ ප්‍රතිමාවෙහි ඇති වස්ත්‍රයට යෙදූ ගැටය, සිංහල සැරසිලි කලාවට අයත් ඇම්බැක්ක දේවාලයේ ඇති කැටයම් අතර ඇති විවිධාකාර ජ්‍යාමිතික ලනු දග, ප්‍රධාන කැටයම් වටා ඇති කුඩා රාමුව අලංකාර කිරීම ලණු දඟරය ආදී සම්බන්ධයෙන් අධ්‍යයනයක් මෙතෙක් සිදු වී නොමැත.

ගැට ලනුව

බාලදක්‍ෂයකු ගැට වර්ග පුහුණුවීමේ දී ඒ සඳහා කොඩ් ලනුවක් යොදාගනු ලැබේ. නවක බාලදක්ෂයා තමාගේ ගැට ලනුව නිර්න්තරයෙන් ම ගැට හුරුවීම සදහා රැගෙන යනු ලැබේ. ඒ ඒ පදක්කම් හා ප්‍රදානයන්ට අනුව විවිධ වූ ගැට වර්ග විශය නිර්දේශයට ඇතුලත් කර ඇත. 

Related image 

ලනුවක ක්‍රියාකාරී අන්තය, අපර අන්තය, නැම්ම, උඩු අත් තොණ්ඩුව, යටි අත් තොණ්ඩුව ආදී ස්වරූප පිළිබඳ දැනුමක් පෝතක බාලදක්ෂ අවධියේදී ලබාගතයුතු ම වේ. අනතුරුව ගැටලනුවෙහි ආරක්ෂාව වෙනුවෙන් සිදු කලයුතු ලණුවක් අඟ වෘතාකාරව වේලීමට ඉගනගැනීම (සරළ ලණු අග වෙලීම - Common Whipping) හා ගැටලනුව ඔතා Heaving Line Knot හෝ Monkeys Fist Knot යොදා ආරක්ෂිතව තබා ගැනීම ගැන ඉගෙන ගතයුතුය.එහි වැඩි දියුණු කල නවික ලනු අගවෙලීම Sailor's Whipping ද භාවිතයේදී වඩාත් කාර්යක්ෂම ක්‍රමයක් ලෙස හදුන්වා දිය හැකිය.
  •  ලණු අග වෙලීම Common Whipping



     
  • ගැටලනුව එතීම Heaving Line Knot / Monkeys Fist Knot

Image result for Monkeys Fist Knot  animated knot

අනතුරුව ලනුවකින් යෙදිය හැකි මූලික ගැට සම්බන්ධ දැනුම ලබාගත හැකිය. උඩු අත් ගැටය Overhand Knot හා අට ගැටය Figure-Eight Knot මෙහිදී මූලික පෙරහුරු ගැට ලෙස හදුන්වා දිය හැකිය.

 

පසුව අනෙකුත් ගැට ප්‍රායෝගික අභ්‍යාසන්ගෙන් ඉගෙන ගත හැකිය. මෙම ලිපිය යාවත්කාලීන කලයුතු තොරතුරු තිබේ නම් කියන්න... වැඩි තොරතුරු ඉදිරි ලිපියකින්..


ආශ්‍රිත ග්‍රන්ථ හා තොරතුරු මූලාශ්‍ර

1. කුමාරස්‌වාමි ආනන්ද කේ. මධ්‍යකාලීන සිංහල කලා
2. ගුරුගේ ආනන්ද ඩබ්. පී. දඹදිව බෞද්ධ කලා.

3. ඥණසීහ හිමි, හේන්පිටගෙදර කලාව කුමක්‌ නිසාද
4. සෙනවිරත්න අනුරාධ, සංස්‌කෘතිය හා කලා ශිල්ප  

5. ජයවර්ධන සී.ආර්. අපේ කලා ශිල්ප හා සාහිත්‍ය
6. http://www.ajhw.co.uk/books/book65/book65.html

Wednesday, August 2, 2017

බාලදක්ෂ ගැට පාඩම - කොස්පට්ටා ගැටය

 Image result for Clove hitch
දේශීය නාමය : කොස්පට්ටා ගැටය
වෙනත් නම් : පැණිමුල් ගැටය, කොස්පොත්තා ගැටය
මුල් නාමය : Clove hitch, Ballestrinque (in Spanish)
ප්‍රභේධය : (Hitch)
කාර්යක්ෂමතාවය : 48%-60%
ඉතිහාසය : ඉතා ඈත අතීතයේ සිට භාවිතයට ගන්නට ඇතැයි විස්වාස කෙරෙන සරල ගැටයක් ලෙස ද සලකනු ලබන මෙම ගැටය බාලදක්ෂයන්ගේ මූලික ගැටයක් ලෙසෙ හදුන්වනු ලැබේ.
 
 
Image result for Clove hitch 
Image result for Greater Clove Hitch
 
භාවිතය : කඹයක් තදින් ලීයකට තදින් බැඳ ගැනීමට හෝ සිටවූ ලී දඩුවක ශක්තිමත්ව රඳවා ගැනීමට මෙම ගැටය ක්ෂණිකව යෙදීය හැකි පහසුම ආකාරයේ ගැටයකි. ලණුවක ක්‍රියාකාරී අන්තය තම අත ඇති අවස්ථාවක ක්ෂණිකව හා පහසුවෙන් පලමු ක්‍රමය යෙදීමටත් ක්‍රියාකාරී අන්තය නොමැති අවස්ථාවක දෙවන ක්‍රමය යොදන ආකාරයත් පහත දක්වා ඇත.
පලමු ක්‍රමය
දෙවන ක්‍රමය
Image result for Clove hitch
තෙවන ක්‍රමය
ප්‍රයෝජන : ලණුවක් ශක්තිමත්ව යම් ස්ථානයකට බැඳ රඳවා ගැනීමට අවශ්‍ය වූ විට හතරැස් බැම්ම, කතුරු බැම්ම, රවුම් බැම්ම ආදී බැමිවල ආරම්භක හා අවසන් කිරිමේ ගැටය ලෙස ද කතුරු හා  බැම්ම අවසන් කිරීමේදී ද මෙම ගැටය යොදනු ලැබේ. දෙපසට අදින විට හොඳින් තදවන මෙම ගැටය එක් පසකින් පමණක් අැදීමේදී ගැටය බුරුල්වීම සිදු වේ. ගැට පිළිබඳ අවබෝධයක් නොමැති ව මෙවැනි ගැට යෙදීමෙන් අවශය ප්‍රයෝජනය ලබාගත නොහැකි වේ. නාවුක බෝට්ටුවක් තොටුපලට ඇද තාවකාලිකව තදකර තබා ගැනීමට ද මෙමගින් හැකිය. දෙපසට ඇදී පවතින තාක් ගැටයෙහි කාර්යක්ෂමතාව පවතින අතර එක්පසෙකින් යොදන භාරය වැඩි වූ විට එදෙසින් ගැටය ලිහීයාම සිදුවේ.

Related image

ගැටය යොදන ආකාරය :

Related image

Image result for Double clove hitch knot
Related image






වෙනත් ස්වරූප : වැඩි භාරයක් දැරීමට හා වැඩි කාර්යක්ෂමතාවයක් ලබාගැනීම සඳහා දෙපට කොස්පට්ටා ගැටය යොදනු ලැබේ.

Mid Rope Clove Hitch



මං පහරන්නාගේ කොස්පට්ටා ගැටය (Loop with Clove Hitch)


Boy Scout Knots-clove-hitch-improved-2014.jpg

දෙපට කොස්පට්ටා ගැටය (Double Clove Hitch / Rolling Hitch?)
Image result for Double clove hitch knot 
Rolling HitchImage result for Rolling Hitch 









 Greater Clove Hitch
Image result for double Clove hitch
Cleat Hitch
Image result for Cleat Hitch


වැඩි විස්තර :
List of bend knots / List of knots / List of knots
Category:Knots
Karash double loop
Eye splice