‘2009 වසරේ ආසියා පැසිපික් කලාපයේ විශිෂ්ටතම බාලදක්ෂයා’ සම්මානය චතුර මාතර ආරච්චි විසින් දිනාගත් වගයි.

අනූ අට වසරක ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා බාල දක්ෂ ව්‍යාපාරයේ මෙන්ම 97 වසරක
ඉතිහාසයකට උරුමකම් කියන පළමු වැනි මහනුවර ධර්මරාජ බාල දක්ෂ සමූහයේ එතෙක් මෙතෙක්
බිහි වූ විශිෂ්ටතමයා ලෙසට ආසියා පැසිපික් කලාපයේ බාල දක්ෂ කමිටුවේ සභාපති එරික්
ක්හු මහතා අතින් ඔහු එම අද්විතීය සම්මානය , එනම් ‘ආසියා පැසිපික් කලාපයේ විශිෂ්ටතම
බාල දක්ෂයා’ සම්මානය පසුගියදා මැලේසියාවේ, ක්වාලාලාම්පූර් නුවර පැවැති 23වැනි
ආසියා පැසිපික් බාල දක්ෂ සම්මේලනයේ දී ලබා ගත්තේ ය.
ආසියානු කලාපයේ රටවල් 28ක
තරගකරුවන්ගෙන් අවසාන වටයේ දී , ඕස්ට්‍රේලියාව , ජපානය , මැලේසියාව හා බංග්ලාදේශය
නියෝජන කළ බාල දක්ෂයින් පරදවා චතුර දේශප්‍රිය මේ ජයග්‍රහණය ලබා ගත්තේ තමන්ගේ සහජ
හැකියාවන් ඔස්සේ බාල දක්ෂ ක්‍රියාකාරකම් ඔප මට්ටම් කරගත් බැව් ලොවට කියා පාමින්ය.
එහි දී ඔහු හයවැනි ආසියා පැසිපික් තරුණ වැඩමුළුවටද ශ්‍රී ලංකාව නියෝජනය කරමින්
සහභාගිවිය.

බාල දක්ෂයකුට ලබා ගත හැකි ඉහළම සම්මානය වන ‘ජනාධිපති ප්‍රදානය’ 2007 වසරේ දී
දිනාගත් චතුර සමුනයේ මෙන්ම කාණ්ඩ නායක සමුළුවේදී ලේකම්ධූරයට තේරී පත් විණි. 2008
වසරේ දී විශිෂ්ටතම ජ්‍යෙෂ්ඨ බාල දක්ෂයා සම්මානයෙන් පිදුම් ලැබීය.

වයස අවුරුදු 12 , 14 ක් හා 17 න් පහල විද්‍යාලයීය බැඩ්මින්ටන් කණ්ඩායම් නියෝජනය කළ
චතුර මලල ක්‍රීඩකයෙකු ලෙසද දක්ෂතා දක්වා ඇත. ප්‍රාථමික අංශයේ තූර්යවාදක කණ්ඩායමේ
නායකයාද වු මොහු වයස 13 , 14 , හා 15 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ද සාමාජිකයෙක් විය.
2008 දී දකුණු ආසියා ආරාධිත උසස් පාසල් වැඩසටහන ජපානයේ
පැවැති අවස්ථාවේ දී ඊට ද සහභාගි වී අගනා අත්දැකීම් රාශියක් ලබා ගත්තේ ය. විද්‍යාලයේ
ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායකයෙකු වූ මොහු 2004 වසරේ කණිෂ්ඨ අංශයේ ප්‍රධාන ශිෂ්‍ය
නායකයා ද වූ අතර 2008 – 2009 වසරවල විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍ය
නායකයාද විය.
විශේෂ ස්තූතිය
http://archives.dinamina.lk/2009/12/12/
No comments:
Post a Comment